
(ඩී.ජී.සුගතපාල)
ගිංතොට ප්‍රදේශයේදී මුස්ලිම් පල්ලියක දායක සභාවේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සංසිඳවීමට ගිංතොට තුන්මහල් විහාරාධිපති හිමියෝ කටයතු කළහ.
2021 වසර දක්වා එකට සිටි දායක සභාව දෙපිලකට බෙදි පල්ලියේ බාරකාරත්වය ලබා ගැනිමට උත්සාහ කිරිම නිසා එම ආරවුලට මුල බව පැවසේ.
එක් පාර්ශවයක් පල්ලියේ සාම්‍ප්‍රදායික දායක සභාව වන අතර අනෙක් පාරශවය මෑතකදි එහි දායක සභාවට පත්වු තරුණ පිරිසකි.
පල්ලියේ දායක සභාව තමන් බවත් පලිල්යේ භාරකාරත්වය තමන් සතු බවත් පවසා දෙපාර්ශවයම ඒ වනවිට ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇත. එහෙත් විසඳුමක් ලැබි නැත. මෙහි ඇති තත්වය තේරුම්ගත් විහාරාධිපති හිමියෝ සෙනසුරාදා පෙරවරුවේ දෙපාර්ශවයම විහාරස්ථානයට කැඳවනු ලැබුහ.
මෙහි විශේෂත්වය වුයේ පල්ලියට නොයන මුස්ලිම් කාන්තාවෝද විහාරස්ථානයට පැමිණ සිටිමය.මෙහිදි දෙපාර්ශවයම තම තමන්ට පල්ලියේ දායක සභාවේ භාරකාරත්වය සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත.
දෙපාර්ශවයේම කරුණු වලට සවන්දුන් විහාරාධිපති හිමියන් මේ රටේ නැවත යුද වාතාවරණයක් හෝ බෙදුම් වාදයක් ඇතිවිමට ඉඩ නොදී සියලු දෙනා එකට එක්ව සාමයෙන් සිටිය යුතු බව ප්‍රකාශ කළහ.
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාට වකුගඩුවක් දුන්නේද බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙවැනි අනවශ්‍ය සුලු දේවල් අවසානයේ මහා ගැටුම් බවට පත්වි ජිවිත දේපලපවා විනාශවන නිසා සියලු දෙනාම කරුණු අවබෝධ කරගෙන ගැටුම් ඇතිකර නොගෙන දෙපාර්ශවයම එකට එක්වි පල්ලියේ ආගමික කටයුතු පවත්වා ගෙන යන ලෙස ඉල්ලා සිටියහ.
මුස්ලිම් භක්තිකයන් ලෙස ශුද්ධවු අල් කුරාණය ඉදිරියේ සියලු දෙනා ගැටුම් ඇතිකර නොගන්නා ලෙසට පොරොන්දු වන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ. පසුව සියලු දෙනාම විහාරාධිපති හිමියන්ට තම කෘතඥතාවය පල කරමින් විසිර ගියහ.
මෙය මුස්ලිම් දෙපාරශවයක් අතර ඇතිවිමට ගිය ගැටුමක් නතර කිරිමේ පියවරක්වු අතර . මෙම ඓතිහාසික අවස්ථාව ගිංතොට තුන් මහල් විහාරස්ථාන ඉතිහාස කතාවේ රන් අකුරෙන් ලියවෙනු ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං මොකක්ද දීපු විසඳුම ?
අති ශ්‍රෙෂ්ඨ ක්‍රියාවක් . ලංකාවෙ අනෙකුත් සියලු දෙනාටම ආදර්ශයක් .
Really grateful and honorable act by most venerable thero. People to follow foots step if we needs to have a good future.
රාත්‍රි කාලයේදී එදාම නැවත ගැටුමක් ඇතිවුණා.. අතීතයේ සිට පල්ලිය හා බැදුණ දායක පවුල් ගම්පියසේ සිටින අතර ගමෙන් පිටත කීපදෙනෙක් පැමිණ පල්ලියේ පරිපාලනය බලහත්කාරයෙන් ඔවුන් අතට පත්කර ගැනීමට උත්සාහ කිරීම නිසා මෙම ගැටුම් කාරීත්වයට හේතුවයි..