(අංජුල මහික වීරරත්න)
විදේශගත ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති තනතුර රන්ජන් රාමනායක මහතා විසින් භාර ගනු ලැබීය.
ජනාධිපති පොදු සමාව ලැබීමෙන් පසු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා රන්ජන් රාමනායක මහතාට මෙම තනතුර පිරිනමන බව ප්‍රකාශ කළේය.
රන්ජන් රාමනායක මහතා ඔහු කලින් පදිංචිව සිටි මාදිවෙල මන්ත්‍රී නිවාසයට පෙර දින රාත්‍රියේ මනුෂ නානායක්කාර මහතා සහ ආධාරකරුවන් සමග ගිය අතර එහිදී මනුෂ නානායක්කාර මහතා අදාළ තනතුර නිල වශයෙන් පිරිනැමීය.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ද පැමිණි අතර තම අසල්වැසියා නිදහස් වීම ගැන සතුට පළ කරන බව විමලවිර දිසානායක මහතා එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ නිදහස් වුණා ද? ඉතින් මොකට ද බං පින් තනතුරු බාරගන්නේ? ඕවා අතහරින්න.., යන්න ගම්පහට, ඉල්ලන්න ඡන්දේ...
අපි මෙච්චර දවසක් හිතාගෙන හිටියේ ඔහු පිටකොන්දක් තියන මිනිහෙක් කියලා.
අර දේශපාලන බුලත් හපයා මොකටද ඔතැනට ගියේ? ඒ පැත්තට පනින්න හිතිලාද...?
රන්ජන්ට අයිතිකරුවන් ගොඩයි... පරිස්සමින්..!
රන්ජන්ගේ විනාශයේ මුල...