IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෑම ප්‍රමාද වුණැයි පියා දැරියගේ ඔළුව බිත්තියේ හප්පලා

(ටෝනි කරුණානායක)

දිවා ආහාරය නිසි වේලාවට ලබා නොදුන්නැයි පවසමින්  16 හැවිරිදි දියණිය ගේ හිස අල්ලා බිත්තියේ ගැසු  පියාකු ලබන මස 06 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය  නියම කළාය .

දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියකගේ පියකු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .

රිමාන්ඩ් බාරයට පත් සැකකරුගේ බිරිඳ විදේශ ගතව රැකියාවක නිරතවන බව අධිකරණයේදී සඳහන් විය. සැකකාර පියා බීමත්ව නිවසට පැමිණ මෙම දැරියට නිරන්තරයෙන්ම කරදර හිරිහැර කරන බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි දිවුලපිටිය පොලිසිය අධිකරණය හමුවේ කීය .

සැකකාර පියා තම දියණියට පහරදෙමින් දියණියගේ හිස බිත්තියක හැප්පිම නිසා දියණිය රෝගාතුර වීම හේතුවෙන් දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති බවත් මෙතෙක් ඇයගෙන් ප්‍රකාශයක් ලබා නොගත් බව පොලිසිය අධිකරණය හමුවේ කීය

දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැදවීමට ඉදිරියේදී කටයුතු කරන බව ද පොලිසිය අධිකරණය හමුවේ කීය. දි

 



අදහස් (1)

කෑම ප්‍රමාද වුණැයි පියා දැරියගේ ඔළුව බිත්තියේ හප්පලා

පිටිගල මිලානෝ Monday, 22 August 2022 09:32 AM

ලංකාවේ ගොඩක් මිනිස්සු කුකුල් කේන්ති කාරයෝ…. මෙවන් මිනිහෙක් ලද බිරිද කෙතරම් අවාසනාවන්තද?

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site