(ඩයනා උදයංගනී)
ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට අද (9) මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම පළාත්වලට එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීවේය.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd