
(නිමල කොඩිතුවක්කු)
ගෑස් සහ ඉන්ධන ප්‍රශ්නය විසඳා රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න වලට කඩිනම් විසඳුමක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වූ බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (22) පැවසීය.
රටේ සෙසු ආර්ථික ප්‍රශ්න කඩිනමින් විසඳා රට ශක්තිමත්ව ගොඩ නැගීමට අවශ්‍ය වැඩපිළිවෙල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් යන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
රට ගොඩනැගීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනාධිපතිවරයා මේ වන විට පක්ෂ විපක්ෂ සියළු දෙනාට ආරාධනා කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පැමිණෙන දේශපාලන නියෝජිතයන් ධනාත්මකව අදහස් දක්වා එළියට ගොස් එය විවේචනය කරන බවත් අබේගුණවර්ධන මහතා පැවසීය.
රටේ පවතින අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එක්වී වැඩ කටයුතු කළ යුතු කාලය එළැඹ ඇති බැවින් පක්ෂ විපක්ෂ භේද පසෙකලා සියලු දෙනාම එක්වී වැඩ කළ යුතු බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ව ජනපති කරන්න මෙයත් දායක වුණා. සර්ව පාක්ෂික ආණ්ඩුවක කැබිනට් ඇමැතිකමක් ගන්න හිතාගෙන ඇති...
කන්න හිතුනාම මේ ගොල්ලො කබරගොයා උනත් තලගොයා වගේමයි කියන්න කිසිම හිරිකිතයක් නැති පොහොට්ටුවෝ තමයි මේ. රාජපක්සලා ගොම ගොඩක් පෙන්නලා මේක හරිම රහයි කීවොත් අය දෙකක් නෑ ඉස්මුරුත්තා වෙන්නම ගිල දානවා .ඊට පස්සෙ අපිටත් කන්න කියනවා. අනේ අම්මපා.
එතකොට සර් ෆේල්ද? ඔයාලා එකතුවෙලා රට කන්නේ නැතුව වහාම ඡන්දයක් තියන්න.
රනිල්ට හරි පාරේ යන්න ඕනම නම් මෙයාව අස් කරලා දාන්න.
ඔව්... මූලික ප්‍රශ්නය වුනේ ඔබ වැනි හොරු ටික ආරක්ෂා කරන එක. ඒක කළා සහ කරමින් ඉන්නවා...
කබරගොයා,හිරිකිත පොහොට්ටුවා.
රත්තරන් සහ මහබැංකු හොරුන්.. අඩුපාඩුවකට තියෙන්නේ අර්ජුන මහේන්ද්‍රන් නොමැතිකම පමණි.
රටේ ප්‍රශ්න කොහොම උනත් මාල කඩන හොරකම් කරන කොමිස් ගහන ප්‍රශ්න නම් විසදලා දෙවි
රෙද්දක් ඇඳගෙනද මේක කිව්වේ.. මේ වැනි අය නිසා තමයි රට අද අසරණ වී සිටින්නේ...
මුන් ලබන සැරේ කුනු මෝලට අරින්න ඔනෙ
මෙපමන කාලයක් රනිල්ට බෑ රනිල්ට බෑ කියම්න් සිටි ඔබගේ නිගමනය වැරදී නේද? නිකන් බබා පාර්ට් දාන්න එපාව. ඔබලගෙන් බහුතරයක් හොරු ඔක්කෝම යාලුවෝ. ලගදිම ජනතාව ඔබලට නිසි පිලිතුරක් දේවී. එතකන් අර වතුරු හැලියේ ඉන්න කකුලුවා වගේ නටමින් ඉන්න.
මෙකෙන් පෙන්නුම් කරන්නෙ මෙ ආන්ඩුවෙ යථාර්තවාදී ඇත්ත තත්වය ගැන කතා කරන්න උගත් කමක් තියෙන එවුන් බයයි.. එහෙම නැති අය තප්පුලනවා..
කලුතර දිස්ත්‍රික් මාල හොරා අකිවනම් තමයි වඩත් සුදුසු........
මෙ මනුස්සයා රට කියන්නෙ පාර්ලිමෙන්තුවෙ ඉන්න පොහොට්ටු සෙට් එකට.
අනේ මෙයයි මායි දන්න රටේ මූලික ප්‍රශ්නෙ.
රට විනශ කලට මෙයාට රජකාලෙ ඳඩුවම් දෙන්න ඔනෙ.