(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන්ගේ නිදන කාමර ප්‍රශ්නයක් හේතුවෙන් පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන කාර්යාල දුම්රිය සතියක් පමණ ධාවනය අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ රියදුරන්ගේ නිදන කාමර අතර අංක 528 පොල්ගහවෙල - කොළඹ දුම්රියේ රියදුරු මහතාගේ නිදන කාමරය ද ඇති බවත් එම කාමරයේ මහනුවර - පොල්ගහවෙල දුම්රියේ රියදුරු මහතාට ද නිදාගැනීමට ලබාදීමට විරෝධය දක්වමින් අංක 528 දුම්රියේ රියදුරු මහතා දුම්රිය ධාවනයෙන් ඉවත්ව ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශය කීය.
විශාල මගීන් පිරිසක් අපහසුවට පත්කරමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වුවත් එම රියදුරුට දිනකට පැය 18 ක අතිකාල දීමනාවක් ගෙවීමට ද සිදුව ඇති බව ද ප්‍රවාහන අමාත්‍යංශය කියයි.
මෙම තත්වයෙන් දිනපතා දුම්රියෙන් කාර්යාල බලා ගමන් ගන්නා දහස් ගණනක මගීන් දැඩි අසීරු තත්වයකට මුහුණ දී සිටින බව කී ප්‍රවාහන අමාත්‍යංශය දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින රියදුරන්ගේ හිඟය හේතුවෙන් දිගින් දිගටම අතිකාල දීමනා ලබමින් රියදුරන් සේවයේ නිරත වී සිටින බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරන්නෙත් නැතුව දිනකට අතිකාල පැය 18ක්, දුම්රිය පාඩු ලබන එක ගැන කවර කතාද?
Where the Unions ? Privatize this mess , Blood sucking monsters.
ඔය සුරුට්ටු සිංහල රේල්වේ රියැදුරෝ වැඩට එන්නෙත් නිදන කාමරේ නිදාගෙන වැඩ නොකරම පඩි ගන්නද? එහෙම නම් CGR එක ලඟඳීම ලෝකෙ හොඳම දුම්රිය සේවය බවට පත්වෙයි.
ඇමැති නිදිද? ඩ්‍රයිවර්ස්ලා ට්‍රේන් කරන්න වැඩ පිළිවෙළවල් නැද්ද? ඔන්න ගොන් බූරු පාලනය...
නිදාගන්න කාමරයක් දෙනතුරු රාජකාරි පැහැර හරින්න පුලුවන්ද?සේවයෙන් පහ කරන්නයි තියෙන්නේ
ඒ වුණාට කමක් නෑ දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කරන්න දෙන්න නම් එපා.එහෙම වුණොත් රටේ අභිමානයට හොඳ නැහැලුනෙ.දුම්රිය,තෙල්,විදුලි සේවක උත්තමයන්ට තව ඕටී දෙමු.එතකොටනෙ වාමාංශික වෘත්තීය සමිති සහ වාසුදේවයන්ලට චූන් එක තියෙන්නෙ.ජනතාවට හෙණ ගැහුවත් කමක් නෑ වාමාංශික සහ රාජ්‍ය සේවයේ කුණු ගොඩ තව නඩත්තු කරමු.