(අංජුල මහික වීරරත්න)
මේ වනවිට රෝහල් වල හිඟ වී පවතින ඖෂධ කඩිනමින් සැපයීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හදිසි අනතුරකට ලක්ව රෝහල් ගත වී ප්‍රතිකාර ලබන ප්‍රවීන රංගනවේදී ජැක්සන් ඇන්තනි මහතාගේ සුවදුක් විමසීමට කොළඹ ජාතික රෝහලට පැමිණි ජනාධිපතිවරයා අනතුරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ මහතා හමුවී රෝහලේ පවතින අඩුපාඩු පිළිබඳව විමසා බැලුවේය.
හිඟ ඖෂධ යළි කඩිනමින් ලබා ගැනීම තමාගේ ප්‍රමුඛ අරමුණක් වන අතර ඒ සඳහා දැනටමත් ක්‍රියා කර තිබෙන බව කී ජනාධිපතිවරයා දිවයින පුරා රෝහල් වල බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් ඇති බවද ඉතා ඉක්මනින් ඖෂධ හිඟයට විසඳුම් ලබාදී ජනතාවට නිදහස් සෞඛ්‍ය රිසිසේ භුක්ති විඳීමට අවස්ථාව සලසන බව ද සඳහන් කළේය.
ජැක්සන් ඇන්තනි මහතාගේ සුවදුක් විමසා රෝහලෙන් පිටතට පැමිණි ජනාධිපතිවරයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ සිටි රෝගීන්ගෙන්ද සුවදුක් විමසා සිටියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
’’ඖෂධ හිඟයටත් කඩිනමින් විසඳුම් දෙනවා’’
ganegoda Friday, 19 August 2022 02:26 PM
රටේ ජනතාව ජනාධිපති මන්දිරයට කඩාවැටුණු වෙලාවේ කෝටි ගාණක ඖෂධ හොයාගන්න ලැබුණලු. ඒත් රටේ ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රමාණයවත් රෝහල්වල නෑ නේද? පොහොට්ටුවෝ ගෝ හෝම්...!
sharm warn Friday, 19 August 2022 04:18 PM
කයිවාරු වචන මාලාව අහල අහලම වමනෙට එනවා. ඇත්තටම නටපු නැටුමකුත් නැහැ බෙරේ පලු දෙකත් නැහැ. මේවට තවත් අපි රැවටෙයි කියලා හිතාගෙන ඉන්නවද?
Sunil Saturday, 20 August 2022 05:52 AM
එතකොට අසාධ්‍ය රෝගීහු බොහෝ දෙනෙක් අවසන් ගමන් ගිහින් හමාරයි.