IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැතිවරණ කල්දැම්මොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා

(ඩයනා උදයංගනී)

ජනතාව හමුවට ගොස් මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නොමැති නිසා ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය ද කල්දැමීමට ජනාධිපතිවරයා උත්සාහ ගන්නා බවත්, එසේ මැතිවරණ කල්දැමීමට ඉඩනොදෙන බවත් නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

මැතිවරණ කල්දැමීමට එරෙහිව පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂයක් ලෙස එක්වී කටයුතු කිරීමටත්, අධිකරණය ඉදිරියටයාමටත් කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පළාත් පාලන ආයතන සම්බන්ධ මැතිවරණ නීතියට වැදගත් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරමින් ඒවායේ මන්ත්‍රී සංඛ්‍යාව වෙනස් කිරීමට හා සභාපතිට ඇති බලතල කමිටුවකට පැවරීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය මෙහි එකම අරමුණ මැතිවරණ කල්දැමීම බවත්, දිගින් දිගටම මැතිවරණ කල්දමමින් දේශපාලන බලය භුක්ති විඳීමට ආණ්ඩුව සැරසෙන බවත් හෙතෙම කීය

මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පළාත් සභා මැතිවරණත් දින නියමයක් නොමැතිව කල්දමමින් ජනතාවගේ සර්වජන ඡන්දබලය සම්පූර්ණයෙන් අහෝසි කළ ආණ්ඩුව දැන් පළාත් පාලන ආයතන සම්බන්ධවත් එයම කිරීමට සැරසෙන බව මන්ත්‍රීවරයා පැවසීය.

ජනතාවගේ ඡන්දයදීමේ අයිතිය රැකගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කළ හැකි සියල්ල කරන බවත්, එසේ නොකළොත් කිසිම මැතිවරණයක් නැතිවිය හැකි බවත් කී ජී.එල්.පීරිස් මහතා එයට කිසිසේත් ඉඩනොදෙන බව ද කීවේය.

22 වන සංශෝධනට සහය නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙන ඇති තීරණය අනුව රටේ තියෙන්නේ ජනාධිපතිවරයා මෙහෙයවන ආණ්ඩුවක්ද එසේත් නැතිනම් අදෘෂ්‍යමාන හස්තයක් විසින් ජනාධිපතිවරයාව මෙහෙයව ආණ්ඩුවක් ද යන ගැටලුව ඇති වන බවත්, ද්විත්ව පුරවැසියකුට ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි බවට හා පාර්ලිමේන්තුවේ අසුන්ගත නොහැකි බවට වන සශෝධනය තිබෙන තාක් මෙම සංශෝධනය නීතිගත කළ නොහැකි බව ද ප්‍රකාශ කළේය.

එය පසුපස සිටින අදෘෂ්‍යමාන බලවේගය කවුරුන්ද යන්න සියලු දෙනා දන්නා බව ද මන්ත්‍රීවරයා පැවසීය. 



අදහස් (9)

මැතිවරණ කල්දැම්මොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා

ravin Monday, 10 October 2022 03:13 PM

දවල්ද? හිටන් මහින්ද රාජපක්ෂව අගමැති කරපු වෙලේ මොකද කිව්වේ?

:       0       6

kanishka herath Monday, 10 October 2022 03:14 PM

දැන් ඔය කෙරුවාවල් මදැයි... කරුණාකර බණක් භාවනාවක් කරගෙන ඉන්න. ඒ පැත්තට, මේ පැත්තට පැන්නා මදැයි.. දැන් අමාරුයිනේ... කරන මිනිහෙක් කරගනියි.

:       0       9

Lak SamanMonday, 10 October 2022 04:37 PM

එහෙම කොහොමද අඩුම ගණනේ ඇමැතියෙක් වෙලා මැරුණොත් මෙහිදී ලැබෙන රාජ්‍ය අනුග්‍රහය නිසා යමපල්ලෙක් වත් වෙන්න ලැබෙයිනේ... ඒකට තමයි වලපයයි, ගොඩපයයි තියාගෙන මෙච්චර දඟලන්නේ...!

:       0       5

dhamneth Monday, 10 October 2022 04:08 PM

ඔයා නඩුවේ සිටිනවා නම් මැතිවරණ කල් දැම්මට කමක් නැහැ නේද?

:       0       4

විපරමා Monday, 10 October 2022 09:46 PM

දූෂිත රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු කාලේ හැම දේකට එහෙයි කියපු මනුස්සයා. මෙයා කල් ඉකුත්වූ මහාචාරියෙක් .මැතිවරණයක් තිබ්බත් මේ වගේ පනින රිලවුන් ජනතාව පිළගන්න එකක් නැහැ .

:       0       1

Saththaya Monday, 10 October 2022 09:48 PM

රටම බංකොලොත් කරන්න උල්පන්දන් දීල දැන් වයස මදි නේද පව් සමා කරගන්න . ඊලග ආත්මෙදීවත් යහපත් පුරවැසියෙක් වෙන්න බලන්න , දැන්ම බණක් භාවනාවක් පටන් ගන්න . පින් රැස් කරගන්න.

:       0       1

Perera Tuesday, 11 October 2022 05:16 AM

අධිකරණ තීන්දු මෙයාලට ඕන විදියට නොලැබුනොත් මොකද කරන්නේ,?

:       0       1

Bamunuarachchi Tuesday, 11 October 2022 06:55 AM

අපිට පළාත් පාලන චන්ද එපා එපා එපාමයි. පැරණි දිසාපති කොමසාරිස් පාලනයට ක්‍රමයට යමු. .

:       1       0

Hemantha kumara Tuesday, 11 October 2022 08:45 AM

දැන් ඔයා රනිල් රාජපක්ෂ හවුලේ නොවෙයිද.?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site