(ඩයනා උදයංගනී)

වතුකර ජනතාව වෙනුවෙන් මාර්ගගත ක්‍රමවේදය යටතේ (online) වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශන සේවාවක් සැප්තැම්බර් 1 වැනිදා සිට ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති නව ගම්මාන සංවර්ධන අධිකාරිය මගින් බදුල්ල, ඉදල්ගස්හින්නවත්ත කේන්ද්‍ර කර ගනිමින් මෙම සේවාව දියත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වෛද්‍ය ප්‍රතිකාර සේවා ව්‍යාපෘතිය  O - DOCලෙස නම් කර ඇති අතර,  ඒ සදහා එක් පවුලකට මසකට රුපියල් 100 ක මුදලක් වැය වේ.

ඉන් පවුලේ සියලු සාමාජිකයින් වෙනුවෙන් වෛද්‍ය හා උපදේශන සේවා ලබා ගත හැකි අතර, මෙහිදී පැය 24 පුරාම වෛද්‍යවරු 150 කට වැඩි පිරිසකගේ සේවාව ලබා ගත හැකි බව ද ඇමතිවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ වතු නිවාස අංශයේ නිළධාරීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේදී ඊයේ (16) පැවති සාකච්ඡාවකදීය.