
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඊයේ (8) එරට විශේෂ අධිකරණයක් හමුවේ පෙනී සිටියේය.
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් 70 හැවිරිදි ෂෙහ්බාස් ෂරිෆ්ට පමණක් නොව, ඔහුගේ පුතුන් දෙදෙනා වන හම්සා (47) සහ සුලෙමාන් (40) ට ද චෝදනා එල්ල වී ඇත. සුලෙමාන් ජීවත් වන්නේ මහා බි්‍රතාන්‍යයේය.
අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරිෆ් සමහ පුතුන්ට එල්ල වී ඇත්තේ පාකිස්තාන රුපියල් බිලියන 16 ක මුදලක් විශුද්ධිකරණය සම්බන්ධයෙනි. එල්ල වන එම චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් තමන් එක රුපියලක් වංචා කර නොමැති බවත්, අග්‍රාමාත්‍යවරයා අධිකරණය හමුවේ පවසා තිබේ.
ලාහෝර් අධිකරණය හමුවේ නඩුව විභාග වෙද්දී පවා ෂෙහ්බාස් ෂරීෆ් සහ හම්සා ට පෙර ඇප හිමි වී තිබුණු බව ද පාකිස්තාන මාධ්‍ය පෙන්වා දී තිබුණි.
පාකිස්තාන ෆෙඩරල් පර්යේෂණ ඒජන්සිය, ෂෙහ්බාස් ෂරිෆ් සහ පුතුන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා, ඔවුන්ට චෝදනා ගොනු කළේ 2020 වසරේදීය. ඒ වනවිට, පාකිස්තාන විපක්ෂ නායක ධුරය හෙබවූයේ ෂෙහ්බාස් ෂරීෆ් ය.
ෂෙහ්බාස් ෂරීෆ්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ එම ධුරයේ කටයුතු කළ ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් නෙරපා දැමීමෙන් පසුවය. ඒ, මෙම 2022 වසරේ අප්‍රේල් මාසයේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
501
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2242
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තාන අගමැති අධිකරණය හමුවට
Sunil Sunday, 09 October 2022 11:12 AM
I am wondering as to why this isn't happening in Sri lanka. In the recent past there were several well explicit cases in Sri Lanka involving top level politicians ..Very recently a media or private secretary was charged with misappropriation of big amount of money belonging to one of the top politicians. Finally politicians side withdrew the case. According to them he has started the resettlement of f the same in instalments. It is a pity that our authorities are least worried to find out how that money accumulated in short period of time.
ravin Sunday, 09 October 2022 11:47 AM
එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයිද?