(මහින්ද නිශ්ශංක )
දැනට ලොතරැයි පතක් වෙනුවෙන් ලබාදෙන සියයට 17.05 ක කොමිස් මුදල සියයට 20 දක්වා කඩිනමින් වැඩි කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක යෙදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන් ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය .
කොමිස් මුදල සියයට 20 දක්වා වැඩි කිරීමට වසර දහයක පමණ සිට ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපතිවරුන් ගෙන් ඉල්ලා සිටින නමුත් මෙතෙක් එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ඔහු කීය.
විශේෂයෙන් මහා භාණ්ඩාගාරයේ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක යෙදෙන මෙම අලෙවි නියෝජිතයන්ගේ සහ සහායකවරුන් ගේ ඉල්ලීම මෙතෙක් ඉටු නොවීම කනගාටුවට කරුණක් බව පවසන සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩල දෙක දිනකට විශාල වශයෙන් ලාබ උපයන බව ද කියා සිටී .
දැනට රට තුළ අලෙවි නියෝජිතයින් 4800 ක් පමණද, අලෙවි සහායකවරුන් 38,000 ක් පමණද , ලොතරැයි ව්‍යාපාරයේ යෙදෙන අතර ඔවුන්ගෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකක් පමණ වන බව ද සභාපතිවරයා පවසයි .
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යමිල සියයට සියයකින් වැඩි වී තිබෙන මෙම අවස්ථාවේ ලොතරැයි අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකවරුන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ ලොතරැයි අලෙවි කටයුතු සිදුකරමින් ලොතරැයි ව්‍යාපාරය නගා සිටුවීමට කටයුතු කරන බවත් පවසන ඒ මහතා එහෙත් ලොතරැයි මණ්ඩල දෙක අලෙවි නියෝජිතයින් හා අලෙවි සහායකවරුන් ගැන නොසලකා හැර ඇතැයි පැවසීය .
මේ අනුව දැනට ලබාදෙන කොමිස් මුදල වැඩි නොකිරීම සම්බන්ධව අලෙවි නියෝජිතයන් සහ සහායකවරුන් බලවත් නොසන්සුන්තාවයට පත්ව ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොතරැයි නියෝජිතයන්ගෙන් තරවටුවක්