
(සුජිත් හේවාජුලිගේ)
හොරකම් නොකරන මිනීමැරුම් නොකරන රට වෙනුවෙන් කැපවන තරුණ නායකයන් නිර්මාණය කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
"රටේ පාලනයට අපි දැන් නාකි වැඩියි" යැයිද ඇය සඳහන් කළාය.
ඇය මෙසේ පැවසුවේ ත්‍රිකුණාමලයේ ආනන්ද අමරපුර ධර්මරක්ෂිත මහ නිකායේ මහා නායක හිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඉදිරිපත් කෙරෙන තරුණ නායකයන් පවුලෙන්ම විය යුතු නැති බව ප්‍රකාශ කළ කුමාරතුංග මහත්මිය අත්තනගල්ලේ ඕන තරම් හොඳ උගත් තරුණයන් සිටින බවද පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය බිහිවෙලා ඉන්නේ සංවර්ධනේ කියලා රැළක්... තාත්තා කරපු දේ නොකළා නම් එයා නොට්ටිගේ පුතාලු...
බොරු කියන නායකයන්ද අපට අවශ්‍ය නෑ. ලංකාවේ මෙම තත්වය, බලය සඳහා බොරු කියූ නායක නායිකාවන්ද වගකිව යුතුයි.
එහෙම අවංක, දක්ෂ තරුණ නායකයින් එක්කෙනෙක් ගැන අහලා තියෙනවා. ඉදිරියට රට බාර දෙන්න පුළුවන්... එයාගෙ නම විමුක්ති කුමාරණතුංග නේද මැඩම්?
කාලෝචිතම සැබෑ ප්‍රකාශයක්, බලලෝභී අයට, පවුල් පාලනයක් අවශ්‍ය අයට නියමෙට වදියි.
වොටර්ස් එජ් ඩීල් නැති, විස්කි බොන්නේ නැති, වෙලාවට වැඩ කරන, හිටගෙන බොරු කියන්නේ නැති, දෙවෙනි පාරටත් ආර්ථිකය ඍණ කරන්නේ නැති තරුණ කෙනෙක් නම් වඩාත් හොඳයි.
හරි මැඩම්, ලංකාවේ පවුල් දෙශපාලනය මෙතැනින් පස්සෙ ඉවරයි. අවුරුදු හැත්තෑ හතරකින්, අවුරුදු පනස් ගාණක්ම පවුල් දෙශපාලනේ කළා. දැන් රට විනාශ කරපු අයගේ දරුවන්ට මේ රට බාර දෙන්නද හදන්නේ? එහෙනම් රටට අඹ සරණයි...!
කලුතර රැළියට ගිහින් හුරේ දාපු බයි වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.
මැඩම්...! පවතින වාතාවරණය අනුව ඒක කරන්න ගොඩක් අමාරුයි...
ඒක තමයි, ඔයා ගේන්න නෝනේ ඔයාගෙ පුතාව බය නැතුව දේශපාලනයට...!
වික්ටර් අයිවන් "චවුර රැජිණ" ලිව්වේ කා ගැනද නෝනේ...? මේ පොතට කිසිම අභියෝගයක් කළේ නැහැ නේද?
තරුණ කියන්නේ වයස කීයේ විතරද පමණද මැඩම්? ගූගල් කලාම තරුණ කියන්නේ වයස අවුරුදු 14-23 අතර කට්ටිය. ඔය වයසේ අය හොඳද?