(අංජුල මහික වීරරත්න)
එක් එක් දේශපාලන පක්ෂවලට අවශ්‍ය විදිහට රටෙි ප්‍රතිපත්ති මාරු කිරීමට ඉඩ ලබානොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශව වසර 25 කට වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නැංවීමට එක්විය යුතු බව ද එජාප සභාපතිවරයා පැවසීය.
දේශපාලන පක්ෂ නායකයන් ළඟ රට ගොඩනැඟීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් තිබේ නම් ඒවා හංගාගෙන නොසිට වහා රටට ඉදිරිපත් කරන ලෙස ද වජිර අබේවර්ධන මහතා කීය.
රට පත්ව තිබෙන ව්‍යසනයෙන් ගොඩගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පුලුවන්දැයි ඇතැම් අය ප්‍රශ්න කරන බව කී එජාප සභාපතිවරයා බලයට පත්වී ගතවූ කෙටි කාලය ඇතුළත ජනාධිපතිවරයා වචන වලින් නොව ක්‍රියාවෙන්ම රට ගොඩනැගීමට එතුමාට ඇති හැකියාව ඔප්පු කර පෙන්වා තිබෙන බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි අපිත් හිතුවේ. එතකොට මේ උන්නැහේට දේශපාලන පක්ෂයක් නැද්ද?
එතකොට ඡන්දෙන් පාර්ලිමේන්තුවට එන්න බැරිවෙච්චි උන් රට කනකොට හොයයිද?
ඩීල් සහ හොරාකෑමේ ප්‍රතිපත්තිය කරගත් ඔබ ඇතුළු පිරිසක් සමග මොන ජාතික ප්රතිපත්තිද?
මෙයා නටන්නෙ සේනාධිපතිත් එක්ක රෙදි නැතිව
අපි ඔය කෙරුවාවල් ගැනත් හොඳටම දන්නවා...
කප්පම්කරුවන්, ඩීල් කරුවන්, දූෂිතයින්, වංචාකරුවන්, කොමිස්කරුවන් ඉන්න ආණ්ඩුව සමග කවදාවත් රට ගොඩ දාන්න නොහැකියි... අද වත්මන් කැබිනට් එකේ තීන්දු කළ කප්පම්කරුවෝත්, තවත් කප්පම් ඉල්ලු ඇමැති කෙනෙකුත් ඉන්නවා. ඉතින් කොහොමද රට ගොඩදාන්නේ...?
පක්ෂවලට නම් දන්නේ නෑ. දැන් නටන්නේ කොටි ඩයස්පෝරාවට ඕන විදිහට. ලොක්කා පිනට පහත් වෙනකොටම මේ බව අපි දැනගෙන හිටියා. අරගලය කළෙත් ඩයස්පෝරාවමනේ...
කවුද මේ?
මාළුවා නහින්නේ කට නිසා කියලා මම අහලා තියෙනවා.