
(චාපා මධුභාෂිණී)
ගවයින් කෘතීම සිංචන ක්‍රියාවලියට ලක්කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති නිසා ඉදිරි වසරේදී කිරී නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම බිදවැටෙනු ඇතැයි ගොවීහු චෝදනා කරති.
මැදිරිගිරිය ප්‍රදේශයේ කිරි ගවයින් සිංචනය කිරීමේ ක්‍රියාවලිය නතර කර ඇත්තේ ඉන්ධන අර්බුදය හේතුවෙනි.
කුණ්ඩසාලයේ සිට කෘතීම සිංචන රැගෙන ඒන සිලින්ඩරයන්හි භාජනවලට නයිට්‍රජන් නොමැති බව පවසා දෙවන වතාවටත් මෙම ක්‍රියාවලිය අතරමග නවතා දැමීමට කටයුතු කළ බව කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථනයේ සභාපති කේ.ජි අශෝක කරුණාසේන මහතා කියා සිටියහ.
ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ්මහතා කියා සිටියේ පැටවු දැමූ වැස්සියක් මාස 3 ක් ඉක්මවීමට පෙර සිංචන ක්‍රියාවලිය කළ යුතු බවයි. ඒසේ නොකළහොත් නැවත දින 21 නැවත ඒම ක්‍රියාවලිය සිදු කිරීමට බලා සිටිමට සිදු වනු ඇති බවයි.
විවිධ හේතු මුල්කර ගනිමින් රජය මෙයට මැදිහත් නොවීමෙන් ගුණාත්මක වසු පැටවෙකු ලබා ගැනීමට ගොවිමහතාට අවස්ථාවක් හිමි නොවන බවද ඔහු වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘතිම සිංචනය මොකටද? අර ඉන්නේ හොඳ පුශ්ටිමත් ගවයෝ දෙසිය විසිපහක්. උන්ට කියලා සිංචනය කරගන්නකො. හැදෙන්නෙත් හොඳ රට හරක් පැටවු.
ඔය වැඩේ ඒ තරම් ලොකු දෙයක් නොවෙයි...ප්‍රසන්නට වැඩේ බාර දෙන්න . මිනිහා දක්ෂයා... ඔය කියන වැඩද මිනිහා කරලා තියෙන්නේ.පට්ටි ගොනා කියන්නේ නිකම්ද..