IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


යුරෝපයේ දිගම පාලමේ ට්‍රක් බෝම්බ පිපිරුමක්

 

ක්‍රිමියා අර්ධද්වීපයේ සිට රුසියාවේ ක්‍රස්නොදාර් පළාතට ප්‍රවිෂ්ඨ වීමට ඇති එකම පාලමේ ට්‍රක් රථ බෝම්බයක් පිපිරීමෙන් පසු නැවත වරක් පාලමේ කොටසක් ජනතාව වෙනුවෙන් විවෘත කර ඇතැයි රුසියානු මාධ්‍ය වාර් තා කළේය.

පාලමේ දිග කිලෝ මීටර 19 ක් වන අතර මෙම පාලම යුරෝපයේ දිගම පාලම ලෙසද සැලකේ.

රුසියානු වේලාවෙන් සෙනසුරාදා උදෑසන 6 ට පමණ ලොරි රථයක් පාලම උඩදී පිපිරී ගොස් ඉන් පාලමේ කොටසක් කඩා වැටී ඇති අතර පිපිරීම හේතුවෙන් ඊට සමාන්තරව පිහිටි රේල් පාරේ ගමන් කරමින් තිබු දුම්රියක ඉන්ධන ටැංකි හතක් ද ගිනි ගැනීමට ලක් වූ බව රුසියානු මාධ්‍ය වාර් තා කළේය.

ට්‍රක් රථ බෝම්බ ප්‍රහාරයෙන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර  එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් යුක්රේනයේ සැලැස්මක් මත සිදු වන්නට ඇතැයි විශ්වාස කරන බවත් රුසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.

මෙය ආරම්භය පමණක් බවත් ක්‍රිමියා අර්ධද්වීපයේ රුසියානු බලය බිඳ වැටී ඇතැයි පවසමින් යුක්රේන පාර් ශ්වය සිදුවීමට ප්‍රතිචාර දක්වා ඇත.

බෝම්බය පිපිරීමෙන් සිවිල් යටිතල පහසුකම් විනාශ වීම පිළිබඳව  යුක්රේනයෙන් ලැබුණු ප්‍රතිචාරය ත්‍රස්තවාදී ස්වභාවයක් ගන්නා බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා මහත්මිය ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධව රුසියානු බලධාරීන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය.

034

 



අදහස් (1)

යුරෝපයේ දිගම පාලමේ ට්‍රක් බෝම්බ පිපිරුමක්

ජැක්සන් Sunday, 09 October 2022 04:50 PM

Kyiv regime is so desperate to taste some Russian nukes.

:       8       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 458 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16939 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site