(සුජිත් හේවාජුලිගේ)
රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
සියලු දෙනා පක්ෂ පාට මේ අවස්ථාවේදී ඔලු වලින් අයින් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
වර්තමාන ජනාධිපතිවරයා සමග තමා වසර පහක් ආණ්ඩු කළ බවත් තමා එතුමාගේ හැටිද එතුමා තමාගේ හැටිද හොඳට දන්නා බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.
ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් පිරිසක් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අයගේ හොරකම් ගැන කියවමින් නේද ඔහේ එදා ජනාධිපති වෙලා හිටියේ...? ඔයා දඟලන්නේ කොහොම හරි ඇතුළට රිංගගෙන හොරුත් එක්ක කරට අතදාගෙන ජනතාවගේ බදුසල්ලි වලින් ඔහේත් සුඛෝපභෝගිව ජීවත් වෙන්න නේද? ඕකෙන් අපේ රටට වෙන සුගතිය මොකක්ද?
රට මේ තත්වයට වැටෙන්න ඔබතුමාත් වගකියන්න ඕනේ. රාජපක්ෂවරුන්ට එදා හරි දඬුවම් දීලා තිබ්බොත් රට අද මෙහෙම වෙන්නේ නැහැ..
මේ ග්‍රාමසේවක මහත්තයා නේද ඒ දවස්වල මඩුවලිගයක් අතට අරන් බැංකු හොරෙක් පස්සෙන් දිව්වේ..?
ඔයාත් එකයි, රනිලුත් එකයි. දෙකක් නැහැ. ඔයාලට තියන්නේ කළු විතරයි. සුදු නම්, ගෑවිලාවත් නැහැ...
හරියට හරි.. මේ වෙලාවේ ඔවුන්ගේ පාට බලන්නේ නැතුව හැතිකරේම එළවන්න ඕනේ...
අනේ ඔවු... එහෙම හිතලා මෙයාව ආපහු ගෙන්න ගන්න. ඉතිරිවෙලා තියෙන ටිකත්...?
බලන්න දෙයක් නැහැත කළු විතරයිනේ
මෙතුමා ජනපතියා වෙලා හිටපු කාලේ රනිල් අගමැති. පස්ස දොරින් මහින්දයාට අගමැතිකම පූජාකරලා රටම ගිනි ඇවිලුවා. තමුන් නිකම්ම නිකම් මන්ත්ර්රී කෙනෙක් කියලා මතක්වෙලා? සර්ව පාක්ෂික ආණ්ඩුවක ඇමති කෙනෙක් වෙන්න කලු, සුදු වගේ හීන දකිනවා ඇති...