සජබ සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරයි සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. 21 March 2022
බොරතෙල් මිල යළි ඉහළට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල නැවතත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 21 March 2022
දර්ගා නගරයේ ගෑස් පෝලීම උණුසුම් වෙයි අලුත්ගම දර්ගා නගරයේ ගෑස් පෝලීම් වල රැදී සිටි පිරිස ,පොලීසිය සහ ගෑස් අලෙවි නියෝතයා සමඟ අද (21) උණුසුම් තත්ත්වයක් ඇති විය. 21 March 2022
ඉතිහාසගත ලෙස රුපියල බාල්දුවෙයි ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 285 අගයක් දක්වා අද (21) පහළ වැටිණ.ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරට වේ. 21 March 2022
යතුරුපැදිය තාප්පයේ ගැටී දෙදෙනක් මරුට තිදෙනෙකු ගමන් ගත් යතූරැ පැදියක් අනාරක්ෂිතව අධික වේගයෙන් ගමන් කිරීමේදී පාලනය කර ගත නොහැකිව තාප්පයක ගැටීමෙන් එහි ගමන් කළ තිදෙනාගෙන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල සහිතව මාවනැල්ල මුලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බව මාවනැල්ල පොලීසිය පැවසිය. 21 March 2022
බේස්ලයින් මාර්ගය අවහිර වෙයි විරෝධතාවක් හේතුවෙන් ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වී තිබේ. 21 March 2022
බස්නාහිර පාසල් විභාග නියමිත පරිදි බස්නාහිර පාළාත් පාසල්වල අර්ධ වාර්ෂික විභාගය නියමිත පරදි පැවැත්වෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අංශය සඳහන් කරයි. 21 March 2022
සහල් සඳහා පාලන මිලක්? සහල් සඳහා පාලන මිලක් පැනවීමට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 21 March 2022
මිරිගම තෙල් පෝලිමකදී තවත් අයෙක් මරුට මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇතැයි මිරිගම පොලිසිය කියයි. 21 March 2022
ඉන්ධන පෝලිමේ කතාව පිහි ඇනුමකින් කෙළවර වෙයි නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් පෝලිමේ ඇති වී යැයි කියන බහින් බස්වීමක් අවසානයේ පිහියකින් ඇනීම හේතුවෙන් බරපතල තුවාල සහිතව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කොට සිටි විසි නම හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි. 21 March 2022
බන්ධනාගාර බත්පතත් බරක් වෙයි බන්ධනාගාර ගත සිරකරුවන්ට ආහාර සැපයීමද පවතින උද්ධමනකාරී වතාවරණය යටතේ දැඩි ගැටළුකාරීවී ඇතැයි වාර්තා වේ. 21 March 2022
වැස්ස සිහින් වෙයි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (21) සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 March 2022
බත්කඩේ බින්ඳ හොරා වෙඩි තබා අල්ලයි රත්මලාන ප්‍රදේශයේ පිසූ ආහාර අලෙවි කරන ආපන ශාලාවකින් මුදල් කොල්ලකා ,සේවකයන් දෙදෙනකුට තුවාල සිදුකර පලායමින් සිටි පුද්ගලයකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 21 March 2022
ඩොලර් නැතිව විදෙස් කාර්යාල තුනක් වසයි ඩොලර් හිඟය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. 21 March 2022
බසයක් පෙරළී අයෙක් මරුට 20කට තුවාල මුලතිව් - යාපනය ප්‍රධාන මාර්ගයේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද (20) සවස පෙරලී සිදු වූ අනතුරකින් එක් අයකු මිය ගොස් තවත් 20 දෙනකු තුවාල ලබා ඇතැයි මුලතිව් පොලීසිය පැවසීය. 20 March 2022
ආර්ථික සභාවට උපදෙස් දෙන්න තවත් දෙදෙනකු පත්කරයි ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා පත් කර ඇති ආර්ථික උපදේශක සභාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් ව්‍යවසායකයන් දෙදෙනකු පත් කරනු ලැබ ඇත. 20 March 2022
ආසාදිතයන් අද 236යි කොවිඩ් ආසාදිතයින් තව 236 ක් අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 20 March 2022
සර්වපාක්ෂික සමුළුව ගැන උදයගේ මතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා (23) පැවැත්වෙන සර්වපාක්ෂික සමුළුව ප්‍රෝඩාවක් බවත්, ඒ රැවටීමට සම්මාදම්වීමට නොහැකි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය. 20 March 2022
රුසියන් කත වැලි ලොරියට යටවී මරුට රුසියානු ජාතික කාන්තාවක් අහංගම නගරයේදි වැලි ලොරියකට යටවිමෙන් අද සවස මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි. 20 March 2022
විපක්ෂ රැළියකට ගිය කතක් වැටී මරුට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුරලිය කඹුරාවල ප්‍රදේශයේ දි අද පැවැති සමගි ජන බලවේග රැළියක් සඳහා සහභාගීවීමට පෙළපාලියක ගමන් කරමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් මහමග ඇද වැටී මිය ගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසයි 20 March 2022
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ . 20 March 2022
කොරෝනා වයිරසය ආවේනික වෙයි කොරෝනා වයිරසය මේ වන විට ආවේනක වෙමින් පවතින බවක් පෙනේනට ඇතැයි කැඩනාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ සමීක්ෂණයකින් හෙළි වි ඇත. 20 March 2022
මාස්ක් මිලත් හෙට සිට නගියි මුව ආවරණවල මිල සියයට 30 කින් හෙට (21) සිට ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා පැවසීය. 20 March 2022
රංජන් ජාතික රෝහලට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි. 20 March 2022
කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 5 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 March 2022
තවත් ගෑස් නැවකට මුදල් ගෙවයි ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත අනෙක් නෞකාවට මුදල් ගෙවා නිදහස් කරගත් බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 20 March 2022
කෝටි 12ක රන් සමග අයෙක් මාට්ටු යාපනය කොළඹ බස් රථයකින් රුපියල් කෝටි 12 ට අධික වටිනා රන්බඩු තොගයක් ප්‍රවාහන කරමින් සිටි සැකකරුවකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාස මගින් ආමර්වීදිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 March 2022
සුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් රතු නිවේදනයක් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (21) දිනයේදී ගැඹුරු පීඩන අවපාතයක් සහ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 March 2022
පානීය ජලය බෝතල් මිලත් ඉහළට බෝතල් කළ පානීය ජලය බෝතල් මිල ද ඉහළ දැමීමට ජලය නිෂ්පාදකයින් පියවර ගෙන තිබේ. ඒ අනුව පානීය ජලය මිලිලීටර 500 ක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ. 20 March 2022
හෙට පැය 5 ක් ලයිට් නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (21) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (20) පස්වරු පැවසීය. 20 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026