(යොහාන් භාසුර)
චෝදනා එල්ල වී ඇති රාගම රෝහලේ වෛද්‍යවරයා පිත්තාසයේ ගල් ඉවත්කිරීමේ සැත්කමකට ලක්කළ එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අවිවාහක තරුණියක වසරකට ආසන්න කාලයක් ඇඳට සීමාවී සිටින බව ඇයගේ පියා ‘ලංකාදීප’යට පැවසීය.
ගයනි ඉනෝෂා පෙරේරා නැමැති ඇය පසුගිය වසරේ (2021) නොවැම්බර් මස 5 වැනිදා පිත්තාසයේ ගලක් ඉවත්කිරීමේ සැත්කමට රාගම රෝහලේදී ලක්වීමෙන් පසුව සිහිය නොමැතිව එම රෝහලේ හදිසි ප්‍රතිකාරක ඒකකයේ (අයි.සී.යූ.) මාස තුනක් ගතකළ බවත් පසුව එම රෝහලේම ස්නායු වාට්ටුවේ මස එකහමාරක් ප්‍රතිකාර ලැබීමෙන් පසුව රාගම පුනුරුත්ථාපන රෝහලේ මාස 4 ක් ප්‍රතිකාර ලැබුවද ඇය තවමත් ලෙඩ ඇඳේ සිටින බවත් පියා කීය.
ශල්‍යකර්මය කළ වෛද්‍යවරයාගේ කිසියම් දුර්වලතාවකින් සිය දරුවාට මෙම තත්වයට පත්වීමට සිදුවූ බවට විශ්වාස කරන බව කී ගයනිගේ පියා මේ පිළිබඳව සාධාරණය ඉල්ලා කොළඹ අලුත්කඩේ අධිකරණයේ නඩු පැවරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම විය යුතු දෙයක්. ලංකාවෙ GMOA නඩය ඇතුලු බහුතරයක් වෛද්‍යවරු අනෙකුත් සෑම වෘත්තියකටම බාල්දි පෙරලුවට තමාගෙ ක්ෂේත්‍රයෙ සිදුවන අකටයුතු කම් දන්නෙ නෑ. හොරට ලක්ශ ගනන් අතිකාල ගන්න ඒවා. ඔව්න්ගෙ වරදින් රෝගීන් මියයන ඒවට කතා නෑ. මෙවැනි සිද්දි ඕනි තරම් තියෙනව.නමුත් ඒවා නියාමනය කරන්න ආයතන නෑ. අනිවර්යෙන්ම වෙනම අපක්ෂපාති විදේශ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් ස්තාපිත කළ යුතුයි.
This surgeon should refrain from doing surgery. He is not fit.
සමහර මෝඩයන් සිතන්නේ ශල්‍ය වෛද්‍යවරුන් නිර්වින්දනය කරන බවයි.
නීති ආධාර පදනම මේ වගේ අයට උදව් කරන්න ඕන . වෙන රටක උනානං දොස්තරගේ ලයිසන් එක කැන්සල් කරනවා
මාධ්‍යයත් ජනතාවගෙන් කොටසකුත් එකතුවී වෛද්‍ය සාෆි ට ත්, ඔහුගේ සේවය ලැබූ ජනතාවටත් කල අපරාධය අමතකද? මේ මිනිහා ගෙන් වන්දි ගන්ට අපේක්ෂා කරන කොතෙකුත් කතන්දර කාරයෝ දැන් එලියට ඒවි! පරීක්ෂණ ප්‍රතිපල ලැබෙනකන් වත් ඉවසුවොත් නරකද මිනිහා එල්ලුන්ගස් යවන්ට!
මෙවැනිම සිදුවීමකට ලංකාවේ ඉතා ප්‍රසිද්ද නීතිඥයමහතකු , තම දරුවාට ප්‍රතිකාර කල , ළමාරෝග පිලිබද මහාචාර්‍යවරියකට විරුද්දව, තම දරුවා මියයාම නිසා, නීතිය ඉදිරියට ගියවිට , දරුවාවෙනුවෙන් රුපියල් කෝටි ගනනක වන්දියක් ගෙවීමට, සිදුවූ අවස්තාවක් මීට වසර කීපයකට ඉහතදී සිදුවුනා. එම මුදල හෙතෙම එම මොහොතේම දරුවන් වෙනුවෙන් වන අරමුදලකට පරිත්‍යාග කරලබාදුන් ආදර්ශය අමතකද ?