IMG-LOGO

ගාලුමුව දොරදී 6 ක් පොලිස් බාරයට

(යොහාන් භාසුර)

අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ අරගලකරුවන් සැමරීම වෙනුවෙන් ‘අරගලයේ ජනතා විරු සමරුව’ ලෙස කොළඹ ගාලුමුවදොරදී අද (9) පස්වරුවේ පැවැති විරෝධතාවට සහභාගී වී සිටි පුද්ගලයන් හය දෙනකු භාරයට ගත් බව කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කොළඹ මාධ්‍යම කොට්ඨාසයේ නිලධාරීන් එහිදී උද්ඝෝෂයන් භාරයට ගෙන ඇති බවත් එම පිරිස භාරයට ගත්තේ කුමන හේතුවක් මත ද යන්න නිෂ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් එම නිලධාරියා කීය.

භාරයට ගත් පිරිස පිළිබඳ වැඩි විස්තර පසුව ලබාදෙන බව ද එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.

උද්ඝෝෂකයන් පස්වරු 5.30 ට පමණ ගාලුමුවදොර ප්‍රධාන මාර්ගයට පිවිස පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාව ආරම්භ කිරීමත් සමඟ පොලිසිය එම විරෝධතාව නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් ඔවුන් ඉවත් කිරීමට පියවර ගැනීමෙන් පසුව උද්ඝෝෂකයන් ගාලුමුවදොර ක්‍රීඩාංගණයට පිවිසි අතර එහිදී පොලිසිය උද්ඝෝෂකයන් පන්නමින් කීපදෙනකු භාරයට ගත්තේය.

(ඡායාරූපය: ළහිරු හර්ෂණ)

 

 

 



අදහස් (23)

ගාලුමුව දොරදී 6 ක් පොලිස් බාරයට

Oscar Sunday, 09 October 2022 10:01 PM

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ අය සහ සැලසුම පිටුපස සිටි අය සොයා ගැනීමට පොලිසියට තවමත් නොහැකි වී තිබේ. ඔවුන්ට අත් අඩංගුවට ගත හැක්කේ අහිංසක සිවිල් වැසියන් පමණි. ඔබට ඒ ශාපය ලැබෙනු ඇති අතර ඔබ කිසිදා සමෘද්ධිමත් නොවනු ඇත.

:       107       624

wahaldeepe Sunday, 09 October 2022 10:06 PM

වහල් සුනකයෝ

:       64       399

ජගත් ලියනගේ Sunday, 09 October 2022 10:24 PM

ඔන්න , මානව හිමිකම් කවුන්සලය , අවි අමෝරාගෙන එනව එහෙම නෙවෙයි . අපේ පොලිසිය හරි හොඳයි .

:       51       324

Bamunuarachchi Monday, 10 October 2022 05:47 AM

මොවුන් වගේ අමනයින් ලෝකේ කොහේවත් නැතුව ඇති. ගහනකොට මේ කාලකන්නි දිව්වා නම් අර ළමයි පෑගිලා මැරෙන්නේ. කෝ දමිතා කියන උන්දැත් ඇවිත් හිටියාද? එන්න බය ඇති. පොලිසියත් අත ගානවා. පොලිස් බාරයට ගන්න හේතු පෙන්වන්න බැරිනම් කොනක ඉඳන් ගහන්න. ගහන්න හේතු ඕනෑතරම් දෙන්න පුළුවන්...

:       25       9

Theshan Monday, 10 October 2022 05:48 AM

අත්අඩංගුවට ගත්තු හේතුව කියන්න බැරිනම් ඒ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමක්...

:       0       18

Sunil Monday, 10 October 2022 08:01 AM

මේ වස්තාවේ පොලිස් බල්ලන්ගේ ක්‍රියා පටිපාටිය දැඩි පිළිකුලෙන් හෙලා දකිමි.තරු පටි ලබා දෙනවා නම් මුන් රජයේ නායකයින්ගේ සපත්තු උනත් ලෙව කයි.රට නම් දිනෙන් දින අගාධයට ගමන් කරනවා

:       5       17

නිමේෂ් Monday, 10 October 2022 08:02 AM

රට බංකොලොත් කරපු රනිල් පොහොට්ටු හොරුටික දැන් ලංකාව පාලනය කරන්නේ ,තනිකරම හමුදා රජයක් වාගේ

:       7       16

SanthuTuesday, 11 October 2022 12:21 PM

හමුදා රඡයක් නම් හිතන හිතෙන කතා ලියන්න කියන්න පුලුවන්ද රඡයට එරෙහිව. ඒක වත් දන්නෑ එහෙම කතා හවස 6 වෙද්දි අඳුරෙ උන්න, කොරෝ නැති උනත් මස් නැති උනත් කට වහන් උන්න කෙටි කාලීන ත්‍රස්ත පාලන කාලයක් තිබුන තමා දසක 6කට කලින්. දන්නැත් නම් වැඩි හිටියන්ගෙන් අහන්න.

:       0       0

Kalpa Monday, 10 October 2022 08:23 AM

ශ්‍රී ලංකා මානව හිමිකම් උල්ලංඝණයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉක්මනින් දැඩි තීරණයක් ගත යුතුයි...

:       4       16

ස්ටැන්ලි Monday, 10 October 2022 02:29 PM

මෙම ස්ථානයට කුඩා දරුවන් ගෙනගිය වැඩිහිටියන්ට ළමා රක්ෂණ අධිකාරිය මගින් මුලින්ම දඬුවම් දියයුතුය. අරගල කරුවන් ළමයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය කළබව මානව හිමිකම් සංවිධාන වෙතට දැන්විය යුතුයි. මෙහිදී කුඩා දරුවන් නොමගට යොමුකිරීම සිදුවෙනවා. ඒ ගැන ළමා රක්ෂණ අධිකාරියේ අවධානය යොමුවේවා...!

:       9       8

Sas Monday, 10 October 2022 09:17 AM

පොලීසිය හැසිරෙන්නේ තිරිසන්නු ලෙසට යි.

:       5       20

කිරිපුතා Monday, 10 October 2022 09:53 AM

මේ විකාර අරගල පිටුපස සිටින්නේ අන්තවාදී කල්ලි සහ කොටි ඩයස්පෝරාව. රටට ආදරේ නම් තමතම රාජකාරිය රට වෙනුවෙන් කිරීමත් මැතිවරණයකදී නිවැරදි අපේක්ෂකයින් තෝරා ගැනීමත් කළ හැකියි.

:       20       11

prasanna Monday, 10 October 2022 09:53 AM

ජවිපය සහ පෙරටුගාමීන්...!

:       4       13

මැක්ස් Monday, 10 October 2022 10:07 AM

අරගලය යැයි වර නැඟූ විකාරයට සහභාගි වීම කරණ කොට ගෙන මළ එකකු හෝ නැත. මේ කරන්නේ දරුවන් ද කරපින්නාගෙන විත් රට අරාජික කිරීමට ගන්නා උත්සාහයකි. මානව හිමිකම් ගැන නන්දොඩන්නන් කළ යුත්තේ දරුවන් මෙවැනි තැන්වලට රැගෙන ඒම පිළිබඳ අදාළ දෙමාපියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමයි...

:       103       56

fairoosMonday, 10 October 2022 12:21 PM

මේ වගේ වහල්ලුන් ඉන්නකන් රටට අඹ සරණයි..!

:       67       87

නිමේෂ් Monday, 10 October 2022 12:26 PM

යුරෝපයේ රටක මෙහෙම උද්දමනය වැඩි වුනානම් රටේ ඔක්කොම වගේ මිනිස්සු පාරට බැහැලා, නමුත් අපේ රටේ වැඩිපුරම ඉන්නේ වහල්ලු නිසා, හාම්පුතා ඇවිල්ලා ඇඳන් ඉන්න රෙද්ද ගලවන් ගියත් එකට මුකුත් වරදක් කියන්නේ නැතිව විරුද්ධව නැගීසිටින මිනිසුන්ට විතරක් බැන බැන ඉන්නවා...

:       8       68

sujeewar Monday, 10 October 2022 10:54 AM

දරුවාව උස්සගෙන ඉන්න විදිහෙන්ම තේරෙනවා වෙන අරමුණු මිසක් දරු කැක්කුමක් තියෙන කෙනෙක් නොවන බව...

:       35       30

Santhu Monday, 10 October 2022 12:32 PM

මේ ඉන්නේ රට විනාසයටම ඇද දමන කාලකන්නින්ගේ ඕනෑ වෙලාවක ඕන ජරා වැඩක් කරන්න කුලියට අරන් ඉන්න හෙංචයියලා. එකා දෙකා නෙවෙයා රොත්තම හිර කරන්නයි ඕනෑ. කරන්නෙම රට ආපසු 60 වසරකට ඇද දාන්න. හොඳ වැඩේ ගෝඨා ගෝ හෝම් කියාගෙන ආවාට රනිල් ඇවිත් අරගලය අලකරලා දැන් සෙට් එක නන්නත්තාර වෙලා

:       16       21

fairoosMonday, 10 October 2022 01:43 PM

අරගලය අල උනා තමයි .ඒත් දැන් උඹට සැපද?

:       5       13

SanthuMonday, 10 October 2022 05:04 PM

සැප නෙවේ සතුට... ඒකට අහන්න තියෙන්නේ අල කරගත් අරගලයේ කෙනෙක් වගේ තමුන්ට ඇයි ලැඡ්ඡයිද කියලා..?

:       5       3

lee gunawardena Monday, 10 October 2022 06:52 PM

පොලිසිය හොඳ නාමය නැතිකර ගන්නවා... මේ කරන මෝඩ වැඩවලින්... සාමාන්‍ය අරගල කරුවන්ට හිරිහැර නොකළ යුතුයි.

:       3       2

ganegoda Thursday, 13 October 2022 12:14 PM

අපි මෙ පින්තුර ලෝක ලමා දිනයට මුදා හරිමු

:       0       3

anura nanayakkara Wednesday, 19 October 2022 01:46 PM

කුඩාදරුවන් මෙවැනි තැන්වලට ගෙන ඒම තුළින් කුඩා දරුවන්ට වන හානිය විශාලය. ජවිපෙ/ පෙරටුගාමී මෙහෙයවීමෙන් කරන මම කුඩා දරුවන් නුසුදුසු තැන්වලට ගෙනියන මෝඩ වැඩිහිටියන්ට දඬුවම් පැමිණිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 52 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 236 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site