
(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ ආරක්‍ෂාව තරකිරීමට පියවර ගෙන තිබේ.
එම නිවසේ මීට පෙර යොදවා තිබූ ආරක්‍ෂක අංශ සාමාජිකයන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් මේ වන විට යොදවා ඇති අතර කොමාන්ඩෝ බලකායේ නිලධාරීන් යොදවා ආරක්‍ෂාව ශක්තිමත් කර තිබීම කැපී පෙනේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (24) දිනයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද ඒ මහතාගේ පැමිණීම සති දෙකක් පමණ ප්‍රමාද වන බව පසුව කියවිණි.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොළොත් කරලා ජනතාව එළවපු කෙනාට මොකටද ඔය තරම් ආරක්ෂාව? කෞතුක වස්තුවක්ද? ආරක්ෂාව හොඳටම තියෙනවා හිර ගෙදර නැත්නම් හමුදා කඳවුරේ. හරි නම් දූෂිත පවුල් පාලනේ හැමෝම ඉන්න ඕනේ එහෙම තැනක....
69න් 68 ලක්ෂයක් ඔහු සමගය...