
(ඩයනා උදයංගනී)
බිස්කට් මිල අධික ලෙස ඉහළයාම හේතුවෙන් එම නිෂ්පාදන අලෙවිය ද පහත වැටී ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් ඇතැම් වෙළඳසැල්වල බිස්කට් සඳහා වට්ටම් ද ලබා දී තිබෙනු දක්නට ලැබේ.
ඇතැමුන් අධික ලෙස මිල ඉහළ නැංවීමට විරෝධය පා බිස්කට් මිලදී ගැනීම වර්ජනය කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයන් ද ගෙන යමින් ඇති අතර, ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ පාරිභෝගිකයින් බිස්කට් පරිභෝජනය නතර කළහොත් සිය කර්මාන්ත ශාලා වසා දැමීමට සිදු වන බවයි.
එහි සභාපති එස්.එම්.ඩී. සූරිය කුමාර මහතා පැවසුවේ පාරිභෝගිකයන් බිස්කට් මිලදී ගැනීම නැවැත්වුවහොත් තම කර්මාන්තය නවතා දැමීමට සිදුවී රැකියා පවා අහිමි විය හැකි බවයි.
අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමට සාපේක්ෂව සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා නොමැති බවත්, එය කර ඇත්තේ ලාභය ඉතා අවම වන අයුරින් බවත් ඔහු සඳහන් කළේය.
පසුගිය කාලයේදි රසකැවිලි නිෂ්පාදනය සදහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල සියයට දෙසීයකට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන බව ද ඔහු කීවේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සත්‍යයක් .පසු ගිය කාල සීමාව තුල මෙම බිස්කට් මිල වැඩිවීම අතිශය අසාමාන්‍ය ලෙස වූ බව සත්‍යක්.පොදුවේ ජනතාව අතර බේදයකින් තොරව ආහාරයට ගන්නා බිස්කට් වල මේ අයුරින් මිල වැඩ්වීමට එරෙහිව ක්‍රියා මාර්ග අවශ්‍ය මයි.
බිස්කට් කනවා තියා හාල් ටිකක්, පරිප්පු ටිකක් අරගෙන එදාවේල පිරිමහ ගන්නේ කොහොමද කියලා අපි කල්පනා කරන්නේ...!
කළයුතු හොඳම දේ නම් බිස්කට් මිලදී ගැනීම අත්හැරීමයි. අද ජනතාව බුද්ධිමත් බැවින් මේ දේ කළ යුතුයි. මන්ද බිස්කට් පමණක් නොව ආහාර පාන, ඖෂධ ඇතුලු සෑම භාණ්ඩයක්ම පාහේ මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ දැමීමට සමාගම්කරුවන් කටයුතු කළ ආකාරයක් සිදුවිය... ඒකට හතර ගුණයකින් පමණ වැඩිවීමක් සිදුවූ බැවින් මෙය සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක් බව සූරියකුමාර මහතා සිතට ගන්න. අනෙක බිස්කට් කෑම අවශ්‍යමද? සිමෙන්ති මිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමීම සිදුකළ විට ඉදිකිරීම් නතර කරන ලෙස කළ ඉල්ලීමක් ඉදිරිපත් වූ ආකාරයක් මතකයි...
කළයුතු හොඳම දේ නම් බිස්කට් මිලදී ගැනීම අත්හැරීමයි...
මෙහේ මිනිස්සුන්ට ඔය ගාණට බිස්කට් කන්න සල්ලි නෑ. බිස්කට් කියන්නේ අත්‍යාවශ්‍යම දෙයක් නෙවෙයි සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ගැනීමට මිනිස්සුන්ට සිදුවෙලා තියෙනවා. ඒවාගේත් මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති නිසා ඒවා මිලදී ගැනීමෙන් පසුව කිසිවෙකුගේ අතේ මුදලක් ඉතුරු වන්නේ නැත.. නිදසුන් වශයෙන් පෙට්‍රල් :- පැවැති මිල 117 දැන් මිල 450 සහල්, පරිප්පු, සීනි, මස්, මාලු, බිත්තර, සබන්, සිග්නල්, විදුලි බිල්පත්, ජල බිල්පත් ආදී වශයෙන්.. එක්ස්පෝර්ට් කිරීමට ක්‍රමයක් ඇත්නම් ඒ සඳහා අවධානය යොමුකරන්න. මම හිතන්නේ නෑ දුප්පත් මිනිස්සුන්ගේ පරිභෝජනය ඉහළ යයි කියලා. ස්තූතියි..!
රුපියල් 130/= ට තිබුන ලෙමන් පෆ් එක දැන් රුපියල් 290/= .අනිවාර්යයෙන්ම මිලදී ගැනීමෙන් වැළකෙමු
දේශීය දේ අගයන මහලොකු පුහු දේශප්‍රේමීන්ට මිල වැඩිවෙද්දී තමයි මොලයට යමක් වැටහිලා තියෙන්නේ. බිස්කට් වලට පමණක් නොවෙයි, කිරි වලටත් දේශීය ව්‍යාපාරිකයින් කලේ ඔය දේම තමයි. මගේ බල්ලාටවත් එපා ඔය පුන්නක්කු වගේ බිස්කට්. ඒ වෙනුවට ගෙදරදී කේක් එකක් හදා ගන්න උත්සහ කරන්න හැමෝම. මේ රට හදන්න නම්, තක්කඩි ව්‍යාපාරිකයින් මේ රටෙන් වනසා දැමිය යුතුමයි. ලංකාවේ බිස්කට් කර්මාන්තය බංකොලොත් වේවා!!
බිස්කට් වල සීනි, මේදය, සෝඩියම්, පිටි වැනි ශරීරයට අගිතකර දේ අඩංගුයි. එබැවින් බිස්කට් නොකා සිටීම කෙනෙකුගේ සෞඛ්‍යයට හිතකර දෙයක්.
රටේ මිනිසුන්ගේ සමගියක්, එකමුතු කමක් තියෙනවා නම් මේ ව්‍යාපාරිකයින්ගේ මාෆියාව බිඳ හෙලන එක අපහසු දෙයක් නොවේ.
පාඩුනම් වහලා දාපල්ලා,අපි කයි උබලගේ මහා ලොකු බිස්කට්. අවුරුදු ගානක් ගත්ත ලාබෙන් සේවකයන්ට ගෙවන්න.
දේශීය විස්කෝතු නිෂ්පාදක සමාගම් තම ආයතන විවිධ ප්‍රමිති සහතික ලබා ඇතිබව ප්‍රචාරය කළද මෙරට පාරිභෝගිකයින්ට අලෙවි කරන්නේ තත්වයෙන් පහත් නිෂ්පාදන බව නොරහසකි. බොහෝ විස්කෝතු වර්ග දවටනයෙන් ඉවතට ගන්නා අවස්ථාවේදීම කුඩුවේ. විස්කෝතුවල ගණකම ඒ තරම්මත් අඩුයි. එමෙන්ම දවටනය තුළට කුඩා දරුවෙකුගේවත් ඇඟිල්ලක් දමා විස්කෝතුවක් පිටතට ගැනීමට නොහැකි තරම් දවටනය පටුයි. මාස කිහිපයකට වතාවක් විස්කෝතුවල ප්‍රමාණය මිලිමීටරයකින් පමණ කුඩාවේ. මේ සියලු නිරීක්ෂණ අප දුටුවේ අද ඊයේ නොව, දැනට වසර විස්සකටත් පෙර සිටයි. එලෙස සිය රටේ සහෝදර පුරවැසියන් මෝඩයන් යයි සිතා, හුදු ලාබය පමණක් පසුපස ලුහුබඳින සමාගම් කෙරෙහි පාරිභෝගිකයින්ගේ සිත් සසල වෙයිද? විවිධ සමාගම් තම තමාගේ විස්කෝතුවලට එකම නම යොදා, ඒවා අලෙවි කරගැනීමට කරන ප්‍රචාරන යුද්ධය සඳහා කොතරම් ධනයක් වැය කරන්නේද? අලෙවිකරණයේ "me too products" ලෙස හැඳින්වෙන එම උගුලෙන් මිදී, ප්‍රචාරනය අවම කළහැකි අනන්‍යතාවයක් සහිත, නියම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන පමණක් අලෙවි කරන්නේ නම්, දේශීය විස්කෝතු කර්මාන්තය කඩා නොවැටෙනු ඇත...
බිස්කට් විතරක් නෙවෙයි බිත්තර කෑමත් නතර කළ යුතුයි........ එතකොට බිත්තරේ පවර් එකත් බසීවි.....
බිස්කටි මිළදි ගැනීම වර්ජනය කරන්න කියල ආයේ අමුතුවෙන් සමාජ මාධ්‍ය මගින් කියන්න අවශ්‍ය නැහැ ගෙදරට අත්‍යවශ්‍ය දේට සල්ලි වෙන් කලාම බිස්කටි ගන්න සල්ලි ඉතිරි වෙන්නෙ නැති එකයි හේතුව
රසකැවිලි නිශ්පාදකයින් කියන්නේ බිස්කට් මිලදී නොගැනීම නිසා එයාලගෙ රක්ෂාව නනැතිවෙනවලු. අපි එයාලගෙ බිස්කට් කන්න ගියොත්. අපේ ජීවිත ඊට වඩා අනතුරේ....
මේ මෑතක් වන තුරු අප නිවසේ බිස්කට් සෑම දිනකදීම පාහේ ආහාරයට ගනු ලැබූවා. නමුත් නොසිතූ විරූ ලෙස මිළ ඉහළ යාමත් සමග අප බිස්කට් පරිභෝජනයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වූවා. දැන් මිළ අපට කොහෙත්ම දරා ගන්න බැහැ. ඉතින් මෙලෙස බොහෝ දෙනා කරනවා ඇති. උද්ධමනය කිය කියා භාණ්ඩ වල මිළ අහස් උසට ඉහළ ගියත් අපට ලැබෙන ආදායම ඉහළ ගියේ නැහැනේ. එතකොට මොනවද අප කළ යුත්තේ. අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් අපගේ මුදල් යෙදවීමනේ. මොකද බිස්කට් කෑවෙ නැහැ කියලා මැරෙණවායැ. අපි අහු වෙයි ඔයාලගේ බයිලාවලට.
රුපියල් කෝටි ගණන් මුදල් වැය කොට ප්රචාරක දැන්වීම් පළ කරන බිස්කට් සමාගම්කරුවන් එම වියදම් පාරිභෝගිකයින්ගෙන් අය කිරීම මත මිල ගණන් ඉහළ දමන තත්ත්වයක් පවතී. බිස්කට් වර්ග උසස් තත්ත්වයෙන් පවතීනම් අනවශ්‍ය ලෙස ප්‍රචාරය අවශ්‍ය නොවනු ඇත. බිස්කට් වර්ගවල දැනට පවතින මිල ගණන් අඩු නොකළහොත් සූරියකුමාර මහතා පවසන පරිදි ලොකු අකරතැබ්බයක් වනු ඇත.
දේශීය කෑම වර්ග ආහාරයට ගන්න.කුරහන් හැලප, මුං කැවුම් වගේ
increase the price we are facing the problem
වැඩකට නැති ආහාරයක්
ඔවුන් මිල වැඩි නොකළානම්, කොහොමද ඔවුන් වට්ටම් දෙන්නේ..?
කොහොමත් පිටි සීනිනෙ. මේක වැඩකට නැති කෑමක්. අපි දැන් ගන්නෙ නැහැ බිස්කට්. සෞඛ්‍යයටත් හොඳයි, සාක්කුවටත් හොඳයි. ඕනම වුණොත් ගෙදර හදාගන්නත පුළුවන් අපට වුවමනා රසට.
බිස්කට් කියන්නේ අමතර කෑමක් බැවින් සීමාව ඉක්මවා මිල ඉහලයාම අලෙවිය පහතවැටීමට හේතුවයි.එදිනෙදා කෑමවේලටවත් වියදම් දරාගන්න බැරි තත්වයක්තුල බිස්කට්වලට වියදම්කල නොහැකිය.
පිටරටවල ඉතාම රසවත්, ප්‍රනීත බිස්කට් වර්ග ඉතාම අඩුමිලට කාපු අපට උඹලගේ පුන්නක්කු අධික මිලක් ගෙවා කන්න පිස්සුද බන්? ඕවා හොදයි ජීවිතේට බිස්කට් එකක් නොකාපු එවුන්ට. මැදපෙරදිග බල්ලන්ට හා පූසන්ට මේ මෙන්ම යුරෝපයේ හෝ ඇමරිකාවේ ඌරන්ට දෙන කෑම වගේම බලු කෑමත් ඔයිට වඩා රසවත්. එක අතකට ගාන කෙසේ වෙතත් ලංකාවේ අයට ගැලපෙන්නේ නම් පුන්නක්කු රහම තමයි.
බිස්කට් අත්‍යාවශ්‍ය ආහාරයක් නොවෙයි. අත්‍යාවශ්‍ය වුවද තමන්ට දරාගත නොහැකි මිලක් නමි පරිභෝජනයෙන් මිනිස්සු ඈත්වෙනවා.ෂුගර් ෆ්‍රී බිස්කට් එක අධික මිලක්.ආදේශක නෑ.මම එය පරිභෝජනය කරා.දැන් අරගන්නේ නෑ.
ලාබය අඩුනම් විශාල මුදලක් වැය කර කරන වෙළද දැන්වීම් නැවැත්තුවා නම් මිල ඉහළ දැමීමක් අවශ්‍ය වෙන්නේ නෑ, දැනටමත් ලොකු පොඩි හැමෝම දන්නා ප්‍රසිද්ධ වෙළද නාමයන් නොදන්නවා නොවේ නෙ...
බිස්කට් අනවශ්‍ය කෑමක්.ඒ ව්‍යාපාර කඩන් වැටෙන තරමට මිනිසුන්ගේ සෞඛ්‍යයට හොඳයි
මෙි රටෙි මිනිසුන් අද වන විට කොචිචරනමි ආර්ථික අතින් අපහසුතාවයෙන් ඉන්නවද, අද එදා වෙිල හොයාගන්නවත් බැරිව මිනිස්සු අසරණ වෙිලා. බිස්කටි මිල ඉහළ යන්න කලින් ඔිනම කෙනෙක් දිනපතා වුවද මිලදී ගත්තා ඒත් අද වන විට බිස්කටි වල මිල ඉහළ යද්දි මිනිසුන් කොහොම මිලදී ගන්නද, හොදම දේ මේතරම් ඉහළ යන බිස්කටි මිලදී ගැනීම අත්හැරීම පමණයි.
පිට්කිරි වෙනුවට දියර කිරි, නැත්නම් පිට්කළ පොල්කිරි ආදේශ කරගෙන නිශ්පාදනය කළා නම් පිටරටින් ගේන මාගරීන් වෙනුවට පොල්තෙල් ආදේශ කරන්න පුලුවන් නම් වියදම් අඩු කරගන්න පුලුවන් මන් කේක් හදන කෙනෙක් නිසාම මාගරීන් වෙනුවට පොල්තෙල් දියරකිරි ආදේශ ගැණ දන්නවා මන් ඒවා යොදන්නෙ.
අත්‍යවශ්‍ය සියලු දේ මිල අධික ලෙස වැඩි වී ඇති අවස්ථාවක බිස්කට් වැනි අත්‍යවශ්‍ය නොවන දෙයක් අ ධික මිලක් ගෙවා ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවශ්‍ය නැත .
ඕවා කන්නෙ බහුතරයක් පොඩි මිනිස්සු එදා වේල හම්බ කරන මිනිස්සු දරුවන්ට අරන් යන්නෙ රු.1000ක් පඩි ගන්න මිනිහාට ඕවා කන්න ගියොත් වේලක් බඩ ගින්නෙ ඉන්න වෙන්නෙ මේ වෙනකල් මුන් සල්ලි හෙව්වනෙ දැන් මිනිස්සු ඕවා කන්න ඕන නම් සාදාරන විදියට ඕවා විකුනපල්ල එහෙම උනොත් ඕවා දිගටම තියෙයි ඕවා වැහුනා කියලා බත් කන්න බැරි නෑනේ වහ ගන්න අවශ්‍ය නැත්තම් සාදාරන විදියට මේ රටේ ඕවා විකුනපල්ල මිනිස්සු එකතු උනොත් ඕවා වහන්න වෙනවා මිනිස්සුන්ට හරියට දුන්නොත් ඕවා දිගටම තියෙයි..
ලංකාවට ඩොලර් ප්‍රශ්නෙට හොඳම උත්තරයක් පිටි කෑමවලින් වළකින එක... එතකොට පිටිවලට යන වියදමත් පිටි නිසා ඇතිවන රෝගවලට අවශ්‍ය බෙහෙත්වලට යන වියදමත් දෙකම අඩුවෙනවා. පාලකයන්ට දොස් නොකියා ජනතාවගේ පැත්තෙනුත් යම් සාධනීය පියවරයන් ගතයුතු කළදුටුකළ වල ඉහගන්න කළයුතු දේත් ඒකෙන් මට්ටු වෙයි.
බිස්කට් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙවෙයිනෙ ගණන් නොගෙන ඉන්න. එතකොට ඔය ගණන් නිකම්ම බහීවි.
බිස්කට් කොම්පැණි කාරයො කතා කරන්නෙ හරියට ඒ අය දවස ගානෙ පිටි කිලෝ හත අටක්, සීනි කිලෝවක් දෙකක්, අනිත් ඒව දෙසිය පණහ ගානෙ මාකට් එකෙන් අරන් බිස්කට් හදනව වගේ... ඔයාල නැව්, කන්ටේනර් ගණන් එකවර ඕව ගේන්නෙ .. මිල වැඩිවීම් බලපෑම් ඉතා අවමයි.. පරණ ඒව යොදල හදල අළුත් මිලට විකුණන ව... කොම්පැණියෙ ඒරියා මැනේජර්ගෙ පඩි, දීමනා ඇහුවොත් මිනිස්සු කලන්තෙ දාල වැටෙනව ... තත්පර ගාණක වෙළද දැන්වීමට ලක්ෂ ගාණක් නළු නිළියන් ට ගෙවල, ඒව බිස්කට් එක කන දරුවගෙන් අල්ලනව... ඔන්න ඇත්ත...!
ඔයගොල්ලෝ බිස්කට් හදලා ඔයගොල්ලෝ ම කන්න.අනේ අපිට බිස්කට් කන්න තියා හාල්ටික ගන්නවත් සල්ලි නැහැ .. අනික ඔයගොල්ලෝ රටවල් ගොඩකට ඕවා යැවුවනේ. ඒ රටවල් වලටම යවන්න. බිස්කට් ගිනි ගනන් දීලා කනවට වඩා අපි දැන් හැලපයක් අග්ගුලියක් හදාගෙන කලා හොහොදින් ඉන්නවා .
මහාපරිමාණ බිස්කට් හොරුන්ව බංකොළොත් වේවා... තමන්ගේ රටේ මිනිස්සුන්ටවත් සහනයක් දෙන්නේ නැති අය...
අරගලය ක්‍රියාත්මක වූයේ, නිර්මානය වූයේ හුදෙක් අසාධාරණයට එරෙහිවම බව කුඩා දරුවන්ගේ මනසට ද කාවැදී ඇතිබැවින් දරුවන් බිස්කට් ඉල්ලා දැනටත්, මතුවටත්, හඬා නොවැටෙනු ඇත. අරගලයෙන් ශක්තිමත් වුවෝ ඉදිරියේදී තවත් බිහිවනු ඇත. බිස්කට්, ඔහුන් ඔබළඟ තවදුරටත් හඬා නොවැටෙනු ඇත. අනිවාර්යයෙන්ම ඔබට දණ ගැසීමට සිදුවනු ඇත. ස්තූතියි...!
බිස්කට්වල අමුද්‍රව්‍ය මිල වැඩිවුණේ ළඟකදී ඉඳලනේ. එතකොට ඊට කළින් ගෙනාපු ස්ටොක් නැතිවෙන්න විදිහක් නෑනේ... බිස්කට් එකක් කියන්නේ ඕනෑම කෙනෙක් ගන්න එකක්.. ඒත් අද වෙනකොට ඒවායේ මිලගණන් ගොඩක් වැඩිකරලා නිසා සාමාන්‍ය ජනතාවට මිලදී ගන්න බෑ. ඒකනිසා බිස්කට් විකිණෙන්නේ නෑ කොහොමත්...
මේ අවස්ථාවේ පාරිභෝගිකයින් ගැන අල්ප මාත්‍රයක්වත් නොසිතා බොහෝ සමාගම් විසින් ඔවුන්ගේ නිෂ්පාදනවල මිල අසාධාරන ලෙස වැඩිකරමින් සිටිති. බිස්කට් ගැනද කිවයුත්තේ එසේමයි. ඒ අතර දැන්වීම් විශාල වශයෙන් පළ කෙරෙන්නේ ලබන ලාබවලිනි. අපි නම් බිස්කට් කෑම සම්පූර්ණයෙන්ම පාහේ නතරකර ඇත. ගෙදරකට බිස්කට් පැකට් හෝ ටින් රැගෙනයන්නේ නැහැ. හොඳම දෙය නම් ඒවා මිලදී නොගැනීමයි.
බිස්කට් කියන්නේ කන්න හොඳ නැති දෙයක්... දවසකට ළමයි කී දෙනෙක් නම් පිළිකා රෝහලට ඇතුළත් කරනවාද කියලා බලන්න පුළුවන් බිස්කට් සහ පැණි බීම වර්ග නිසා...
අසාධාරණ ලෙස මිල වැඩිකරලා තියෙන්නේ...!
බෝ නොවන රෝග බොහෝමයකට හේතුවක් මේවා. සීනී තියෙන අය ක්‍රීම් ක්‍රැකර් වල සීනී නෑ කියලා කන්නෙම ඒවා... මං අහලා තියෙන විදිහට ඒවගේ කැලරි ප්‍රමාණය වැඩියි.
බිස්කට් එකක් කාලා හවසට තේ බීපු අය.. අද ඒ වෙනුවට විකල්ප යොදාගන්නා අතර වර්තමානයේ දරුවෙකුටවත් මේවා මිලදී ගැනීමට නොහැකි වී තිබෙනවා. මොකද කිරිපිටි මිල තමයි ප්‍රධානම දේ... හාල්, පිටි, සීනි, පරිප්පු, එළවලු, මස්, මාළු වගේ දේවල මිලත් මීට ප්‍රධාන බලපෑමක්... නමුත් බිස්කට් මිල නම් ඉතාමත් ඉහළයි... එය පාරිභෝගිකයාගේ කුහක කමක් නොවේ. ව්‍යාපාරිකයන් එය සිතිය යුතුයි. සේරටම හපන් විස්කිරිඤ්ඤා රුපියල් 80 යි.. කෑලි හතයි. ඒ පැකට් එකට තව සීනි 500gක් විතර පුරවන්නත් පුළුවන්...!
සියලු නුවණැති ලාංකිකයිනි.. බිස්කට් වර්ජනය කරන්න. හොර ජාවාරම්කාරයින්ට නින්ද යයි එතකොට...
කන්නම එපා කිසිම බිස්කට් එකක්... ඕවා මිල පහළ දමන්න නම් ඒක තමයි කරන්න තියෙන හොඳම දේ...
තව මාසයක් ඔහොම අපි බිස්කට් නොකා ඉමු. බිස්කට් කොම්පැනිවලට මොකද වෙන්නේ බලන්න... බිස්කට් අරගලයට ජය වේවා. ස්තුතියි..!