(චාපා මධුභාෂිණී)
හබරණ සේනාධිරියාගම ප්‍රදේශයේදී තියුණු ආයුද පහරකින් යුද හමුදා සෙබළකු මියගොස් ඇතැයි හබරණ පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සේනාධිරියාගම, පළුගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි බෝඹුගලගේ අජිත් සෝමසිරි නමැති (38) දෙදරු පියෙකි.
ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන බිරියගේ පියා දියණියට ගෙනා අයුතු යෝජනාවකට විරුද්ධවීම නිසා ඇති වූ අරවුලක් අතර තුර තියුණු ආයුද ප්‍රහාරයෙන් හමුදා සෙබලා මරුමුවට පත්ව ඇතැයි පොලිසිය කියයි.
පියාගේ උදළු පහරක් හේතුවෙන් මියගිය අයගේ බිරිය වූ සැකකරුගේ දියණිය ද දියණියගේ උදලු පහරින් තුවාල ලැබූ සැකකාර පියා ද තුවාල ලබා දඹුල්ල රෝහල් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරල තියෙන්නෙ මිනිස් රූපයක් ඇතිව උපන් තිරිසනෙක් එහෙම නැත්නම් තිරිසන් ලෝකයේ සිටින එකෙක් ..තමුන්ගෙ දියණියට අයුතු යෝජනාවක් කලා කියන්නෙ පියෙක් වෙන්න බැහැ ඇත්තටම මේ කාලයේ සතුන් අතරවත් එහෙම තිරිසන් ගති නැහැ. දැන් ඉතින් නිදහස් වෙලා ඇවිත් යෝජනාව ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවි.
තනිකරම උදළු සටනක්නේ...!