(යොහාන් භාසුර)
බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවකට ගෙවීමට ඩොලර් කෝටි 7 ක් හෙවත් රුපියල් කෝටි 2500 කට අධික මුදලක් නොමැති වීමෙන් දින 20 ක කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකු අද (10) පැවසීය.
මෙම නෞකාව නැංගුරම්ලා තිබෙන දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්‍ෂ එකහමාරක් ගෙවියයුතු බව කී එම නිලධාරියා ඒ අනුව එම නෞකාවට මේ වන විට ඩොලර් ලක්‍ෂ 30 ක් හෙවත් රුපියල් කෝටි 110 ක් අධික ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවන බව ද සඳහන් කළේය.
කොරල් එනර්ජි සමාගමෙන් ඇනවුම් කළ ඌරල් නැමැති බොරතෙල් අඩංගු මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවූ බවත් එය නිදහස් කරගැනීමට මුදල් අමාතයංශය සහ භාණ්ඩාගාරය සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බවත් එම නිලධාරියා කීය.
ඌරල් නැමැති බොරතෙල් වර්ගය ප්‍රමිතියෙන් තොර බවට මේ වන විට චෝදනා එල්ල වෙමින් තිබෙන අතර එවැනි බොරතෙල් වර්ගයක් තව දුරටත් ආනයනය කිරීම සම්බන්ධයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවවලින් විරෝධය එල්ල වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ කොමිස්ද මේ? හෙණ ගහන්න ඕනේ... අපේ සල්ලි වලින් සාක්කුව පුරවා ගත්තාම ඇති...
මේ බොරතෙල් රුසියාවෙන් ගෙවන ඒවද? රුසියාවෙන් ගෙවන බොරතෙල් නම් අපේ පිරිපහදුවට ගැලපෙන්න ඕනෑ. අපේ පිරිපහදුව ඉදිකළේ රුසියාව...
මෙම ගනුදෙණුවලට හවුල් ඔක්කොගෙන්ම පාඩුව අයකරගත යුතුයි.
වත්මන් තෙල් ඇමැති කාංචනට Twitter ඇමැති කියලා නම්කළ එක හරියටම හරි... මේ පාඩුවත් විඳින්න වෙන්නේ රටේ ජනතාවට මිස Twitter ඇමැතිට නොවේ.
මේ නාස්ති කිරීම නැති කරන්න බැරිද? මුදල් සොයාගෙන ඉන්ධන හෝ බොරතෙල් ඇනවුම් කලොත් නාස්තිය නැතිවෙන්නෙ නැද්ද? හිගමනේ සිටිමින් ජනතා මුදල් නාස්ති කරන්න එපා. ඔහොම කළාම පොලියත් සමග විඳවන්න ලැබෙනවා කියලා හිතන්න ඉස්සර කිව්වේ අපායට යන්න ඕනෑ නම් කරන්න ඇමැතිකම එක දවසකට කියලයි.
මේ දේශපාලකයින්ට නම් හෙණ 7ම වදින්න ඕනෑ... මේ කරන අපරාධයට.
ආසියාවේ හොඳම මොලයත්, වැඩකරන විරුවාගේ මොලයත් අතර වෙනස සෙන්ටි මීටර වලින් මැනිය හැකි බව මේ පුවතින් මට පෙනී යයි.. ඔහෙලා කොහොමද?
එක්ව නැගිටින්න හදන පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ට බැරියැ හොරාකාපු ඩොලර් වලින් ඔය මුදල ගෙවාදාන්න. දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදී දේශපාලුවන් රටට කරපු විනාසේ...?
මිස්ට රනිල් රාජපක්ෂ උන්නැහේ මේවා ද මේ රටේ ඉතුරු කරලා ජනතාවට දෙන සහන? හැබැයි මේ රටේ අය කුලප්පු වුණු දවසට පොලිසිය නේවි රුසියානු හමුදාව දාලාවත් බේරෙන්න බැරිවෙයි. අරගලය නවතන්න මිනිස්සු විඳින පීඩාව පුපුරලා ගිය දවසට 225 යන්නේ හොම්බෙන් ඕං..
ඔක්කොටම කලින් යල්පිනූ සපුගස්කන්ද වහල දාන්න...