(යොහාන් භාසුර)

කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ උත්තර දේවී නරගාන්තර දුම්රිය තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර අද (8) පෙරවරුවේ පීලී පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවැසීය.  

දුම්රියේ ඉදිරිපස එන්ජිම සහිත මැදිය සහ තවත් මැදිරියක් පීලීපැන ඇති බවද කී එම නිලධාරියා ඒ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වන විට බාධා ඇති වී තිබෙන බවද සඳහන් කළේය.