
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි ධීවර වාඩියකට දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු ගිනි තැබීම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න ධීවර ආම්පන්නවලට අලාභයක් සිදුව ඇතැයි පේසාලෙයි පොලීසිය පවසයි.
ගින්නෙන් ධීවර වාඩි 03 ක් සහ අලුත්ම බෝට්ටු එන්ජින් 03 ක් සම්පූරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවට ධීවරයින් පවසති.
එමෙන්ම ධීවරයින් විසින් අල්ලන ලද කකුලුවන් කිලෝ 500 ක් , ඉස්සන් කිලෝ 800 ක් , මාලු කිලෝ 100 කට අධික ප්‍රමාණයක් ද දැල් ආම්පන්න රැසක්ද ගින්නෙන් සම්පූරණයෙන්ම විනාශ වී ඇත.
ධීවර වාඩිවලට ගිනිගැනීමට පෙරදී පේසාලෙයි ප්‍රදේශයේම ධීවරයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී අදාල ගැටුම පිළිබඳව පේසාලෙයි පොලීසියේද පැමිණිල්ලක් විභාග වෙමින් පවතින අතරවාරයේදී මෙලෙස ධීවර වාඩිවලට ගිනිතබා ඇති බවටද වාර්ථා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd