
(යොහාන් භාසුර)
නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 10 දෙනෙකු තලෙමන්නාරම කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.
උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අයත් පී 175 වෙරළබඩ මුර යාත්‍රාව ඊයේ (16) රාත්‍රියේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂා කළ බවත් එහිදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට ඩිංගි යාත්‍රාවේ ක්‍රියාකරුවන් දෙදෙනා සමඟ වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු, කාත්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 18 ට අඩු සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු සමඟ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගත් බවත් නාවික හමුදාව කීය.
නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් පිරිස පේසාලේ, ඌරුමලේ, කිලිනොච්චි සහ කන්තලේ යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගත් බවත් එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙමන්නාරම පොලිසිය වෙත භාරදුන් බවත් නාවික හමුදාව සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා රටින් යන කෙනෙකුට යන තැනකට යන්න දෙන්න..., මේ රටේ ඉඳලා හිඟා කන්නද?