IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පල්ලියේ මත බේදයට පන්සලේදී විසැඳුම්

(ඩී.ජී.සුගතපාල)

ගිංතොට ප්‍රදේශයේදී මුස්ලිම් පල්ලියක දායක සභාවේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සංසිඳවීමට   ගිංතොට තුන්මහල් විහාරාධිපති හිමියෝ කටයතු කළහ.

2021 වසර දක්වා එකට සිටි දායක සභාව  දෙපිලකට බෙදි පල්ලියේ බාරකාරත්වය ලබා ගැනිමට උත්සාහ කිරිම නිසා එම ආරවුලට මුල බව පැවසේ.

එක් පාර්ශවයක් පල්ලියේ සාම්‍ප්‍රදායික දායක සභාව වන අතර අනෙක් පාරශවය මෑතකදි එහි දායක සභාවට පත්වු තරුණ පිරිසකි.

පල්ලියේ දායක සභාව තමන් බවත් පලිල්යේ භාරකාරත්වය තමන් සතු බවත් පවසා දෙපාර්ශවයම ඒ වනවිට ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇත. එහෙත් විසඳුමක් ලැබි නැත. මෙහි ඇති තත්වය තේරුම්ගත් විහාරාධිපති හිමියෝ සෙනසුරාදා පෙරවරුවේ දෙපාර්ශවයම විහාරස්ථානයට කැඳවනු ලැබුහ.

මෙහි විශේෂත්වය වුයේ පල්ලියට නොයන මුස්ලිම් කාන්තාවෝද විහාරස්ථානයට පැමිණ සිටිමය.මෙහිදි දෙපාර්ශවයම තම තමන්ට පල්ලියේ දායක සභාවේ භාරකාරත්වය සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත.

දෙපාර්ශවයේම කරුණු වලට සවන්දුන් විහාරාධිපති හිමියන් මේ රටේ නැවත යුද වාතාවරණයක් හෝ බෙදුම් වාදයක් ඇතිවිමට ඉඩ නොදී සියලු දෙනා එකට එක්ව සාමයෙන් සිටිය යුතු බව ප්‍රකාශ කළහ.

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාට වකුගඩුවක් දුන්නේද බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙවැනි අනවශ්‍ය සුලු දේවල් අවසානයේ මහා ගැටුම් බවට පත්වි ජිවිත දේපලපවා විනාශවන නිසා සියලු දෙනාම කරුණු අවබෝධ කරගෙන ගැටුම් ඇතිකර නොගෙන දෙපාර්ශවයම එකට එක්වි පල්ලියේ ආගමික කටයුතු පවත්වා ගෙන යන ලෙස ඉල්ලා සිටියහ.

මුස්ලිම් භක්තිකයන් ලෙස ශුද්ධවු අල් කුරාණය ඉදිරියේ සියලු දෙනා ගැටුම් ඇතිකර නොගන්නා ලෙසට පොරොන්දු වන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ. පසුව සියලු දෙනාම විහාරාධිපති හිමියන්ට තම කෘතඥතාවය පල කරමින් විසිර ගියහ.

මෙය මුස්ලිම් දෙපාරශවයක් අතර ඇතිවිමට ගිය ගැටුමක් නතර කිරිමේ පියවරක්වු අතර . මෙම ‍ඓතිහාසික අවස්ථාව ගිංතොට තුන් මහල් විහාරස්ථාන ඉතිහාස කතාවේ රන් අකුරෙන් ලියවෙනු ඇත.

 



අදහස් (6)

පල්ලියේ මත බේදයට පන්සලේදී විසැඳුම්

Mithrasiri Sunday, 09 October 2022 03:00 PM

ඉතිං මොකක්ද දීපු විසඳුම ?

:       16       5

NimalSunday, 09 October 2022 06:59 PM

පල්ලියේ මතබේදයට පන්සලේදී විසැඳුම් ගැටළු ඇතිකර නොගෙන මෙවැනි අනවශ්‍ය සුලු දේවල් අවසානයේ මහා ගැටුම් බවට පත්වි ජිවිත දේපල පවා විනාශවන නිසා සියලු දෙනාම කරුණු අවබෝධ කරගෙන ගැටුම් ඇතිකර නොගෙන දෙපාර්ශවයම එකට එක්වි පල්ලියේ ආගමික කටයුතු පවත්වා ගෙන යන ලෙස උපදෙස් ලබාදී ඇත. නමුත් කළයුතුව තිබෙනුයේ පල්ලියේ මත බේදයට විසදුම නම් " මෙම දෙපර්ශය්වයම නියෝජනය නොකරන නමුත් දෙපාර්ශවයේම සහ මුස්ලිම් ජනත්වගේද කැමැත්ත අනුව "අලුත් කණඩායමක් දායක සභාවට" පත්කර ගැනීම වේ. පාර්ලිමේන්තුවේ සිදුවන්නේද මෙයම නිසා රටේ පුරවැසියන්ගේ බලසිටින්නේද අලුත් කණඩායමක් පත්කර ගැනීමට බලපොරෝතුවෙනි

:       2       10

මෝMonday, 10 October 2022 03:15 AM

හම්මෝ..ලංකාවෙ එවුන් ඔහොමමයි.දුන්නොත් ගිනිගෙඩියක් තමයි.

:       0       0

චන්දන Sunday, 09 October 2022 03:24 PM

අති ශ්‍රෙෂ්ඨ ක්‍රියාවක් . ලංකාවෙ අනෙකුත් සියලු දෙනාටම ආදර්ශයක් .

:       0       41

Dayan Sunday, 09 October 2022 05:29 PM

Really grateful and honorable act by most venerable thero. People to follow foots step if we needs to have a good future.

:       1       28

පුගීත් මාපලගම Monday, 10 October 2022 09:53 AM

රාත්‍රි කාලයේදී එදාම නැවත ගැටුමක් ඇතිවුණා.. ⁣අතීතයේ සිට පල්ලිය හා බැදුණ දායක පවුල් ග⁣ම්පියසේ සිටින අතර ගමෙන් පිටත කීපදෙනෙක් පැමිණ පල්ලියේ පරිපාලනය බලහත්කාරයෙන් ඔවුන් අතට පත්කර ගැනීමට උත්සාහ කිරීම නිසා මෙම ගැටුම් කාරීත්වයට හේතුවයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site