(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධුර හොබවන ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන, නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් එම පක්ෂයේ දේශපාලන කටයුතුවලට යළි සම්බන්ධ වි සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිවසේ ඉකුත් සඳුදා(15) පැවැති පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමටත්, පක්ෂ මූලස්ථානයේ ඊයේ (17)පැවැති පක්ෂයේ ඉදිරි ක්‍රමෝපාය පිළිබඳ සාකච්ඡාවකටත් ඔවුන් දෙදෙනා මෙසේ සහභාගි වී ඇතැයි දැනගන්නට තිබේ.
මෙම දෙදෙනා ආණ්ඩුවට සම්බන්ධ වීමෙන් අනතුරුව , පසුගිය කාලය පුරා පැවැති පක්ෂයේ කටයුතුවලට සහභාගි නොවූහ .
එහෙත් ඔවුන් දෙදෙනා මෑතක සිට පක්ෂයේ ක්‍රියාකාරී කටයුතුවලට සම්බන්ධවී වී සිටින බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රයිගමයයි, ගම්පලයයි හැමදාම අැමති...
මම හිතුවේ කොමිස් ගන්නවද කියලා...?
පක්ෂයේ අයට ලැජ්ජත් නැහැ. මේ දෙන්නට කොහෙත්ම ලැජ්ජා නැහැ.