IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොටුවේ කත බිලියනයක් වංචා කරලා

(ඉන්දිකා රාමනායක සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය)

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින්  රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගෙන වංචා කළ බව කියන ව්‍යාපාරික කත   සැංග්‍රිලා හෝටලයේ අධි සුඛෝප නිවසක වසර 1 1/2 පුරා වෙන්කවාගෙන මෙම වංචාව කර  ඇති බවට තොරතුරු හෙළිව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍ය ස්ථානයේ 34 වැනි මහලේ ය ආයතනයක් පවත්වාගෙන යමින් කාන්තාව ව්‍යාපෘති ආයෝජනය සදහා යැයි පවසමින් මෙම වංචාව කර ඇතැයි ද පොලිසිය කියයි.

මෙම සැකකාරිය අදාල හෝටලයේ අධි සුභෝගි නිවසක් ( ස්ටිට්) වෙන්කරවාගෙන ඒ තුළ රැදී සිටිමින් මෙම වංචාව සිදුකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

විදේශය රටවල සිට එම හෝටලයට පැමිණෙන ප්‍රභූන් වෙනුවෙන් මෙරට ප්‍රභූ පුද්ගලයන්  වෙන්කර ගන්නා නිවාස බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම හෝටලයට අමතරව සැකකාරිය කොළඹ අවට සුඛෝපභෝගී මහල් නිවස කිහිපයකත් රැදී සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

රජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන්ගෙන්  රුපියල් කෝටි 250 ක ට අධික මුදල් ආයේජනය කළ බවට පැමිණිලි 8 ක් මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඇතැම් පුද්ගලයන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී තිබුණද ඔවුන් එතරම් විශාල මුදල් ලබා දීම සම්බන්ධයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට විමර්ශන ආරම්භ කර ඇතැයි බියෙන් පැමිණිළි කිරීමට පැමිණ නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

දැනට මෙම සැකකාරිය රුපියල් බිලියනය අධික මුදල් චංචා කර ඇති බවට සැකකරන බවත්, පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව හෝමාගම, කොළඹ , කඩුවෙල අධිකරණ වල තවත් නඩු විභාග වෙමින් පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මුදල් ආයෝජනය කළ පිරිස අතර අමැති ඇමැතිවරුන්, හිටපු මැති ඇමැතිවරුන්, ප්‍රභූපුද්ගලයන්, ව්‍යාපාරිකයන්, නළු නිලියන්, ප්‍රසිද්ධි චීවරධාරීන්, ඇතුලු සමාජයේ ඉහළ පැලැන්තියේ ජනප්‍රිය පුද්ගලයන් සිටින බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකාරියට එරෙහිව ලැබී ඇති පැමිණි 8 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

සැකකාරියට රුපියල් කෝටි 10 ක මුදලක් ලබා දුන් බව කියන හිටපු ආණ්ඩුකාරවරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර ඇති අතර, අවස්ථා තුනකදී ඇයට මුල් ලබා දුන් බවට ඔහු පැමිණිළි කර ඇත.

මෙම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ලබන 19 දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇත.

 



අදහස් (5)

කොටුවේ කත බිලියනයක් වංචා කරලා

ජගත් ලියනගේ Sunday, 09 October 2022 10:34 PM

බයේ බෑනේ . මගේ නමත් එළියට එයි කියල .

:       0       25

don Monday, 10 October 2022 07:37 AM

ඔන්න රාජසන්තක කරනවා නම් රටේ හොරා කාපු සල්ලි

:       1       4

KUMARA Monday, 10 October 2022 09:48 AM

චීන ණය/දූෂිත මුදල් කොටසක් ඇගේ සාක්කුවට ගියා. ඇය දක්ෂයි

:       0       4

සඳුන් Monday, 10 October 2022 11:38 AM

මෙවැනි මහා පරිමාණ වංචාවලින් බේරීමට දේශීය වශයෙන් සාර්ථකම උපක්‍රමය වන්නේ මොන උපක්‍රමයකින් හෝ ජනපති පුටුවට පැනගෙන මුක්තිය ලබාගැනීමයි.

:       1       9

Hemantha Monday, 10 October 2022 02:15 PM

ලංකාවේ ඩොලර් ටිකට වෙලා තියෙන්නෙත් ඔය හෙනේම තමයි. හරියට බැලුවොත් ඕවා හංගගෙන ඉන්න අය හොයාගන්න බැරිවෙන එකක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site