(අජන්ත කුමාර අගලකඩ)
දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් ලබන සතියේ දී පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර ඇති නමුත්,සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නැති බැවින්,සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් යටතේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.
මෙම කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් අමාත්‍යධුර හිමිවිය යුතු දිස්ත්‍රික් නායකයන්ගේ ලැයිස්තුවක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.
වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග , ජනක බණ්ඩාර තෙන්නකෝන් ,,ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස් එම් චන්ද්‍රසේන,නාමල් රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන,සනත් නිශාන්ත,කංචන විජේසේකර යන මහත්වරුන්ගේ නම් ඊට ඇතුළත් වී ඇතැයිද දැනගන්නට තිබේ.
සමගි බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද, නව කැබිනට් මණ්ඩල ට ඇතුළත්වීමට නියමිතව ඇති අතර,ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්,ජාතික කොංග්‍රසයේ නායක ඒ එල් එම් අතාවුල්ලා යන මහත්වරුන්ටද අමාත්‍යධුර හිමිවීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද ආණ්ඩුව තුළ සාකච්ඡා වෙමින් පවතින බව දැනගන්නට ඇත.
කැබිනට් මණ්ඩලය තිස්දෙනකුගෙන් පමණ සමන්විත වනු ඇතැයි පැවසේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයට ජයවේවා...! නැවත හොරු ගෙනාවට ජයවේවා... ඩයස්පෝරාවට ජයවේවා... දිවිදීපු රණවිරුවන්ට පින් සිදු වෙන්න.
අර පොහොට්ටු පක්ෂයේ හොර තක්කඩියෝ රැලට කැබිනට් ඇමතිකම් දුන්නොත්, මේ ආණ්ඩුවේ විතරක් නොවේ, රනිල් වික්‍රමසිංහ මහත්තයගෙත් අවසානය. හොඳින් හෝ නරකින් ලැබුන බලය මත, ඉදිරි වසර දෙකහමාර ඔබට ජනාධිපති දුරයේ සිටිය හැකියි. ඔබගේ තීන්දු ඉතාමත්ම තීරණාත්මකයි. මේ රට සිංහලයින්ගේ අවසානය නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පැවැත්ම හෝ විනාශය ඔබ සතුයි. එදා ඩයිනෝසරයින්ට මොළයට සමහර දේවල් නොවැටහුනා සේ ජාන විකුර්ති අඥාන හින්ගලයින්ට මේ විශ්වය තේරුම් ගනීවි යයි මම නම් පෞද්ගලිකව කිසිදා විශ්වාස නොකරමි. එක අතකට තිරිසන් සර්පයින් ගැන අනාගත වාක්‍ය කියලා මොකටද? උන් මෙලොවින් තුරන් විය යුතුමයි!!
කීදෙනෙක් විතරද? පහනක් හැටක්?
දැන්නේ හොරේ අහුවුනේ. අපට කඩදාසි අඩුවෙන් පාවිච්චි කරන්න කිව්වේ අලුත් අමාත්‍යංශවල අලුත් ඇමතිවරුන්ගෙ නම් ගම් දාලා අලුතින් ලිපි ශීර්ෂ පත්‍ර, ලියුම් කවර එහෙම අච්චු ගහන්න නේද?
ඒ කියන්නේ මේ තාවකාලික ජනාධිපති වෙනුවට ස්ථිර ජනාධිපති කෙනෙකුත් පත්කරනවද?
මේ කැබිනෙට්ටුව පත් උනාම රටට හෝ ගාලා ඩොලර් ඒවිද? කෙරෙන විදිහට පෙනී යන්නේ රටේ ඊළමට පාර කැපිලා ඉන්න දේශපාලකයෝ බෙදාගෙන කන්නයි හදන්නේ කියලා. වතු දෙමළ පඟරනැට්ටෝත් ඇමතිකම් ගත්තා. අරගලකාරයනී තොපිට වැහි නැති හෙණ වදින්න ඕනේ රටට කරපු මේ අපරාධයට
ඕව වැඩක් නැහැ කරුණාකර ලබන මාර්තු මාසේ හෝ ඊට කලින් ඡන්දයක් තියන්න. දැන් ඉන්න පුද්ගලයන්ට මේ ආර්ථික අගාධයෙන් රට ගොඩ ගන්න වුවමනාවක් හෝ හැකියාවක් නැහැ. ඒක නිසානේ ඔවුන් වික්ෂයට ආණ්ඩුවේ ඇමතිකම් ගන්න කියන්නේ. විපක්ෂෙ ඉන්න බහුතරයකටත් වැඩ බැහැ. දෙපැත්තෙම බහුතරයක් වාසින් වැඩි හොරු. මේක කරන්න අලුත් සෙට් එකක අවශ්‍යතාවය තිබෙනවා. බැරි නම් ගොදර යන්න. අපි කෙනෙක් පත්කරගන්නම්.
ප්‍රසන්න- ඉඩම් වංචා දුෂණ ,ජොන්ටා කසිප්පු මුදලාලි,රෝහිත-රත්තරං ඩොලර් නැව් ගනන් කරපු මොඩයා පවිත්‍රා දේව්- කොරෝනාවට මුට්ටි ඟගට දාපු මොලේ කඳුළක් නැති මොට්ට අම්මන්ඩි. චන්ද්‍රසේන-ඉඩම් වානාන්තර විනාෂ පාලුවා නාමල් -පට්ට හොරා අළුත්ම හොරකම රග්බි ක්‍රිඩාවේ දියුණුවට තිබුන මිලියන ගණන් හොරා කාපු එකෙක්.මුන්ට මොන නව කැබිනට් ඇමැතිකම්ද? ජනදාධිපතිතුමා දුර බලන නායකයෙක් ඔබතුමා ගැන විතරයි විශ්වාස.
වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග , ජනක බණ්ඩාර තෙන්නකෝන් ,,ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස් එම් චන්ද්‍රසේන,නාමල් රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන,සනත් නිශාන්ත,කංචන විජේසේකර.... ugath budhdhimath.... budu ammoooo
‘‘මහත්වරුන්‘‘ කියලා හැඳින්වීම් කළාද වැඩි දෙනා ‘‘මහත්වරුන්‘‘ බවයි පේන්නේ...
මේ අළුතින් කියා පත්වෙන්නෙ හිටපු පොහොට්ටු නඩයම තමා. මොකද පාර්ලිමේන්තු බලය තියෙන්නෙ එයාලට. හැබැයි රාජ්‍යායතන ප්‍රධානීන් පත් කරන්නෙ ජනාධිපති ලේකම් මූලික කමිටුවකින්. ඒ නිසා මොකා ඇතමි වුණත් එච්චර ගැටළුවක් නැහැ. රිමෝට් එක ජනාධිපති අතේ.
ඔය මොන කරනම් ගැහැව්වත් යා යුත්තෝ ගිය යුතුයි !!!
කලින් හිටපු අයටනම් ආපහු ඇමතිකම් දීල මෙ රට තවත් වට්ටන්ඩනම් එපා..
පොහොට්ටුවෙ හොර දූෂිතයන්ගේ නමුත් තියෙන්නේ ? කප්පම් කාරයා, රත්තරන් ,කුඩු ජො . ,හොර පෙරකදෝරුවා එහෙමත් ඉන්නේ ? කිසිම දූෂිත දේසපාලුවෙක් ඔය ස්තිර කැබිනට්ටුවට ඇතුළත් කරගන්නවා නම් ඒකත් ඔවුන්ගේ අවසානය තමා පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම් එපා කියලයි කියන්නේ .ආත්මාර්තකාමි ,බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ රටට වඩා තමුන්ගේ පැවැත්ම ගැනයි හිතාගෙන ඉන්නේ ?.
හරියන්නේ නැහැ.. සේරම කරන්නේ මිනිස්සු රවට්ටන එක. ගෝල්ෆේස් එකට එක දිනයක් දාගෙන ආවනම් පෙන්වන්නම්