
(සුජිත් හේවාජුලිගේ)
රුපියල් හැට තුන් දහසක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක 2019 වර්ෂයේ මාසික පරිභෝජන වියදම( ආහාර ඇතුළු විවිධ භාණ්ඩ සඳහා වැය කරන මුදල) උද්ධමනකාරී තත්ත්වය හේතුවෙන් අද වනවිට රුපියල් එක් ලක්ෂ දස දහස් දක්වා රුපියල් 47000 කින් පමණ ඉහළ ගොස් ඇතැයි විශේෂ අධ්‍යයනයකින් පෙනී ගිය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය.
රුපියල් දා හතර දහස් පන්සියයක්(14,500ක්) ලෙස පැවති මෙරට අන්ත දුගී පවුලක 2019 වර්ෂයේ මාසික පාරිභෝජන වියදම උද්ධමනකාරී තත්වය හේතුවෙන් අද වන විට රුපියල් විසි පන් දහස් පන්සියයක් (25,500) දක්වා රුපියල් එකොළොස් දහසකින්(11,000) පමණ වැඩි වී ඇතැයි පවසන මහාචාර්යවරයා මෙම දුගී පවුල් සමාජයට ලක්ෂ 21 ක ජනගහනයක් ඇතුළත් වන බවද සඳහන් කළේය.
තවද රුපියල් එක්ලක්ෂ අනූ අට දහසක් ලෙස පැවැති මෙරට ඉහළ ආදායම් ලබන පවුලක 2019 වර්ෂයේ මාසික වියදම උද්ධමනකාරී තත්වය හේතුවෙන් මේ වනවිට රුපියල් තුන්ලක්ෂ හතළිස් පන් දහසක් දක්වා රුපියල් එක්ලක්ෂ හතළිස් දහසකින් වැඩිවී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
එම ඉහළ ආදායම් ලබන පිරිසට ලක්ෂ 20ක ජනගහනයක් ඇතුළත් වන බවද වසන්ත අතුකෝරළ මහතා කීවේය.
එසේම රුපියල් හතළිස් අට දහසක් ලෙස පැවති මෙරට මැදි ආදායම් ලබන පවුලක මාසික වියදම උද්ධමනකාරී තත්වය හේතුවෙන් මේ වන විට රුපියල් අසූ තුන් දහසක් දක්වා රුපියල් තිස් පන් දහසකින් වැඩිවී ඇති බව එම අධ්‍යයනයේදී පෙනී ගියේ යැයිද මහාචාර්යවරයා පැවැසීය.
මේ අතර පසුගිය 2019 වර්ෂය වනවිට මාසික පරිභෝජන වියදම රුපියල් ලක්ෂය ඉක්මවූ පුද්ගලයන් ලක්ෂ විසි එකක් රටේ සිටි අතර එම සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ අසූ හතරක් දක්වා ඉහළ ගොස් ඇත.
මාසික පරිභෝජන වියදම රුපියල් ලක්ෂය ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව මෙසේ ඉහළ ගොස් ඇත්තේ ජීවන තත්වය ඉහළ යෑම නිසා නොව පාරිභෝජන භාණ්ඩවල මිල ඉතා විශාල ලෙස ඉහළ යෑම නිසා බව පෙනී යන්නේ යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි සඳහන් 'පැවති වියදම්' සලකා බැලීමේදී පෙනීයන්නේ මෙම මහාචාර්‍යවරයා මෙම රටේ ජීවත් නොවූවෙකු බවයි.
මේ මහාචාර්යතුමා කෙසෙල්කැන් කපලා හොඳ ආදායමයක් උපයන කෙනෙක්. හැමෝම ඒ තුමා වගේ වෙන්න.
මහාචාර්යතුමා ආණ්ඩුවට හිතවත් කෙනෙක් මිස, ජනතාව ගැන සත්‍ය තොරතුරු හෙළි කරන්නෙක් නොවන බව පෙනේ. එදා රුපියල් 100 ට කාපු සාලයින් කිලෝ්වක් අද 1000 යි. තව කියන්න ඕනෑද? රුපියල් 200 ගණන්වලට තිබුණු ග්‍රෑම් 400 පිටිපැකට් එක අද 1120 යි. මහාචාර්යතුමා මෙහෙ කෙනෙක් නම් නොවන හැඩයි...!
මේ කමෙන්ට්ස් දාල තියෙන 'පොඩිමොලේ-ලාමක-ලලිත්' තුන්දෙනාම ණයට එදිනෙදා ජීවිතය ගැට ගහගන්න අය බව පෙනේ...! උද්ධමනය කියන වචනයේ තේරුම උද්ධ මානයෙන් බලන අය විය හැක...!
උද්දමන කාරයාගේ ලොකු මොලය ගැන අපි අනුකම්පාවෙන් බැලිය යුතුයි.
උද්ධමනය...