(සුජිත් හේවාජුලිගේ )
රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි සිය පෞද්ගලික නිවෙසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ප්‍රකාශ සටහන් කර ගැනුණු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ජයකොඩි මහත්මිය ඊයේ (26) උදේ දිවයිනෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
ඇය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 505 දරණ ගුවන් යානයෙන් මෙසේ දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ සන්ජේ ජයකොඩි සහ අමායා ජයකොඩි යන දරු දෙදෙනාද සමඟය
රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි සිය පෞද්ගලික නිවෙසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුලාංජලී ජයකොඩි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනුණේ පසුගිය 20 වෙනිදා සෙනසුරාදා දිනයේය.
කිසියම් ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවෙසට ඉකුත් ජුලි මස 9 වැනිදා ගිනි තබනු ලැබීමෙන් එහි වටිනා පොත්පත් ඇතුළු දේපළ රැසක් විනාශවිය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුලාංජලී ජයගොඩ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තේ ඇය එම සිද්ධියවූ අවස්ථාවේදී ඒ ස්ථානයේ සිටි බවට ලැබුණු තොරතුරක් අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමියගේ පුද්ගලික විදේශ ගමනක්. එය ජනතාවට අදාළ නැහැ.
කරපු වැරැද්ද හිතට වද දෙනකොට ඉන්න හිතෙන්නේ නෑ.
අන්තරේට එක නීතියක්, රන්ජන්ට තව නීතියක්, ඇලෝසියස්ට වෙනම නීතීයක්,.. 225ට ලොවෙත් නැති නීතීයක්, දුලාංජලීට අමුතුම නීතියක්... නැති බැරි මිනිහාට හරිම නීතියක්...
රුපියල් 5000 කොල මිටි කේස් එකේදි මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසා ගැලවුණු නිසා, ගෙවල් ගිණි තියන දේවල්වලටත් සපෝට් කරන්න තරම් දියුණු වෙන්න ඇති.
ඇත්තෝ කති බොති, නැත්තෝ ලෙවකති. ඩුබයි වෙන්න ඇති යන්න ඇත්තේ? ලංකාවේ ඕනම ශිෂ්ඨ සමාජ සම්මත නැති වැඩක් කරලා පනින්න තියෙන ලේසිම තැන තමයි ඩුබයි. මාස තුන හතරකට පෙර පවුල් පිටින් මාලදිවයින හරහා ඩුබයි ගියා කියලා පුවත් තිබුණේ. පාතාල සාමාජිකයින් වැඩිම ගණනක් සැඟවිලා ඉන්නෙත් ඩුබයි වලලු නේද?
හොඳ වෙලාවට පොත් ටික ගිනිගත්තේ... නැතිනම් මේ කොල්ලෝ කුරුට්ටෝ කඩල ඔතන්න ගත්තා නම්... කපටියන් කීදෙනෙක් බිහිවෙනවද?
රටින් යන්නේ මොකද කියලා නම් ඇයත් දන්නවා..
සටකපට...!
එයාට රට යන්න බැරිද? හොරුන් වගේ නෙවෙයිනේ... එයාගේ පුද්ගලික වැඩවලට එයාගේ සල්ලිවලින් යන්න තහනම්ද?
පසුබිම සකස් කරගෙන දේශපාලන රැකවරණ ගන්න හොඳ රටකට යන්න ඇති. බයවෙන්න එපා... ද්විත්ව පුරවැසිකම ගන්න ආපහු එයි...
මේ කමෙන්ට්ස් දැක්කාම හිතෙනවා, තරුණ කාලයේම රට හැරගිය එක හොඳයි කියලා...
සුද්දා භාණ්ඩාගාරය කොල්ලකා, ජනතාව අමාරුවේ දාපු.., රාජපක්සලාට... මැතිතුමා යනුවෙන් අමතන්නේ... 1
ප්‍රේමෙගේ ලොකු ළමයනේ ඉතින්...
දැං නම් අපිටත් පේනවා මේවා පිටුපස හිටියේ කව්ද කියලා...
පැනයයි!!!.
කාටත් හොරා අපේ සල්ලිත් අරගෙන පැනලා ගියේ නැහැ නේද?
දුලාංජලී කොහේ ගියත් මොකෝ.... එය අපට ප්‍රශ්නයක් නොවෙයි නේද? සියලු සත්ත්වයෝ සුවසේ වෙසෙත්වා යන සිතුවිල්ලයි මට ඇත්තේ...