(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආන්දෝලනයට තුඩුදුන් ගල්අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊට සම්බන්ධ වූ පාර්ශ්වයන් කැඳවීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කරඇත
එමෙන්ම රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් කෝප් කමිටුව දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ නෛතික හැකියාව සම්බන්ධයෙන්ද කමිටු සාමාජිකයින්ගේ අවධානයට ලක්විය.
මෙම කරුණු සාකච්ඡා වුයේ නව කෝප් කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (7) රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සභාපති ධූරයට පත්වීමෙන් පසුව එම කමිටුව රැස් වූ පළමු අවස්ථාව මෙයයි.
තවත් කරුණු ගණනාවක් ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව කෝප් කමිටු සාමාජිකයෝ පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැකිල්ලේ නඩු තීන්දුවක්ද?
රංජිත් බණ්ඩාර කියන පුද්ගලයාගෙන් සාධාරණයක් බලාපොරොත්තු විය හැකිද? මොහු පොහොට්ටුවේ බළල් අතක් නිසා කුමා...!!!
ඔයිට උඩින් තියෙන කමිටුවේ ඉන්න කට්ටියගේ විස්තරත් කියන්නකෝ..? නිකන් මහජන මුදල් නාස්තියක් තමයි.
මිනිස්සු බොරුවට අවුස්සන එක විතරයි වෙන්නේ. අල්පෙනෙත්තක් වත්වත් වැඩක් නැහැ. මෙච්චර හොර අහුවෙලත් දඬුවම් දුන්න කෙනෙක් කියන්න.
නිකන් කාලය නාස්ති කිරීමක් .වහාම චන්දයක් තියලා මේ ඉන්න හොරු ටික එලවන්න ඕන