IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අධිවේගී අනතුරින් කොරියන් භාෂා ගුරුවරිය මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොරියන් භාෂා  ගුරුවරියක් ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථයක් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර්  16 දශම 1 සපුගස්කන්ද ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රීෙය් ටයිල් පැටවූ ලොරියක ගැටීමෙන්  ගුරුවරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අතුරුගිරිය රථවාහන පාලක මධ්‍යස්ථානය සඳහන් කරයි

ජීප් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇත

අනතුරින් මියගොස් ඇත්තේ කඩවත රම්මුතුගල ගෝනහේන පාර පදිංචිව සිටි ගිතානි මානෙල් ප්‍රියන්ති (47 ) එක් දරු මවකි

ටයිල් පැටවූ ලොරිය මාතර දෙස සිට කඩවත දෙසට ධාවනය වීමේ දී  එම දිසාවටම පිටුපසින් ධාවනය වෙමින් තිබු සුඛෝපභෝගී ජීප් රථය ලොරියේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය සඳහන් කරයි

ජීප් රථය ලොරියෙ ගැටීමත් සමඟ ම එය සුන්බුන් ගොඩක් බවට පත්වී ඇති අතර ගුරුවරිය හඳුනාගත නොහැකි ලෙස බරපතළ තුවාල සිදුවී තිබූ බව පොලිසිය කියයි

අනතුර සිදුව ඇත්තේ කඩවත පිටවීමේ හුවමාරු මධ්‍යස්ථානයට කිලෝමීටර් දෙකක් පමණ තිබියදී බවත් පොලිසිය කියයි

ජීප් රථ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය සහ අධික වේගය අනතුරට හේතුව වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

අතුරුගිරිය රථවාහන පාලක මධ්‍යස්ථානය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එස් අශෝක කුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ



අදහස් (2)

අධිවේගී අනතුරින් කොරියන් භාෂා ගුරුවරිය මරුට

බස්තියන් Wednesday, 24 August 2022 03:23 PM

ධාවනය වෙමින් තිබුණු ලොරියේ පිටිපස්සේ ජීප් එක හැප්පිලා, ජීප් එකේ සිටිය ගුරුවරිය මියගියාම ඉස්සර වෙලා ගිය ලොරියේ රියදුරු මොනවා කරන්නද? මූණට මූණ පැමිණි එකක් නම් අනතුරක් වළක්වා නොගත්තා කියන්න තිබුණා... පස්සෙන් යන වාහනය ඉස්සරහ වාහනයට සීමිත දුරක් තබාගෙන යායුතුයි.. එහෙම නොකර ඇත්තටම පිටිපස්සෙන් ඇවිත් හැප්පීම ඉදිරියෙන් ගිය වාහනයේ රියදුරු වළක්වා ගන්නේ කොහොමද? නොදන්නා නිසා අහන්නේ කියලා දෙන්න...!

:       0       6

de silva berlin Wednesday, 24 August 2022 03:48 PM

රියදුරෙක් මාර්ග නීතිවලට අනුකූලව වාහනය පදවමින් සිටිනවිට කෙනෙකු අධික වේගයෙන් අපරික්ෂාකාරීව පැමිණ තමන්ගේ වාහනයේ පසුපස වෙන වාහනයක් හැප්පුවොත්, නීත්‍යානුකූලව රිය පදවපු මනුස්සයාවත් හිරේ දමනවා. කරුණාකර මේ නීති දැන්වත් වෙනස් කරන්න. මනුස්සයෙක් නිරපරාදෙ රිමාන්ඩ් කරනවා කියන්නේ එම මනුස්සයාට සිදුවන විශාල මානසික පීඩාවක්... අපරාධකාරයින් එක්ක හොඳ මිනිස්සු හිරේ දැම්මාම ඔවුන් නරක වැඩට පෙළඹෙන එක නිකන්ම සිදුවෙනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 434 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site