(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැඩි දවසක් නොගිහින් සිරිකොතට අලි පෙරහරක් වගේම පොහොට්ටු පෙරහරක් යන ලකුණු පෙන්නුම් කරනවා . එහෙම වුණොත් සජබෙටයි - පොදුජන පෙරමුණටයි අබසරණ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසයි.
මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ බණ්ඩාරගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ තමයි එක්සත් ජාතික පක්ෂය එක් මන්ත්‍රී ධූරයකට පසු බැහැලා විනාශ වුණේ.ඒක මුළු රටම දන්න කාරණයක් .
දැන් රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ ගොඩ ගන්න හොඳම කාලේ මේක තමයි කියලා.
ඒ නිසා අද සමගි ජන බලවේගය විනාශ කරමින් පවතිනවා.අලි පෙරහැරක් සිරිකොතට යනවා කියන්නේ සජබ විනාස වෙනවා කියන එකයි.
ඒ වගේම තමයි ඒ පිටු පස්සෙන් පොහොට්ටුවේ කණ්ඩායමකුත් සිරිකොතට යන ලකුණු පෙනෙනවා.
ඒ පෙරහැරේ ඉන්නේ හොර මැරකම් දූෂණ චෝදනාවට ලක් වූ පුද්ගලයන්,ඒකයි දැන් සිටම රනිල් වන්දනාවේ යන්නේ.
මේක අපේ පොහොට්ටුව අය තේරුම් ගන්න ඕන එහෙම තේරුම් ගත්තෙ නැත්තං එක්සත් ජාතික පක්ෂෙට එදා වෙච්ච දේමයි පොහොට්ටුවටත් වෙන්නේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන පෙරහැරේ යන අයට මේ රටේ ඡන්ද දායකයන් නැවත ඡන්දය දුන්නොත් රටටම අබසරනයි.
රනිල් කියන්නේ නියම ඩීල් කාරයෙක්. 134 ක් ඡන්දෙ දුන්නෙ නිකම් නෙවෙයි.
කොහොමින් කොහොම හරි ලලිත් කියන්නෙ රනිල් අන්තම දූෂිතයෙක් කියලා තමයි
ඇයි හිතන් ඉන්නේ ආයිත් එන්නද චන්දෙ ඉල්ලගෙන ? වරෙල්ලා වරෙල්ලා අපි ඉන්නේ එනකන් තමයි.
රනිල් පස්සේ කවුද යන්නෙ යUNPයට මේක මේ මාධ්‍ය විසින්උ ලුප්පා කියන දෙයක්. රනිල් කියන්නෙ දේශපාලනික දුප්පත් නායකයෙක්. 2024 දි රටට නායකයෙක් නිවැරදිව තීරනය කරල පත්කරගන්න පුළුවන් වේවි.