(අජන්ත කුමාර අගලකඩ)

ලාෆ්  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1050කින් පහළ දමන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි.

ඒ අනුව කිලෝ 12.50 සිලින්ඩර් 1050කින් අඩුවන අතර ඊට සමගාමීව කිලෝ 5 සිලින්ඩරයක මිලය මීට සමගාමීව පහළ යනු ඇති.

ඒ අනුව කිලෝ 12.50ක නව මිල රුපියල් 5800ක් වනු ඇත. කිලෝ ග්‍රෑම් පහේ සිලින්ඩරයක් 2320ක් ද කිලෝ ග්‍රෑම් එකක මිල 928 දක්වා ද මිල පහත දමා ඇතැයි ලාෆ් ගෑස් සමාගම කියයි