IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්ධන ලබාගැනීමේ පැහැදිළි අඩුවක්

 

(යොහාන් භාසුර)

ජාතික ඉල්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් පසුව ජනතාව ඉන්ධන ලබාගැනීම පැහැදිළි ලෙස අඩුවී ඇති බවත් ඉන්ධන මිල ඉහළ යෑම මෙම තත්වයට ප්‍රධාන හේතුව ලෙස දකින බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (21) පැවසීය.

කිව්.ආර්. සංකේතයෙන් සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සතියකට වරක් ලබාගැනීමේ හැකියාව ජනතාවට නොමැති බව කී කුමාර රාජපක්ෂ මහතා කාර් රථයකට පෙට්‍රල් ලීටර 20 ක් ලබාගැනීමට සතියකට රුපියල් 9000 බැගින් රුපියල් 36,000 අවශ්‍ය වීම නිසා එවැනි වියදමක් කිරීමට ජනතාවට හැකියාව නොමැති බව ද සඳහන් කළේය.

පිරවුම්හල් 1,145 කින් ඉන්ධන ලීටර ලක්‍ෂ 48 කට අධික ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත් එහිදී පෙට්‍රල් ලීටර ලක්‍ෂ 31 ක් සහ ඩීසල් ලීටර ලක්‍ෂ 17 කට අදික ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත් බලශක්ති අමාතයංශය පැවසීය. 



අදහස් (9)

ඉන්ධන ලබාගැනීමේ පැහැදිළි අඩුවක්

sena Sunday, 21 August 2022 06:17 PM

ඔයවගේම ආහාරවල මිලත් හොඳටම වැඩි කරපුවාම ආහාර මිලදී ගන්න කෙනෙක් නැතුව ආහාර ප්‍රශ්නයත් ඉබේම විසඳෙනවා. නියම ආණ්ඩුවක්... රනිල් තමයි හොඳටම කෙරුවේ...!

:       0       0

කිරි පුතා Sunday, 21 August 2022 06:32 PM

මේ සාර්ථක QR ක්‍රමය නිසා ඉන්ධන අරගෙන ව්‍යාපාරයක් කරගත්තු අය නැතිවුණා. දැන්නම් හරිම පහසුයි. තම තමන්ට හැකි පමණින් ඉන්ධන ටික ගහගෙන ඒක කලමණාකරණය කරගන්න පුළුවන් කාටත්...!

:       0       0

චන්දන Sunday, 21 August 2022 06:53 PM

ඇත්ත. අත්‍යාවශ්‍ය ගමනකට හැර දැන් වාහන භාවිතා කිරීම අඩුකරලා...

:       0       0

සිල්වා Sunday, 21 August 2022 07:36 PM

මිල වැඩි කිරීමෙන් පරිභෝජනය අඩු වේ. මේකයි දැන් හොඳම සූත්‍රය. පරිභෝජනය අඩු වේ නම් ආර්ථිකය වර්ධනය ද පහළට යෑම සිදුවේ.

:       8       34

සුරංග Monday, 22 August 2022 06:23 AM

ඉන්ධන මිල ඉහළ දමා පරිභෝජනය අඩුකරන්න හිතෙනවා නම් ධීවරයින්ගේ නිෂ්පාදන පහළ යන්න පුළුවන් කියලා කියන්න වෙනවා..!

:       0       0

Bamunuarachchi Monday, 22 August 2022 07:31 AM

මිනිස්සු අරපිරිමැස්මට පුරුදුවෙලා. මේ ක්‍රමය දිගටම ගෙනියන්න. රටට ඉන්ධන ගෙන්වීම අඩුකරන්න.

:       4       3

zeylanicus` Monday, 22 August 2022 07:55 AM

මොකද්ද මේ කියන හතර බීරි කතාව? QR හඳුන්වා දුන්නට පස්සේ සතියකට 9,000 ගානේ මසකට 36,000ක් වියදම් කරන්න බැහැලු. QR නොතිබුණා නම් සීමාවක් නැතුව ඉන්ධන දෙනවානේ, එතකොට ඊට වඩා වියදම් වෙනවනේ මිනිස්සුන්ට... අනික 20ක් දුන්නා කියලා 20ක්ම ගහගන්න ඕනේ නෑනේ.., තමන්ට අවශ්‍ය සහ සල්ලි තියෙන ප්‍රමාණයට ගත්තා නම් ඉවරයිනේ. මේ අය කලබල වෙලා තියෙන්නේ වැඩිපුර සල්ලි අරන් හොර පාරෙන් පෙට්‍රල් ගහන්න බැරි වුණු නිසා, නැතුව මිනිසුන් ගැන ආදරේට නෙමෙයි..! 

:       1       4

Athula Monday, 22 August 2022 12:11 PM

සංචාරය කරන්න එනන සංචාරකයින් ඉතින් කොහොමද සංචාරය කරන්නේ එතකොට ඔවුන්ගෙන් යැපෙන මහා ජනතාවක්‌ ඉන්නවා පාර අයිනේ යමක් විකුණලා ජීවත් වෙන ම්නිස්සු වගේ බොහෝ ජනතාවක්‌ ඒ මිනිසුන්ට යන කළ දසාව මොනතරම් කෙදනීයද

:       1       4

sampath Thursday, 25 August 2022 03:56 PM

කලුකඩෙන් 3000ට ලීටරේ ගත්තේ... තිනර් කවලම් කරපුවා. සල්ලි නෑ කියන එක පිළිගන්න බෑ. මේකෙන් මාෆියා කාරයින් අඩුවුණා. මනුස්සයෙකුට තෙල් ටිකක් ගහගන්න දුන්නේ නෑ. තෙල් පෝලිම්වල දේශපාලන කණ්ඩායම් 20ක් 30ක් රංචු ගැහිලා හිටියා. ප්‍රශ්නය වවන් කෑවා. මේ ක්‍රමය දිගටම ක්‍රියාත්මක කරන්න ඕනෙ නම් ප්‍රමාණය වැඩිකළාට කමක් නෑ. අවශ්‍යතාවය බලලා... පුංචි බවුසර් වලට නම් අවස්ථාවක් නොදිය යුතුමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site