
(යොහාන් භාසුර)
අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ අරගලකරුවන් සැමරීම වෙනුවෙන් ‘අරගලයේ ජනතා විරු සමරුව’ ලෙස කොළඹ ගාලුමුවදොරදී අද (9) පස්වරුවේ පැවැති විරෝධතාවට සහභාගී වී සිටි පුද්ගලයන් හය දෙනකු භාරයට ගත් බව කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කොළඹ මාධ්‍යම කොට්ඨාසයේ නිලධාරීන් එහිදී උද්ඝෝෂයන් භාරයට ගෙන ඇති බවත් එම පිරිස භාරයට ගත්තේ කුමන හේතුවක් මත ද යන්න නිෂ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් එම නිලධාරියා කීය.
භාරයට ගත් පිරිස පිළිබඳ වැඩි විස්තර පසුව ලබාදෙන බව ද එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.
උද්ඝෝෂකයන් පස්වරු 5.30 ට පමණ ගාලුමුවදොර ප්‍රධාන මාර්ගයට පිවිස පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාව ආරම්භ කිරීමත් සමඟ පොලිසිය එම විරෝධතාව නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් ඔවුන් ඉවත් කිරීමට පියවර ගැනීමෙන් පසුව උද්ඝෝෂකයන් ගාලුමුවදොර ක්‍රීඩාංගණයට පිවිසි අතර එහිදී පොලිසිය උද්ඝෝෂකයන් පන්නමින් කීපදෙනකු භාරයට ගත්තේය.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ අය සහ සැලසුම පිටුපස සිටි අය සොයා ගැනීමට පොලිසියට තවමත් නොහැකි වී තිබේ. ඔවුන්ට අත් අඩංගුවට ගත හැක්කේ අහිංසක සිවිල් වැසියන් පමණි. ඔබට ඒ ශාපය ලැබෙනු ඇති අතර ඔබ කිසිදා සමෘද්ධිමත් නොවනු ඇත.
වහල් සුනකයෝ
ඔන්න , මානව හිමිකම් කවුන්සලය , අවි අමෝරාගෙන එනව එහෙම නෙවෙයි . අපේ පොලිසිය හරි හොඳයි .
මොවුන් වගේ අමනයින් ලෝකේ කොහේවත් නැතුව ඇති. ගහනකොට මේ කාලකන්නි දිව්වා නම් අර ළමයි පෑගිලා මැරෙන්නේ. කෝ දමිතා කියන උන්දැත් ඇවිත් හිටියාද? එන්න බය ඇති. පොලිසියත් අත ගානවා. පොලිස් බාරයට ගන්න හේතු පෙන්වන්න බැරිනම් කොනක ඉඳන් ගහන්න. ගහන්න හේතු ඕනෑතරම් දෙන්න පුළුවන්...
අත්අඩංගුවට ගත්තු හේතුව කියන්න බැරිනම් ඒ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමක්...
මේ වස්තාවේ පොලිස් බල්ලන්ගේ ක්‍රියා පටිපාටිය දැඩි පිළිකුලෙන් හෙලා දකිමි.තරු පටි ලබා දෙනවා නම් මුන් රජයේ නායකයින්ගේ සපත්තු උනත් ලෙව කයි.රට නම් දිනෙන් දින අගාධයට ගමන් කරනවා
රට බංකොලොත් කරපු රනිල් පොහොට්ටු හොරුටික දැන් ලංකාව පාලනය කරන්නේ ,තනිකරම හමුදා රජයක් වාගේ
ශ්රී ලංකා මානව හිමිකම් උල්ලංඝණයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉක්මනින් දැඩි තීරණයක් ගත යුතුයි...
පොලීසිය හැසිරෙන්නේ තිරිසන්නු ලෙසට යි.
මේ විකාර අරගල පිටුපස සිටින්නේ අන්තවාදී කල්ලි සහ කොටි ඩයස්පෝරාව. රටට ආදරේ නම් තමතම රාජකාරිය රට වෙනුවෙන් කිරීමත් මැතිවරණයකදී නිවැරදි අපේක්ෂකයින් තෝරා ගැනීමත් කළ හැකියි.
ජවිපය සහ පෙරටුගාමීන්...!
අරගලය යැයි වර නැඟූ විකාරයට සහභාගි වීම කරණ කොට ගෙන මළ එකකු හෝ නැත. මේ කරන්නේ දරුවන් ද කරපින්නාගෙන විත් රට අරාජික කිරීමට ගන්නා උත්සාහයකි. මානව හිමිකම් ගැන නන්දොඩන්නන් කළ යුත්තේ දරුවන් මෙවැනි තැන්වලට රැගෙන ඒම පිළිබඳ අදාළ දෙමාපියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමයි...
දරුවාව උස්සගෙන ඉන්න විදිහෙන්ම තේරෙනවා වෙන අරමුණු මිසක් දරු කැක්කුමක් තියෙන කෙනෙක් නොවන බව...
මේ ඉන්නේ රට විනාසයටම ඇද දමන කාලකන්නින්ගේ ඕනෑ වෙලාවක ඕන ජරා වැඩක් කරන්න කුලියට අරන් ඉන්න හෙංචයියලා. එකා දෙකා නෙවෙයා රොත්තම හිර කරන්නයි ඕනෑ. කරන්නෙම රට ආපසු 60 වසරකට ඇද දාන්න. හොඳ වැඩේ ගෝඨා ගෝ හෝම් කියාගෙන ආවාට රනිල් ඇවිත් අරගලය අලකරලා දැන් සෙට් එක නන්නත්තාර වෙලා
පොලිසිය හොඳ නාමය නැතිකර ගන්නවා... මේ කරන මෝඩ වැඩවලින්... සාමාන්‍ය අරගල කරුවන්ට හිරිහැර නොකළ යුතුයි.
අපි මෙ පින්තුර ලෝක ලමා දිනයට මුදා හරිමු
කුඩාදරුවන් මෙවැනි තැන්වලට ගෙන ඒම තුළින් කුඩා දරුවන්ට වන හානිය විශාලය. ජවිපෙ/ පෙරටුගාමී මෙහෙයවීමෙන් කරන මම කුඩා දරුවන් නුසුදුසු තැන්වලට ගෙනියන මෝඩ වැඩිහිටියන්ට දඬුවම් පැමිණිය යුතුය.