(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ආගමික ස්ථානවල වැඩිවූ විදුලි ගාස්තුව සියයට 50 කින් අඩු කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
සියලුම ආගමික ස්ථාන විදුලි ගාස්තු අයකිරීමේ ආගමික ස්ථාන යන කාණ්ඩයෙන් ඉවත්කර පොදුකාර්ය ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ විදුලි ගාස්තු සියයට 50 කින් අඩුවන බවත් ජනක රත්නායක මහතා සඳහන් කළේය.
ආගමික ස්ථානවලට ඒකකයකට පැවැති රුපියල් 1.60 ක ගාස්තුව විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ඒකකයකට රුපියල් 75 ක් ලෙස ඉහළ ආගමික ස්ථානවල මාසික විදුලි ගාස්තුව සියයට 550 කින් ඉහළ ගිය බවත් ආගමික ස්ථාන පොදුකාර්ය කාණ්ඩයට ඇතුළත් කර පසු විදුලි ඒකකයක් රුපියල් 32 කට ලබාදීමේ හැකියාව ලැබෙන බවත් ජනක රත්නායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික ස්ථානවල විදුලි ගාස්තු අඩු කරනවා නම් විදුලිය පාවිච්චි කරන ප්‍රමාණය අඩු කරවීම සඳහා වැඩ පිළිවෙලක් හදූන්වා දිය යුතුය.