
(නිමල කොඩිතුවක්කු)
භූමි තෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වතු ආශ්‍රිත පිරිස් සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.
භූමිතෙල් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සහනාධාර මිලට භූමිතෙල් විකිණීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට හේතුවක් වූ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක සිට සිදුවිය යුත්තක් බව ද ඔහු එමගින් සඳහන් කරයි.
පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළ දැමූ අතර ඒ අනුව රුපියල් 87ක් ව පැවැති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340 ක් දක්වා ඉහළ නැංවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව දෝලාවෙන්. ගමන හොම්බෙන්.
සුපර්...!!! කූපන් ක්‍රමය...! කොන්දක් තියෙනවනේ කෙලින් තීරණ ගන්න... !!!
Privatize the CPC .....