IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දිවි සැරිය ගැට ගසන්න මසකට 12,444 ඇතිලු

 

(විමුක්ති එස් රුද්‍රිගු)

එක් පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගනිමින් ශ්‍රී ලංකාවේ මාසයක් ජීවත් වීම සඳහා ඉකුත් ජූනි මසදී අවම රුපියල් 12444 ක මුදලක් ප්‍රමාණවත් වූ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා පෙන්වා දෙයි.

දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ ඉකුත් ජූනි මස මූලික අවශ්‍යතා සපුරා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ මාසයක් ජීවත් වීම සඳහා අවම රුපියල් 13421 ක මුදලක් අවශ්‍ය වූ බවත් එය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කයක මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත්වීම සඳහා අවශ්‍ය වැඩිම මුදල බවත් එම වාර්තාවේ සඳහන් වේ.

ඉකුත් ජූනි මස මොණරාගල දිස්ත්‍රික්කයේ මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත් වීම සඳහා රුපියල් 11899 ක මුදලක් අවශ්‍ය වූ බවත් එය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කයක මූලික අවශ්‍යතා සපුරා ගනිමින් මාසයක් ජීවත් වීමට අවශ්‍ය වූ අඩුම මුදල බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 



අදහස් (14)

දිවි සැරිය ගැට ගසන්න මසකට 12,444 ඇතිලු

ravin Wednesday, 17 August 2022 04:29 PM

මේ කියන ගණන් මිමි කාලද? නැතිනම් ලෙවකාලද?

:       0       0

ලුම්බිණි Wednesday, 17 August 2022 04:41 PM

නොමැරී ජීවත් වෙන්නද?

:       1       34

ගමේ එකාලා Wednesday, 17 August 2022 04:47 PM

ආර්ථික ඔස්තාර් කෙනෙක් කිව්වේ මසකට පවුලකට රුපියල් 2500ක් ඇතියි කියලා. පහුගිය කාලේ දිවිසැරිය ගැට ගහගන්න වින්ද දුක කියන්න වචන මදි...

:       0       38

අනුර Wednesday, 17 August 2022 04:51 PM

බන්දුල ගුණවර්ධන වෙන්න ඇති මේ ලැයිස්තුව හදන්න ඇත්තේ...!

:       0       36

sena Wednesday, 17 August 2022 04:54 PM

ශුවර් එකටම බන්දුල මහත්තයාගේ ගෝලයෙක් ඕක හාලා තියෙන්නේ... එහෙම වුණත් පස් දෙනෙක් ඉන්න පවුලකට 62200ක් ඕනේ... සාමාන්‍ය රජයේ සේවකයෙකුට අතට ලැබෙන්නේ 30000 ක් - 40000 ක් වගේ ගාණක්... ඉතුරු 20000 කොහෙන්ද හොයාගන්නේ?

:       0       37

RoshanWednesday, 17 August 2022 06:17 PM

ඇයි රජයේ සේවකයෝ හොරා කන ඒවා පගා ගහන ඒවා එකතු කරාම 20,000ට 200,000/=ක් ලැබෙනවා.

:       11       13

කිරිපුතා Wednesday, 17 August 2022 05:16 PM

ගම්වල ජනතාවට කඩෙන් ගන්න ඕනෑ ලුණු විතරයි. අනෙක් සේරම තමන් හදාගන්නවනේ... දර ලිපේ උයන්නේ... නගරබද ජනතාව තමයි හැමකෙනාම සල්ලි වලට ගන්නේ...! තමන්ගේ ගෙවත්තේ හැකි පමණින් වගා කරගත්තු නාගරික ජනයා දිනුම්...!

:       0       0

wimal Wednesday, 17 August 2022 05:22 PM

ඕක හදපු අය නිවන් දකින්න ඕනෑ. ඕනෑනම් මේ රටේ මිනිස්සුන්ගේ වාසනාවට තමයි උත්පත්තිය ලබලා තියෙන්නේ මේ ආසිරි ලන්තයේ...!

:       0       0

මහසෙන් Wednesday, 17 August 2022 07:44 PM

මේ වාර්තාව හදපු එවුන් ලංකාවේ ජීවත් වෙන මනුෂ්‍ය කොට්ඨාශයක් නම් වෙන්න බෑ.

:       1       13

Rohana Wednesday, 17 August 2022 10:15 PM

මේ කියන්නේ ලංකාවෙ 1950 අවුරුද්දෙ ජීවත්වෙන අයගැන වෙන්න ඇති.

:       1       8

WT Thursday, 18 August 2022 12:24 AM

එහෙනම් ඒ ගාන මැති ඇමැතිවරුන්ගේ පඩිය විදියට ගෙව්වා නම් ඇති...

:       0       0

ප්‍රේමරත්න Thursday, 18 August 2022 05:10 AM

සංඛ්‍යා ලේඛන නිලධාරින් මෙම වාර්තාව සත්‍ය ලෙසට හදන්නේ ජනවාරි මාසයේ පමණයි. කච්චේරි තිබුණු කාලයේ මමත් කච්චේරියේ වැඩකළා.. සංඛ්‍යා ලේඛන පිරිසට අදාල ගෙවීම් කලේ අපේ අංශයෙන්... ඉතින් අපි විස්තර අහනවා. ඔවුන් ඒ කාලයේ කලේ සෑම මාසෙකම ක්ෂේත්‍රයේ නොගොස් පෙර මාසයේ සංඛ්‍යාවට සුලුම වෙනසක් කර අදාල මාසයේ වාර්තාව සැකසීමයි. දැනුත් එහෙම හදපු බව හොඳින්ම පේනවා. කොහොම හැදුවත් ධන රින කියපු ගණනට ගතවූ කාලයට සාපේක්ෂව හදලා කියන්න පුළුවන්...

:       0       0

Sunil Thursday, 18 August 2022 07:57 AM

බන්දුල මහත්තයාගේ උපදෙස් මත සෑදු වාර්තාවක් ලෙසයි පේන්නේ. මේ සංඛ්‍යා හැදුණේ කෙසේද කියා දක්වන්න. එවිට මෙහි ඇත්ත නැත්ත ජනතාවට අවබෝධ කරගත හැකියි.

:       0       0

sharm warn Thursday, 18 August 2022 09:27 AM

ඇත්තටම මේ ගණන හදපු කෙනාට පිස්සුද? නැතිනම් එයාගෙ හැටිද? හදපු අය කන්නේ අන්ධ කයිප්පුද? මේ ගාණට ගන්න බදු සහ දවසකට වියදම් කරන්න කියලා කියන බදු මිල ගණන් ටිකත් දෙන්න කියන්නකෝ. මුල්ලේරියාවේ රෝහලෙන් එයට කාමරයක්ම වෙන් කරවලා දෙන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site