කොවිඩ් ආසාදිතයන් 296 ක් කොවිඩ් ආසාදිතයින් තව 296 ක් අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 21 March 2022
පොලිසියට පාට් දැමූ රෝද තුනේ රියදුරුට ඇප දෙමටගොඩ ඉන්ධන පෝලිමකදී පොලිස් නිලධාරියකු තල්ලුකර සාපරාධී බලවත්කාරය පෑ බව කියන ත්‍රීරෝද රථ රියැදුරකු රුපියල් ලක්ෂ 10ක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස වැඩබලන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (21) නියෝග කළේය. 21 March 2022
ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල පැවැත්වෙයි ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2022 ඊයේ (21) පැවැත්විණි. 21 March 2022
රේල් පාරේ යකඩ ගැලවූ අටක් අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවල දුම්රිය මාර්ගවල පීලි සවිකිරීමට යොදා ගන්නා යකඩ පට්ටම් සහ ඇණ ගැලවූ බව කියන අට දෙනකු සමග එම පට්ටම් 553ක් හා ඇණ 323ක් සහ ඒවා ගැලීවීමට යොදා ගන්නා යකඩ ඉනි දෙකක් සහ ප්‍රවාහනයට යොදාගත් ලොරි රථ තුනක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 21 March 2022
ඩී.අයි.ජි. නම විකුණා ගණිකා මඩමක් දාලා නියෝජ්‍ය පොලිස්පතිවරයකුට අයත් බව පවසමින් පිලියන්දල කරදියාන ප්‍රදේශයේ රූමත් තරුණියන් යොදාගෙන පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා තරුණියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු අද (21) සවස අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි 21 March 2022
රත්නපුරේ හෙට පැවැත්වෙන උත්සවයක් ගැන ජනතාව කනස්සල්ලෙන් උත්සව ඇතුලූ අනවශ්‍ය වියදම් අඩු කරන ලෙස භාණ්ඩාගාරය රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ආදී රාජ්‍ය ආයතනවලට දන්වා තිබියදි මිලියන ගණනක් වැයවන උත්සවයක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රත්නපුරේ දි පැවැත්වීම ගැන මහජනතාව මෙන්ම රජයේ නිලධාරීහූ ද සිය කණගාටුව පළකරති. 21 March 2022
හිටිහැටියේ අහසින් වැටුණු යානය 132 දෙනකුට මරු කැදවමින්, චීනයේ ’චයිනා ඊස්ටර්න්’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය හිටිහැටියේ බිමට කඩා වැටෙන අයුරු දැක්වෙන සීසීටීවී වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට විදෙස් මාධ්‍යවලට ලැබී ඇත. 21 March 2022
නැති බනේ කියා වැඩි මිලට ඩීසල් විකුණා අමාරුවේ කොබෙයිගනේ ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලක ඉන්ධන තොග සඟවාගෙන පාරිභෝගිකයන් නොමග යවමින් වැඩි මිළට ඉන්ධන අළෙවි කළ එම ඉන්ධනහල වටලා සුපර් ඩීසල් ලීටර් 23,000ක් සහ ඩීසල් ලීටර් 7000ක් සිය බාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි. 21 March 2022
මල්වතු - අස්ගිරි නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා යෝජනා 13ක් ඇතුළත් ලිපියක් තිබ්බටුවාවේ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් සහ වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (21) බාරදෙනු ලැබීය. 21 March 2022
මත්පැන් බෝතලේ ආරක්ෂක ස්ටිකරය අනිවාර්ය කෙරෙයි දේශීය මත්පැන් සඳහා ආරක්ෂක ස්ටිකරයක් ඇලවීම ලබන අප්‍රේල් මස පළවෙනිදා සිට අනිවාර්ය කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 21 March 2022
අදත් කොවිඩ් මරණ 5 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 5 දෙනකු ඊයේ (20) දිනයේත් මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 March 2022
ජයවර්ධනපුර රෝහල ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරයි ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය නිමිති කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල මගින් සංවිධානය කළ සැමරුම් උළෙලක් එම රෝහල් පරිශ්‍රයේ දී අද (21) පැවැත්විණි. 21 March 2022
ජාතික ආර්ථිකය ගොඩගන්න කඩිනම් යෝජනා 5 ක් ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා ජනාධිපතිවරයා පත්කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා යෝජනා පහක් ඉදිරිපත් කර තිබේ. 21 March 2022
හෙටත් පැය 5ක විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (22) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (21) පස්වරු පැවසීය. 21 March 2022
ජාත්‍යන්තර ඇමැතුම් ගාස්තු ඉහළ දාන්න අවසර ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. 21 March 2022
ඉන්දීය ඩීසල් ගොඩබිමට ඉන්දීය ණය ආධාර ඉන්ධන යටතේ ඩීසල් මෙට්‍රික්ටොන් 35,000 සහිතව අද අළුයම ළගාවූ නෞකාවේ ඩීසල් තොගය පෙරවරුවේ සිට ගොඩබෑම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නිලධාරියෙක් පැවසීය. 21 March 2022
ලිට්රෝ ගෑස් තොග හෙටින් ඉවරයි ලිට්රෝ සමාගම සතු ගෑස් තොග හෙට (22) රාත්‍රී අවසන්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 21 March 2022
ඇමෙරිකා තානාපතිනිය රනිල් හමුවෙයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (21)සිදුව තිබේ. 21 March 2022
දෙමටගොඩ රුවන් 4 දා තෙක් යළි රිමාන්ඩ් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 04 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (21) නියෝග කළේය. 21 March 2022
එජාප සත්‍යග්‍රහයට සියලු පක්ෂවලට එන්න කියයි ආණ්ඩු මාරු වුණත් ප්‍රතිපත්ති මාරු නොවන පොදු ප්‍රතිපත්තියක් සඳහා සියලුම පාර්ශව එකම වේදිකාවකට ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය සඳහා සියලුම පක්ෂවලට ආරාධනා කිරීමට තීරණය කර තිබේ. 21 March 2022
චීන පොහොර නැව ආයෙත් අනිවාර්යෙන්ම ලංකාවට එනවා චීන පොහොර නැව අනිවාර්යෙන්ම නැවත ලංකාවට එන බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. 21 March 2022
චීන ගුවන් යානයක් කඩා වැටේ එකසිය තිස් තුන් දෙනකු රැගත් චීන මගී ගුවන් යානයක් කඩා වැටුණි. මෙය ‘චයිනා ඊස්ටර්න්’ ගුවන් සේවයට අයත් රට අභ්‍යන්තර ගුවන් යානයකි. 21 March 2022
ඉන්ධන ප්‍රශ්නෙන් ගුවන් කුරුල්ලෝත් නිහඬ වෙති ඉන්ධන ප්රශ්නය නිසා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සහ හෙලිකොප්ටර් පියාසර කිරීම්ද සීමා කර ඇතැයි ගුවන් හමුදාව පවසයි. 21 March 2022
තලෙයිමන්නාරමේ සිට තමිල්නාඩුවට පිහිනු ඔටිසම් දැරිය ඔටිසම් රෝගයෙන් පෙළෙන විශේෂ අවශ්‍යතා සහිත දැරියක් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩුව දක්වා පිහිනා වාර්තාවක් තබා ඇත. 21 March 2022
පෙම්වතිය මරා කැලණි ගඟට දාලා ගම්පහ දොරණාගොඩ ප්‍රදේශයේ නිවසේදී තම පෙම්වතියව ගෙල සිරකර ඝාතනය කර ඇති පෙම්වතා ඇයගේ මළ සිරුර කාර් රථයකින් රැගෙන ගොස් වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේදී කැළණි ගඟට දමා තිබියදී සොයා ගෙන ඇති බව බෙම්මුල්ල පොලිසිය ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ අද (21) කරුණු වාර්තා කළේය . 21 March 2022
අන්තර් පාර්ලිමේන්තු සංසදයේ පළමු සැසිවාරය අන්තර් පාර්ලිමේන්තු සංසදයේ පළමු සැසිවාරය ඉන්දුනීසියාවේදී ආරම්භ කෙරිණ. 21 March 2022
ශ්‍රී ලංකාව චීනයෙන් ලොකු ණයක් ඉල්ලයි ශ්‍රී ලංකා රජය චීනයෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් ඉල්ලා ඇති බවත් එම මුදලෙන් ඩොලර් බිලියනයක් සෘජු ණයක් ලෙසත් ඩොලර් බිලියන 1.5 ක් වෙනත් ණය මාර්ගවලින් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් මහතා අද (21) පැවසීය. 21 March 2022
අලුත් විස්සෙ කාසි දෙකක් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හා මේරට ප්‍රථම ජන හා නිවාස සංගණනයට වසර 150ක් පිරීම නිමිත්තෙන් රුපියල් විස්සක මුහුණත වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහභාගිත්වයෙන් අද (21) සිදුවිය. 21 March 2022
සජබ සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරයි සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. 21 March 2022
බොරතෙල් මිල යළි ඉහළට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල නැවතත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 21 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026