(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහජනතාව,මාධ්‍ය හෝ වෙනත් මහජන ප්‍රවර්ධන තොරතුරුවලින් අධිකරණයෙ තින්දුවලට බලපෑම් සිදුකිරීමට කටයුතු කිරීම පිළිබදව අප්‍රසාදය පළ කරන බව පුත්තලම අතිරේක දිසා විනිසුරු අසේල ද සිල්වා මහතා අද විවෘත අධිකරණයෙ පැවසිය.

කරුවලගස්වැව වනජීවි නිළධාරින් පිරිසක් ඊයේ 16 දින අලුයම එරඹුදුගස්වැව ප්‍රදේශයෙ වැටලිමක නිරත වෙමින් සිටියදි පුද්ගලයකුට වෙඩි වැදිමක් සම්බන්ධව නඩුවේ සැකකාර වනජීවි නිළධාරින්ට ඇප ලබා දෙමින් විනිසුරුවරයා මේ බව පැවැසීය.

අදාල සිද්දියෙදී වනජීවි නිළධාරින්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ කරුවලගස්වැව කුඩා මැදවච්චිය ප්‍රදේශයේ 40 හැවිරිදි දෙදරු පියකු වන සේනාධිපති මුදියන්සේලාගේ කපිල කුමාර නැමති අයෙකී.

අදාල වෙඩි තැබිම සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලිසිය සැකකාර වන ජීවි නිළධාරින් දෙදෙනා පුත්තලම අධිකරණයට අද ඉදිරිපත් කළේය.

වන සත්ව නියාමකවරුන් වන ඩබ්ලියු.එන්.ජේ.සදනුවන් සහ එච්.ඒ.අයි.ආර්.හෙට්ටිආරච්චි යන දෙදෙනාට එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් නියම කරමින් සැකකරුන් ඇප මත මුදා හැරිමට අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කළේය.

වෙඩි ප්‍රහාරයට ලක්වු තැනැත්තා ද අධිකරණයෙ පෙනි සිටියේය.

මෙහිදි වැඩි දුරටත් විවෘත අධිකරණයෙ කරුණු දැක්වු අතිරේක මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා මෙසේ ද පැවැසීය

“වනජීවි නිළධාරින්ගේ රාජකාරියෙදි සිදුවු අනපේක්ෂීත සිදුවිමක් බවට මෙම සිද්ධිය වාර්තා වෙනවා.

වනජීවි නිළධාරින් ගහකොල හා වන සතුන් රැක ගැනිමට පවතින් දුෂ්කර තත්වය හමුවේ මහත් උත්සහයක් ගන්නා බව අපි දන්නා කරුණක් ඒ හේතුවෙන් රාජකාරි කටයුතුවලදි සිදුවන ඇතැම් සිදුවිම් මෙසේ උලුප්පා දැක්විම වැරදි පුර්වාදර්ශකයක් යැයි අතිරේක මහෙස්ත්‍රාත් වරයා පවසන්නට විය.

පැමිනිල්ල වෙනුවෙන් පෙනි සිටි කරුවලගස්වැව පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජීව අලවත්ත මහතා අධිකරණය හමුවෙ පවසා සිටියේ මෙම සිද්දිය හේතුවෙන් මහජන කැලඹිමක් සිදුවිමට ඉඩ ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අතිරේක මහසේත්‍රාත්වරයා කරුවලගස්වැව අඩවි වනජීවි නිළධාරි කාර්යාලට පොලිස් ආරක්ෂාව සැපයිමට නියෝග කළේය.