IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හොරමැරකම් නැනි තරුණ නායකයන් බිහි කළ යුතුයි

(සුජිත් හේවාජුලිගේ)

හොරකම් නොකරන මිනීමැරුම් නොකරන රට වෙනුවෙන් කැපවන තරුණ නායකයන් නිර්මාණය කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

"රටේ පාලනයට අපි දැන් නාකි වැඩියි" යැයිද  ඇය සඳහන් කළාය.

ඇය මෙසේ පැවසුවේ ත්‍රිකුණාමලයේ ආනන්ද අමරපුර ධර්මරක්ෂිත මහ නිකායේ මහා නායක හිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉදිරිපත් කෙරෙන තරුණ නායකයන් පවුලෙන්ම විය යුතු නැති බව ප්‍රකාශ කළ කුමාරතුංග මහත්මිය අත්තනගල්ලේ ඕන තරම් හොඳ උගත් තරුණයන් සිටින බවද පැවසුවාය.



අදහස් (11)

හොරමැරකම් නැනි තරුණ නායකයන් බිහි කළ යුතුයි

ravin Monday, 10 October 2022 11:27 AM

දැන් ඔය බිහිවෙලා ඉන්නේ සංවර්ධනේ කියලා රැළක්... තාත්තා කරපු දේ නොකළා නම් එයා නොට්ටිගේ පුතාලු...

:       0       11

සිල්වා Monday, 10 October 2022 11:37 AM

බොරු කියන නායකයන්ද අපට අවශ්‍ය නෑ. ලංකාවේ මෙම තත්වය, බලය සඳහා බොරු කියූ නායක නායිකාවන්ද වගකිව යුතුයි.

:       1       16

සඳුන් Monday, 10 October 2022 11:50 AM

එහෙම අවංක, දක්ෂ තරුණ නායකයින් එක්කෙනෙක් ගැන අහලා තියෙනවා. ඉදිරියට රට බාර දෙන්න පුළුවන්... එයාගෙ නම විමුක්ති කුමාරණතුංග නේද මැඩම්?

:       12       7

jagath Monday, 10 October 2022 11:50 AM

කාලෝචිතම සැබෑ ප්‍රකාශයක්, බලලෝභී අයට, පවුල් පාලනයක් අවශ්‍ය අයට නියමෙට වදියි.

:       5       9

අජිත් Monday, 10 October 2022 12:00 PM

වොටර්ස් එජ් ඩීල් නැති, විස්කි බොන්නේ නැති, වෙලාවට වැඩ කරන, හිටගෙන බොරු කියන්නේ නැති, දෙවෙනි පාරටත් ආර්ථිකය ඍණ කරන්නේ නැති තරුණ කෙනෙක් නම් වඩාත් හොඳයි.

:       2       15

සේනක ඉතාලිය Monday, 10 October 2022 12:04 PM

හරි මැඩම්, ලංකාවේ පවුල් දෙශපාලනය මෙතැනින් පස්සෙ ඉවරයි. අවුරුදු හැත්තෑ හතරකින්, අවුරුදු පනස් ගාණක්ම පවුල් දෙශපාලනේ කළා. දැන් රට විනාශ කරපු අයගේ දරුවන්ට මේ රට බාර දෙන්නද හදන්නේ? එහෙනම් රටට අඹ සරණයි...!

:       0       14

fairoos Monday, 10 October 2022 12:30 PM

කලුතර රැළියට ගිහින් හුරේ දාපු බයි වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.

:       4       9

LGPJ Monday, 10 October 2022 02:31 PM

මැඩම්...! පවතින වාතාවරණය අනුව ඒක කරන්න ගොඩක් අමාරුයි...

:       0       1

විජේ Monday, 10 October 2022 02:44 PM

ඒක තමයි, ඔයා ගේන්න නෝනේ ඔයාගෙ පුතාව බය නැතුව දේශපාලනයට...!

:       5       2

සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 10 October 2022 05:06 PM

වික්ටර් අයිවන් "චවුර රැජිණ" ලිව්වේ කා ගැනද නෝනේ...? මේ පොතට කිසිම අභියෝගයක් කළේ නැහැ නේද?

:       1       0

bamunuarachchi Tuesday, 11 October 2022 07:17 AM

තරුණ කියන්නේ වයස කීයේ විතරද පමණද මැඩම්? ගූගල් කලාම තරුණ කියන්නේ වයස අවුරුදු 14-23 අතර කට්ටිය. ඔය වයසේ අය හොඳද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site