(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවත් එමගින් ජනතාවගේ පරමාධිපත්‍යයට හානියක් වන බවත් ජනාධිපති නිතීඥ මනෝහරද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (22) පැවසීය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු නවදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 09 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (22) විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
එහිදී මෙහි පෙත්සම්කාර පාර්ශ්වයක් වන කර්නල් සුමේද අමරසිංහ මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නිතීඥ මනෝහර ද සිල්වා මහතා එසේ ප්‍රකාශ කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුනගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් අද (22) සැලකිල්ලට ගැණීනි.
වෛද්‍ය ගුණදාස අමරසේකර, කර්නල් සුමේද අමරසිංහ, විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු, නීතීඥ නුවන් බෙල්ලන්තුඩාවේ සහ සබරගමු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. එස්. කුමාර යන මහත්වරුන් ඇතුලු නව දෙනකු මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇති අතර මෙහි වගඋත්තරකරු ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි දන්නෑ මේක නිශ්ප්‍රභා කලා කියන්න මෙච්චර කල් ගන්නෙ. මානව හිමිකම් කවුන්සිලෙට පෙනෙන්න අල්ලගෙන ඉදලා ලස්සනට කියයි නිශ්ප්‍රභා කරලා ඉවත දැම්මා කියලා. මෙ රටේ ද නිතියක් තියෙන්නෙ...
පොඩි ප්‍රශ්නයක් තියනවා. කාට හරි නියමිත පිලිතුර පහැදිලි කල හකිද? ජනාධිපති බලතල කප්පාදුකර එය පාර්ලිමෙන්තුව වෙත පැවරීම හරිද? වැරදිද? ඕනෙම රටක පොදු පිලිගැනීමක් තියෙනවා පාර්ලිමෙන්තුව යනු වැඩි මහජන නියෝජිතයින් ගෙන් සමන්විත තැනක් කියලා. ජනාධිපති යනු එක පුද්ගලයෙක් කියලා. ඒකද? නැතිනම් පොදුද?