
(යොහාන් භාසුර)
‘බෙදුම්වාදයට පණ දෙන කුමන්ත්‍රණ පරදවමු’ යන තේමාව යටතේ බොදු උරුමය සුරැකීමේ ජාතික ව්‍යාපාරය කොළඹ ගාලුමුවදොර අරගල භූමියේදී අද (17) විරෝධතාවක් පැවැත්වූහ.
මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පසුගියදා කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය ඉදිරිපත් කරන ලෙස එහිදී විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
එම පිරිස ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් ද භාරදුන්හ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතුරු වෙලා ඉන්න රාජ උෂ්ණ කට්ටිය තමයි.
කොටි සහ ඔටුවන් එකතුව පරයින්ට මුදල් දී කළ අරගලයේ ප්‍රතිඵල රටට දැනෙමින් පවතියි. මහා ව්‍යවසනයක පෙරනිමිති පහළ වී ඇත. එය ආර්ථික ප්‍රශ්නවලට වඩා උග්රය..
හා... හරි කියමු බලන්න බොදු උරුමය කියලා මොකක්ද අද රටේ තියෙන්නේ කියලා... පිරිත කියන්නේ අද සිංහලෙන්... බණ කියන්නේ කවියෙන්... පන්සල් වටේ මත්වතුර කඩවල්... ඉරිදාට පන්සලේ උපකාරක පන්ති... දැහැමි බව පෙන්නගෙන අතේ සුදු නූලක් බැඳගෙන ඒ අතින්ම බීර බෝතලය උගුරට හලාගන්න. මරණයකට පමණක් පාංශුකූලෙට පන්සලකට යන.. පන්සල් ඇතුලේ මගුල් ප්‍රී-ෂූට් කරන... චීවර ඇඳගෙන පෙළපාලි උද්ඝෝශන කරන කරුමයක් නේද තියෙන්නේ..? හැබැයි මුස්ලිම් අය රටට ගෙන්වන ඉහළම වාහනයේ නැගලා ... ඒ අයම ගෙන්වන මොබයිල් ෆෝන් එක අතේ තියාගෙන... ඒ අයම ගෙන්වන ලැප්ටොප් පාවිච්චි කරකර පෙන්වන අරුම උරුම...!
අපිත් එන්නම් ඔය අරගලයට... රනිල් නවතින්නේ ISGA එකෙන් එහාට ගිහිල්ලා උතුර දෙමළුන්ටත් නැගෙනහිර මුස්ලිම් අයටත් දීලයි. අරගලකාරයනි, දැන් නුඹට සැපයිද? ඔබ මේ ටික කළේ රටට කෙලවන්න කියලා තව ටික දවසකින් තේරේවි...