IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ලාෆ් ගෑස් මිල 1050කින් පහළට

(අජන්ත කුමාර අගලකඩ)

ලාෆ්  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1050කින් පහළ දමන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි.

ඒ අනුව කිලෝ 12.50 සිලින්ඩර් 1050කින් අඩුවන අතර ඊට සමගාමීව කිලෝ 5 සිලින්ඩරයක මිලය මීට සමගාමීව පහළ යනු ඇති.

ඒ අනුව කිලෝ 12.50ක නව මිල රුපියල් 5800ක් වනු ඇත. කිලෝ ග්‍රෑම් පහේ සිලින්ඩරයක් 2320ක් ද කිලෝ ග්‍රෑම් එකක මිල 928 දක්වා ද මිල පහත දමා ඇතැයි ලාෆ් ගෑස් සමාගම කියයි



අදහස් (18)

ලාෆ් ගෑස් මිල 1050කින් පහළට

Podimallu Wednesday, 17 August 2022 08:03 PM

වෑගපිටිය මහත්තයගේ අවධානය පිණිසයි. අපි ලාෆ් කස්ටමර්ස්ලා. පසුගිය වතාවේ ලාෆ් සුපර්මාකට් වලින් ගෑස් බෙදාහැරීම නවතා තිබුණා. මේ වතාවේ එවැනි දෙයක් කරන්න එපා.

:       1       70

බද්රානි Wednesday, 17 August 2022 09:25 PM

දැන් තේරෙනවා නේද ගෝඨාභය නන්දසේන ජනාධිපතිවරයා කොතරම් දුර්වල පුද්ගලයෙක්ද බව. ඔහුගේ සමයේ කිසිදු භාණ්ඩයක මිල රුපියලකින් හෝ අඩු උනාද? එදා මිල පාලනය රජයෙන් ගිලිහී මාෆියා මුදලාලිලා අතට පත් උනා. එත්, ඉතින් "ජාතික ආරක්ෂාව" "මොනවා නැතත් ඉන්න රටක් ඕනා" හොඳට තිබුන "රට බේරා ගන්න" යයි මොරදුන් මෝඩයින්ව පුන්නක්කු මිලෙහි වෙනසක් නොකොට, ගෑස් මිල පමණක් අඩු කිරීමෙන් ඔවුන්ව සතුටු කල හැකිද? රනිල් මහත්තයෝ, "කූඩැල්ලන්ව මෙට්ටේ උඩ තියන්න එපා". සැප වැඩි උනාම මොවුන්, නැවත කාපු පතේ පහරනවා. දර වලින් උයාගෙන කන්න හුරු කරන්න. අනික, දැන් අපි එක එකාට පිනට දෙන එක නවත්වලයි තියෙන්නේ. ඒ නිසා දාන ධර්ම නැහැ, ලැබෙන මුදලින් අපිට අපේ ජීවිතය ගැට ගසා ගන්න පුළුවන්.

:       136       34

SanthuWednesday, 17 August 2022 10:29 PM

ඒක ඇත්ත. ගෙදර හිඟා කකා පිටතට දස අතේ ණය වෙලා දන් දෙනවා.

:       35       10

වීරවිජේThursday, 18 August 2022 12:29 AM

දුර්වලකම තේරේවි... රනිල් තියන ඩොලර් ටිකටත් ඇරලා ගියාම. පැය 24ම කරන්ට් නැතුව තෙල් බිංදුවක්වත් නැතුව ඇරලා ගියාම....!

:       0       0

දාසThursday, 18 August 2022 04:58 AM

මහත්තයෝ මොනවද ඔය බහුබූත කථා? රු 1700කට තිබුණු ගෑස් සිලින්ඩරේ 6000 ගාණකට නග්ගලා, දැන් 1200 අඩුකරලා 5800 කියනවා..

:       0       0

janahithaThursday, 18 August 2022 09:20 AM

රටේ ආර්ථිකය රුපියල බාල්දුවනවිට භාන්ඩ මිල ඉහළ යනවා. මෙම ගෑස් වෙළඳාමේ උපරිම ලාභය ලබන්නේ කවුද කියා මෙම පාලකයින් රටට හෙළිකළොත් ඔවුන්ගේ ජීවිතද අවදානමකට ලක්වෙනවා. පසුබිමින් ඉන්න අය තවමත් රට පාලනය කරනවා..

:       0       0

Hafeel Thursday, 18 August 2022 12:04 PM

ජාතික ආරක්ෂාව කෙසේවෙතත්, තමන්ව පවා ආරක්ෂා කරගන්න බැරිව, රටින් පැනල යන්න වුනා. ඩොලරයේ අගය වැඩි වුනු නිසා තමයි ගෑස් මිල වැඩි කළා කියන එක බොරුවක් බව ඔප්පු වුනා. රජ පුතුන්ගෙන් තෙල් මාෆියාක් සිදු වෙමින් පවතිනවා බව ආරංචි. ජනාධිපති සහ තෙල් ඇමති නොදැනුවත්ව මේවා වෙන්න බැහැ. රජ පුතුන් සම්බන්ද නිසා, ජනාධිපති සහ තෙල් ඇමතිගෙන් සාධාරණයක් බලාපොරුත්තු වෙන්න බැහැ.

:       37       5

ලක්සිරි පැරිසියේ Wednesday, 17 August 2022 11:17 PM

ඉට පසු කියන්න අපිට පාඩුයි කියලා . මම තරහ නෑ අඩු කලාට හොඳයි . එවුනාට පස්සෙ අඩන්න එපා

:       1       28

දෙල්ගොඩ ධම්මි Thursday, 18 August 2022 04:58 AM

ඉස්සර නම් පහසුවෙන් ගන්න තිබුනා දැන් නම් කවුරු කවදා කොහේදි ලාෆ් ගෑස් දෙනවාද දන්නෙ නැහැ එනිසා මිලට ගැනීමට පහසුකම් සලසන්න ඒ වගේම ඉතාමත් අහංකාර එවුන්ට විකිණීමට නොදෙන්න (උදා යාය පාර හංදියේ කඩේ)

:       27       2

de silva Thursday, 18 August 2022 06:33 AM

ගෑස් සිලින්ඩරේ 5800 වෙනව නම් ඒ මිල අඩු වෙලා නැහැ. ලිට්‍රෝ එක 5100ට දෙනකොට මේක 5800 වෙන්නේ කොහොමද? මිල අඩු කරන්න නම් ගෑස් ක්ෂේත්‍රයට ෂෙල් වැනි ජාත්‍යන්තර සමාගම් තවත තව ගෙන එන්න ඕනි. බොරතෙල් නිෂ්පාදනය කරන්න ජාත්‍යන්තර සමාගම්වලට ලංකාවෙ තෙල් පිරිපහදු කර බෙදා හරින්න ඉඩ දෙන්න ඕනි. එවිට රටේ භූමිතෙල් ගුවන් යානා ඉන්ධන හිඟ වෙන්නේ නැහැ.

:       0       34

SLThursday, 18 August 2022 08:49 AM

ඇත්තෙන්ම...!

:       0       0

Customer Thursday, 18 August 2022 07:06 AM

What a joke. You just order one gas ship every three months a time for your staff and VIPs. Then you say you reduce the price of it. When did you last took step to provide gas for general public.

:       1       19

ලලිත් අම්බලන්ගොඩ Thursday, 18 August 2022 09:03 AM

අපේ ගෙදර නම් ගෑස් හිගයෙන් පස්සෙ ගෑස් ගෙනාවෙ නැහැ. ඒ කියනනේ මාස 06 ක් විතර. අපි දර ලිපේ උයනව.මමත් බිරිදත් වෙලාවට කලින් සේවයටත් යනව. අපි රජයේ සේවකයො. උදේ 5 ට අවදි වෙනව. 6.30 වෙනකොට බත්,මාලු,පරිප්පු,පළාවර්ගයක් සමග තවත් එලවලු දෙකක් පමණ හදා ගන්නව. කිසිම දිනක එකම ගෑස් පොලිමක වත් ගියේ නැහැ. කාගෙවත් ගෑස් අපි බැලුවෙත් නැහැ. අපි ලග ගෑස් සිලින්ඩර දෙකක් තියෙනව. මේ මගේ පිළිවෙල වුනාට බොහෝ පිරිසකට එහෙම බැරැව ඇති.කල්පනා කරල බලන්න, තමන්ගෙ වටිනා කාලයෙන් තමන් අනවශ්‍ය දේකට කොතරම් කාලය වැය කරනවද කියල.එහෙම කරල කාල කළමනාකරනයක් කරල අනුන්ගෙ ගෑස් නොබල ඉන්න.මටනම් ඇත්තටම ගෑස් රැපියල් 25,000 ට ගියත් කමක් නැහැ.ඒත් මේ තිරිසන් පාලකයින් ගෙන් මම ඉල්ලා සිටිනව රටේ අංහිංසක ජනතාවට මෙහෙම කරන්න එපා කියල.මේ රටේ කාඩ දේශපාලකයින් සහ අමන නිලධාරින් එකතු වෙලා අපේ සතුට අපිට නැති කලා. අපේ දරැවන්ගෙ අනාගත සිහින සියල්ල විනාශ කලා.රනිල් මහින්ද ඇතුලු හොර නඩය ගැන කථා කරනනොට මගේ නම් ඇගේ මාලු නටනවා.

:       1       9

නුවන්සිරාThursday, 18 August 2022 03:09 PM

ලලිත් වතුරේ ඉන්න සතුන්ගේ තියෙන්නේ මාලු. ගොඩ ඉන්න සතුන්ට තියෙන්නේ මස්, එහෙනම් ලලිත්ගේ ඇඟේ මාලු නටන්නේ කොහොමද? මමත් පෙබරවාරියේ සිට කාගේවත් ගෑස් බැලුවේ නැහැ. පැරණි ලිපක් (ස්පෙක්ට්‍රා) අලුත්වැඩියා කර පාවිච්චි කළා.. මම ඊයේ ඇහුවා පසුගිය කාලයේ එක මිනිහෙක් ගෑස් කඩේ තියෙන හිස් සිලින්ඩර ඉල්ලාගෙන පෝලිමේ තියනවාලු.. පෝලිමේ මුලින්ම හිටිය කෙනාට ගෑස් ලැබෙන ප්‍රමුඛතාව නිසා වංචාවට ඉඩ ලැබෙනවා. ඉන් පස්සේ දන්න අඳුනන අයට ඇමතුම් දීලා හිස් සිලින්ඩර ගෙන්නාගෙන නිවසට ගෑස් ගෙනගොස් දීලා ගෑස් වටිනාකම බයිසිකල් ප්‍රවාහන ගාස්තුව රුපියල් 1000/=ක් ගන්නවාලු.. මිනිහා දවසට සිලින්ඩර 20ක් විතර එලෙස කරනවාලු. සතියකට තුන්වරක් කළොත් කොහොමද?

:       0       0

janahitha Thursday, 18 August 2022 09:24 AM

ගෑස් සිලින්ඩරයක් දැනට වටිනාකම ඩිරාම් 80ක් වෙනවා. රුපියල්වලින් 7600ක් වෙනවා. නිෂ්පාදනය එකම සමාගමෙන් නම් අඩුවට දෙන්නේ කොහොමද? වෙනස තියෙන්නේ පාඩුව භාන්ඩාගාරයෙන් ගෙවන්න මුදල් නොමැතිකමයි, ත්‍රීවීල් එළවීම සහ ජාතික රැකියාව තෝරාගෙන පහසුකම් ගන්න හොරුන් නායකත්වයට ගන්න ජනතාවක් කිසිදා දියුණු නොවේ..!

:       0       0

කාංචන ජිවන්ත Thursday, 18 August 2022 10:21 AM

ශි ලාංකික අභිමානය සහ දේශිය සුවද යනුවෙන් ආරමිභ කළ ගෑස් පාරිභෝගික මුදලින් යැපුණූ ඔබ සමාගම, ඩොලර් බොරැව සමග ඇද වැටී ඇත. මුල අමතන දේශිය සමාගම ලාෆ් ගෑස් සමාගම වෙි.

:       0       2

sampath Thursday, 18 August 2022 11:28 AM

වෙලදපොලට ගෑස් සපයන්නෙ නැතිව ඉන්න මේ සමගම්වලට බලය දුන්නෙ කවුද පහුගිය කාලය පුරාම ගෑස් නොසැපයීම සම්බන්වදව නීතිමය පියවර ගත යුතුයි. මිල සම්බන්දව ජනතාව බලාගනිවි. සමගමේ වගකීම භාණ්ඩ සැපයීම. නැත්නම් සමාගම ඈවර කිරීම.

:       0       1

Kandy Whip Friday, 19 August 2022 06:47 AM

ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය 4750/= සහ ලාෆ් 5800/=. මොන විහිළුවක්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 178 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 278 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 225 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 525 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1198 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 575 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1296 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1543 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site