(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මොරටුව ප්‍රදේශයේ පර්චස් 12 ක ඉඩමක් අත්පත් කර ගැනීම සදහා මීට වසර 31කට පමණ පෙර පිය - පුතු දෙදෙනකු ඝාතනය කර මළ සිරුර බොල්ගොඩ වැව ආසන්නට දමා ගිය සිද්ධියට කතක ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ දිසා අපරාධ කොට්ඨාසය කියයි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන ගෙන ඇති අතර ඔහුගෙන් ලද තොරතුරුවලට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු සහ පිළියන්දල පදිංචි 64 හැවිරිදි කාන්තාවකි

කාන්තාව ප්‍රධාන සැකකරුගේ බිරිද බවද පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මහරගම නාවින්නේ පදිංචි සහ පානදුර ජනප්‍රිය මාවතේ පදිංචි එවකට 49 හා 21 යන වයස්වල පසුවන පියපුතු දෙදෙනෙකි.