(නිමන්ති රණසිංහ)
අරගලය පැවැති ජුලි 13 වැනිදා කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ලෙසින් ඇතුලු වූයේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පියත් නිකේෂල නැමැත්තාය.
සිද්ධියට අදාළව සිදුකරණ පරීක්ෂණයේදී සී සී ටී වී දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් අයතු ලෙස ඇතුලු වී ඇති පිරිස අතර මෙම සැකකරු ද සිට ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන අවසන්ව නොමැති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පියත් නිකේෂල රිමාන්ඩ්
demi Monday, 22 August 2022 07:39 PM
මේක හොඳයි. නීතිය අතටගත් ඔක්කෝටම නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනෑ. හැබැයි රාජපක්ෂ නඩේටත් ඊට සමානවම...!
මැක්ස් Monday, 22 August 2022 09:25 PM
මේ නොසණ්ඩාල පිරිස විසින් සිදුකළ හානිය සුළුපටු නොවේ. ඊට ඔවුන් දඬුවම් විඳිය යුතුයි.