(සුජිත් හේවාජුලිගේ )
රජය පෞද්ගලීකරණය කරන ආයතන ලැයිස්තුවට විශාල වශයෙන් ලාබ ලබන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකාටෙලිකොම් යන ආයතනද ඇතුළත් කර ඇති බවත් ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමට සමගි ජන බලවේගය පක්ෂය විරුද්ධ බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
කෙසේ වෙතත් විශාල වශයෙන් පාඩු ලබන ශ්‍රී ලංකන් එයාර් වැනි ආයතන සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට විරෝධතාවක් නැති බව සඳහන් කළ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර යම් තීරණයක් ගැනීමට හැකියාව පවතින බවද ප්‍රකාශ කළේය.
පාඩු ලබන ආයතන වුණත් පෞද්ගලීකරණය කරන්නේ නම් ඒවායේ සේවකයන්ට සිදුවන්නේ කුමක් දැයි සහ ඔවුනට වන්දි ගෙවන ආකාරය යනාදී දේවල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දිය යුතු බවද ඔහු සඳහන් කළේය.
එසේම ඒවායේ ප්‍රතිව්‍යුහගත කටයුතු විනිවිදභාවයෙන් සිදුවිය යුතු බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතා "ද ඉකොනොමිස්ට්" සඟරාවට ප්‍රකාශයක් කරමින් ටෙලිකොම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවද පෞද්ගලීකරණය කළ හැකි බව ප්‍රකාශ කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
437
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෙලිකොම් - රක්ෂණ සංස්ථාව දෙනවාට කිරිඇල්ලගෙන් දොස්
dhammika gamage Friday, 19 August 2022 01:51 PM
අල්ලස, හොරකම, පගාව දෙනවට වඩා හොඳයි.. පුද්ගලීකරනය. නිදහසේ සේවයක් ගන්න පුළුවන්. කිරිඇල්ල මොනවද දන්නේ? අපිනේ ඒ දුක් විඳින්නේ...
ගජමිතුරු Friday, 19 August 2022 02:19 PM
ප්‍රතිව්‍යුහගත කරනවා කිව්වාම මට පරණ සිද්ධියක් මතක්වුණා. කච්චේරි තිබුණු කාලයේ 1987ට පෙර පේෂකර්ම දෙපාර්තමේන්තුව තිබුණා.. දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂ කෙනෙක් හිටියා. මෙම කාලයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට (පැරඩයිස්) හා අටකලංපන්නේ උප දිසාපති කාර්යාලයට තරමක් දුරින් ඇඹිලිපිටිය පාරේ කවුඩුවාවේ ලෙසට බලවේග පේෂකර්ම මධ්‍යස්ථාන තුනක් තිබුණා.. මේවා කේ. ටෙක්ස් ආයතනට පැවරීම කළා. ඉන්පස්සේ සේවකයින් සියලු දෙනාටම රැකියා නැතිවුණා. එයින් ඇහැලියගොඩ ආයතන භූමිය දැනට කවුරු හෝ පාලනය කරන්නේ මාසිකව කාමරයක් සඳහා විශාල කුලියක් අයකරමින්. එහි කාමර 10 ක් පමණ තියෙනවා. මේ ගොඩනැගිලි රජයේ දේපළ... තවමත් රජයට බදු හෝ ලැබෙනවා නම් හොඳයි.. නැත්නම් ලොකු අපරාධයක් වෙනවා. අනෙක් ස්ථාන දෙකේමත් එහෙම කියලා ආරංචියි.
duplicate Ralahami Friday, 19 August 2022 02:47 PM
එයා දන්නේ විකුණන්න විතරයි... අඩු ගාණේ ඒක විකුණලා ඒක හදන්න ගත්තු ණය ටිකවත් ගෙව්වේ නැති මහලොකු කෙරුම්කාර හාමු ගැන රටම දන්නවා.
Prase Friday, 19 August 2022 03:00 PM
පාර්ලිමේන්තුවත් පුද්ගලීකරණය කරන්න පුළුවන්ද හොයලා බැලුවොත් හොඳයි... ඒකත් ජනතාවට බරක්... කන කෑමවේල දැක්කාම...
SL Friday, 19 August 2022 04:35 PM
ලාබ ලබන භාණ්ඩාගාරයට සල්ලි දෙන ආයතන මොන එකකට විකුණනවාද? විකුනන්න ඕනේ CGR ,CPC,CEB සහ අනෙකුත් වී අලෙවි මණ්ඩලය, ශ්‍රී ලන්කන් වගේ ඒවා... රනිල් ඔයා බැඳුම්කරෙන්, හම්බන්තොට විකුණලා කරපු හොරකම් ආයෙත් කරන්නද යන්නේ? හොරා කාපු RDA එකත් වික්කා නම් හරි...
Lalith M Saturday, 20 August 2022 09:55 AM
ශ්‍රී ලංකා ටෙලිකොම් කීවාට ඕක පුද්ගලික සමාගමක්. රජයට හිමි සුළු කොටස් ප්‍රමාණය විකුණා දමන්න. මොබිටෙල් 1993 පටන්ගත්තු දා සිට පුද්ගලික සමාගමක් විදියට තිබුනේ. ඒ ආදර්ශය ගෙන සිපෙට්කෝ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ වෙනත් රාජ්‍ය සංස්ථා පෞද්ගලික අංශයට දෙන්න. පින්පඩිකාර භවතුන් අපූරුවට වැඩ කරයි. නැතිනම් පන්නලා දමයි...