(අංජුල මහික වීරරත්න)
පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අඩු පහසුකම් ජනාවාස ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.
මහා භාණ්ඩාගාරයට බරක් නොවී එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් සපයා ගැනීමට විකල්ප ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
ආසියානු යටිතල පහසුකම් සහ ආයෝජන බැංකුවේ ණය ආධාර මත නිවාස ඒකක 5500ක් ඉදිකිරීමට ද යෝජනා වී ඇත. එයින් මහල් නිවාස ඒකක 4074ක ඉදිකිරීම් කටයුතු මේ වනවිටත් අඛණ්ඩව සිදුකරමින් පවතින බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එමෙන්ම චීන ජනරජයේ ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත යුවාන් මිලියන 552ක මුදලක් උපයෝගී කරගෙන අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙන්ම කලාකරුවන් සඳහාත් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එම ව්‍යාපෘතිය යටතේ පෑලියගොඩ, මොරටුව, දෙමටගොඩ, මහරගම සහ කොට්ටාව ප්‍රදේශවල නිවාස ඒකක 2000 ක ඉදිකිරිමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
එමෙන්ම රාජ්‍ය හා පුද්ගලික අංශයේ හවුල්කාරීත්වය යටතේ අඩු පහසුකම් ජනාවාස සඳහා නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද ප්‍රමුඛතාවය ලබාදෙන බවද අමාත්‍යවරයා පවසයි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ගෙවල් කඩිනමින් හදන්න උපදෙස් දෙයි
fairoos Monday, 10 October 2022 12:36 PM
මේ වගේ සුරංගනා කතාවලට රැවටෙන බයි වහල්ලු ඉන්නකන් රට ඉවරයි..
Sunil Monday, 10 October 2022 01:41 PM
හදයි රටේ සතයක් නැතුව .මෙවා සුරංගනා කතා
jayanimal Monday, 10 October 2022 03:41 PM
මෙයා හදන්නේ ඉක්මණින්ම රටේ ඉතුරු ටිකත් හොරාකන්න. අපි නොදන්න ප්‍රසන්න..
දාස Monday, 10 October 2022 04:08 PM
කප්පමට ඉල්ලපු සල්ලි ලැබුණද ළමයෝ?
ගමේ එකාලා Monday, 10 October 2022 05:52 PM
පවුලේම අය දේශපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු හැටි රටම දන්නවා .. රටම බංකොලොත් කරපු දූෂිත දේශපාලුවන් කොහේ ගෙවල් හදන්නද?