
දකුණු තායිලන්තයේ අවම වශයෙන් ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි තැබීම මාලාවක් සිදු වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.එකිනෙකට සම්බන්ධ මෙම සිදුවීම් මාලාව හොඳින් සැලසුම් කර සිදුකර ඇතැයි තායිලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.
අද(17) අලුයම දකුණු තායිලන්තයේ පළාත් 3 ක ඉන්ධන හල් සහ වෙළඳසැල් ඉලක්ක කර ගනිමින් මෙම ගිනි තැබීම් සහ පිපිරීම් සිදු වී ඇත.මෙම සිදුවීම් හේතුවෙන් හත් දෙනෙකු සුළු තුවාල ලබා ඇතැයි තායිලන්ත ආරක්ෂක අංශ පවසයි.මෙම ප්‍රහාර වල වගකීම තවම කිසිවෙකු භාර ගෙන නැතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මෝ.... අපේ මහත්තයා ඉන්නේ එහෙ නොවේ නේද? 24 වෙනිදා වෙනකල් මොන කරදරයක්වත් වෙන්න නම් එපා...
ගෝඨා යන යන තැන කලබල...!