(විමුක්ති එස් රුද්‍රිගු)
එක් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගනිමින් ශ්‍රී ලංකාවේ මාසයක් ජීවත් වීම සඳහා ඉකුත් ජූනි මසදී අවම රුපියල් 12444 ක මුදලක් ප්‍රමාණවත් වූ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා පෙන්වා දෙයි.
දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ ඉකුත් ජූනි මස මූලික අවශ්‍යතා සපුරා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ මාසයක් ජීවත් වීම සඳහා අවම රුපියල් 13421 ක මුදලක් අවශ්‍ය වූ බවත් එය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කයක මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත්වීම සඳහා අවශ්‍ය වැඩිම මුදල බවත් එම වාර්තාවේ සඳහන් වේ.
ඉකුත් ජූනි මස මොණරාගල දිස්ත්‍රික්කයේ මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත් වීම සඳහා රුපියල් 11899 ක මුදලක් අවශ්‍ය වූ බවත් එය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කයක මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත් වීමට අවශ්‍ය වූ අඩුම මුදල බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන ගණන් මිමි කාලද? නැතිනම් ලෙවකාලද?
නොමැරී ජීවත් වෙන්නද?
ආර්ථික ඔස්තාර් කෙනෙක් කිව්වේ මසකට පවුලකට රුපියල් 2500ක් ඇතියි කියලා. පහුගිය කාලේ දිවිසැරිය ගැට ගහගන්න වින්ද දුක කියන්න වචන මදි...
බන්දුල ගුණවර්ධන වෙන්න ඇති මේ ලැයිස්තුව හදන්න ඇත්තේ...!
ශුවර් එකටම බන්දුල මහත්තයාගේ ගෝලයෙක් ඕක හාලා තියෙන්නේ... එහෙම වුණත් පස් දෙනෙක් ඉන්න පවුලකට 62200ක් ඕනේ... සාමාන්‍ය රජයේ සේවකයෙකුට අතට ලැබෙන්නේ 30000 ක් - 40000 ක් වගේ ගාණක්... ඉතුරු 20000 කොහෙන්ද හොයාගන්නේ?
ගම්වල ජනතාවට කඩෙන් ගන්න ඕනෑ ලුණු විතරයි. අනෙක් සේරම තමන් හදාගන්නවනේ... දර ලිපේ උයන්නේ... නගරබද ජනතාව තමයි හැමකෙනාම සල්ලි වලට ගන්නේ...! තමන්ගේ ගෙවත්තේ හැකි පමණින් වගා කරගත්තු නාගරික ජනයා දිනුම්...!
ඕක හදපු අය නිවන් දකින්න ඕනෑ. ඕනෑනම් මේ රටේ මිනිස්සුන්ගේ වාසනාවට තමයි උත්පත්තිය ලබලා තියෙන්නේ මේ ආසිරි ලන්තයේ...!
මේ වාර්තාව හදපු එවුන් ලංකාවේ ජීවත් වෙන මනුෂ්‍ය කොට්ඨාශයක් නම් වෙන්න බෑ.
මේ කියන්නේ ලංකාවෙ 1950 අවුරුද්දෙ ජීවත්වෙන අයගැන වෙන්න ඇති.
එහෙනම් ඒ ගාන මැති ඇමැතිවරුන්ගේ පඩිය විදියට ගෙව්වා නම් ඇති...
සංඛ්‍යා ලේඛන නිලධාරින් මෙම වාර්තාව සත්‍ය ලෙසට හදන්නේ ජනවාරි මාසයේ පමණයි. කච්චේරි තිබුණු කාලයේ මමත් කච්චේරියේ වැඩකළා.. සංඛ්‍යා ලේඛන පිරිසට අදාල ගෙවීම් කලේ අපේ අංශයෙන්... ඉතින් අපි විස්තර අහනවා. ඔවුන් ඒ කාලයේ කලේ සෑම මාසෙකම ක්ෂේත්‍රයේ නොගොස් පෙර මාසයේ සංඛ්‍යාවට සුලුම වෙනසක් කර අදාල මාසයේ වාර්තාව සැකසීමයි. දැනුත් එහෙම හදපු බව හොඳින්ම පේනවා. කොහොම හැදුවත් ධන රින කියපු ගණනට ගතවූ කාලයට සාපේක්ෂව හදලා කියන්න පුළුවන්...
බන්දුල මහත්තයාගේ උපදෙස් මත සෑදු වාර්තාවක් ලෙසයි පේන්නේ. මේ සංඛ්‍යා හැදුණේ කෙසේද කියා දක්වන්න. එවිට මෙහි ඇත්ත නැත්ත ජනතාවට අවබෝධ කරගත හැකියි.
ඇත්තටම මේ ගණන හදපු කෙනාට පිස්සුද? නැතිනම් එයාගෙ හැටිද? හදපු අය කන්නේ අන්ධ කයිප්පුද? මේ ගාණට ගන්න බදු සහ දවසකට වියදම් කරන්න කියලා කියන බදු මිල ගණන් ටිකත් දෙන්න කියන්නකෝ. මුල්ලේරියාවේ රෝහලෙන් එයට කාමරයක්ම වෙන් කරවලා දෙන්න..