(විමුක්ති එස් රුද්‍රිගු)

විදේශයන්හි රැකියා වල නියුතු වන ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන විදේශ මුදල් ප්‍රමාණය අගෝස්තු මසට සාපේක්ෂව සැප්තැම්බර් මස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කළේය.

ඉකුත් අගෝස්තු මස ශ්‍රී ලංකාවට එවූ විදේශ මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 32 කෝටි 54 ලක්ෂයක් ලෙස සටහන් වූ අතර එය සැප්තැම්බර් මස ඇමෙරිකානු ඩොලර් 35 කෝටි 93 ලක්ෂයක් ලෙස සටහන් විය.

එමෙන්ම විදේශයන්හි රැකියා වල නියුතු වන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2574.1 ක විදේශ මුදල් ප්‍රමාණයක් ප්‍රමාණයක් මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඒවා තිබෙන බව මහ බැංකුව පෙන්වා දුන්නේය.