(සුමිත් පොතුපිටිය)
දොඩංගොඩ මලබඩ ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි දොඩංගොඩ පොලිසිය පවසයි.
ත්‍රීරෝද රථය යටදොල ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගෙන මතුගම දෙස සිට කළුතර දෙසට යමින් සිට ඇති අතර , වැන් රථය කළුතර දෙස සිට මතුගම දෙසට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කීය.
අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ පසුපස ගමන්ගත් දෙදෙනා බවත් ඔවුන් දොඩංගොඩ සපුගහවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් පොලිසිය කීය.
රෝහල් ගතකර ඇති ත්‍රීරෝද රථ රියදුරුගේ තත්ත්වයද තරමක් බරපතළ බවද සදහන් වේ.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෑන් - ත්‍රිරෝද ගැටී දෙකක් මරුට:අයෙක් රෝහලට
D P P Prasad Wednesday, 24 August 2022 10:13 AM
ත්‍රි රෝද රථ රියැදුරන් බොහෝමයක් ඉතාමත් අපරික්ෂාකාරී අන්දමට රිය ධාවනය කරන බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නැත. විශේෂයෙන් කුලීරථ රියදුරන් මෙලෙස අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම නිසා දිවයින පුරා සිදුවි ඇති මරණ සංඛ්‍යාවද ඉතා ඉහළ අගයක් ගනියි. මෙම රථය ප්‍ර්‍රමාණයෙන් කුඩා නිසා අනෙකුත් විශාල වාහන අතරින් රිංගා ගමන් කිරීමට මෙම රියැදුරන් වැඩි ඇල්මක් දක්වයි. පොලිස් රථවාහන අංශ මේ සම්බන්ධව කොපමණ දැනුවත් කිරීම් වැඩ සටහන් පැවැත්වූවද ඒවා ප්‍ර්‍රතිඵල රහිත වැඩසටහන් බවට පත්ව ඇත. තවද අවාසනාවන්ත ලෙස සිදුවන මෙවැනි ජීවිත අහිමිවීම ඉතාමත් ඛේදජනකයි.. එමනිසා ඉතා සංයමයකින් හා පරික්ෂාකාරීව රිය ධාවනය කිරිම වැඩිහිටි තරුණ සියළු දෙනාගෙන්ම යුතුකමක් බව කාරුණිකව සිහිපත් කරමි...!